BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

හොර්මුස් කලාපයේ දී එක්සත් ජනපද ප්‍රහාරක හෙලිකොප්ටරයක් අනතුරට

T

The Leader Desk

June 9, 2026 • 12:37 PM

හොර්මුස් කලාපයේ දී එක්සත් ජනපද ප්‍රහාරක හෙලිකොප්ටරයක් අනතුරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන පාලනය යටතේ දැනට පවතින හෝර්මුස් කලාපයේ අනතුරට පත් එක්සත් ජනපද 'අපාචි' ප්‍රහාරක හෙලිකොප්ටරයක නියමුවන් දෙදෙනා නිරුප්‍රදිත බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දන්වා සිටී.
  • අනතුරින් දෙපැයක්  පමණ ඇතුළත එම දෙදෙනා බේරා රැගෙන ඒමට හැකි වූ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය කීය.
  • ඒ පිලිබඳ නිල වාර්තාවක් අද දින අවසනට ප්‍රථම නිකුත් කරන බව ජනපති ට්‍රම්ප් පැවසීය.
  • ඊයේ (8), ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ගුවන් ආරක්ෂක කාර්ය මණ්ඩල නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, ඉරාන විප්ලවීය හමුදාව පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

අනතුරුන් දිවි ගලවා ගත්  එම නියමුවන් දෙදෙනා, එරට නාවුක හමුදා ඩ්‍රෝන යානාවක් මගින්  බේරා ගැනිණි. අනතුරින් දෙපැයක්  පමණ ඇතුළත එම දෙදෙනා බේරා රැගෙන ඒමට හැකි වූ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය කීය.

හෙලිකොප්ටරය වෙත ඉරාන ප්‍රහාරයක් එල්ලවීද, එය යම් කාර්මික දෝෂයකට භාජනය වී ද, නොඑසේව, වෙනත් හේතුවකින් අනතුරට පත්වීදැයි, මෙතෙක් අනාවරණය වී නැත. ඒ පිලිබඳ නිල වාර්තාවක් අද දින අවසනට ප්‍රථම නිකුත් කරන බව ජනපති ට්‍රම්ප් පැවසීය.

"නියමුවන් සුවෙන්, කාටවත් අනතුරක් නෑ," වොෂින්ටනයට පැමිණීමට පෙර, නිව් යෝර්ක් හි ජෝන් එෆ් කෙනඩි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් පථයේ සිට ට්‍රම්ප් දන්වා සිටියේය.

ඊයේ (8), ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරාන ගුවන් ආරක්ෂක කාර්ය මණ්ඩල නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, ඉරාන විප්ලවීය හමුදාව පැවසීය. අද (9) දිවා යාමයේ ඔවුන්ගේ  අවමගුල් කටයුතු ටෙහ්රානයෙදී සිදු කිරීමට නියමිතව පැවතිණ. ඉරාන ප්‍රහාර හේතුවෙන්, ඊශ්‍රායල පාර්ශ්වයේ ජීවිත හානි කිසිත් වාර්තා නොවේ. ඉරානය සහ ඊශ්‍රායලය අතර ප්‍රහාර, තාවකාලිකව නතර කෙරෙන බව ද, ඊයේ නිවේදනය කෙරිණි.

අද, ප්‍රධාන පසමිතුරු පාර්ශ්ව අතර ගැටුම් අඩු වීමත් සමග ගෝලීය ඉන්දන මිලෙහි ද යම් අඩු වීමක් දක්නට විය.

 

k6kr8
කෙසේ වෙතත්, ලෙබනන හිස්බොල්ලා කල්ලිය ඉලක්ක කර ඊශ්‍රායල හමුදා තව දුරටත් ප්‍රහාර එල්ල කරන්නේ නම්, පෙරලා පහර දෙන බවට  ඉරානය තර්ජනය කළේය. ඊට නොකන්ව, ලෙබනනයේ සූර් (Tyre) නගරයෙන් වහා ඉවත්වන ලෙස, ඊශ්‍රායල හමුදා අද, නව දැන්වීම්  නිකුත් කළහ. එහි කිතුණු පෙදෙස වෙත ද එම නිවේදන දීර්ඝ  කෙරිණි. ඊශ්‍රායල පාර්ශ්වයෙන් ඒ වෙත දරුණු ප්‍රහාරයක්  අපේක්ෂිත ය.

ඉරාන - ඊශ්‍රායල මිසයිල ප්‍රහාර යළි ඇවිලීමට හේතුව, ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර වේ. ඒ හේතුවෙන්, එක්සත් ජනපද - ඉරාන ගැටුම විසඳීම පිණිස සාම යෝජනාවලියකට පිවිසීමේ ජනපති ට්‍රම්ප්ගේ උත්සාහය දින දින සංකීර්ණ වෙමින් පවතී. නොවැම්බරයේ, එක්සත් ජනපද මධ්‍ය වාර මැතිවරණය පැවැත්වේ. දැනටමත්, එම පූර්ව මත විමසීම්හි 'ට්‍රම්ප්' මනාප ඉතිහාසගත අවමයක පවතී. එබැවින්, ඔහු, ටෙහ්රානය හා ඉක්මන් ගිවිසුමකට පිවිසීමේ නොතිත් හදිසියක පසුවේ.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
 6/09/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

US helicopter crew who went down in Strait of Hormuz rescued by drone

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...