BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය උණුසුම් වෙයි

T

The Leader Desk

June 10, 2026 • 4:35 PM

 ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ගෝලීය බලශක්ති ක්ෂේත්‍රය උණුසුම් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "ඉරාන හමුදාව දැන් අවුල් ජාලයකි. ඔවුන්ගේ නාවුක සහ ගුවන් හමුදාවල වැඩි හරිය දැන් අහවරය. ඇහැ වෙලාම ගොස් ය - ඔවුන් මුළුමනින්ම පරාජයට පත්ව ඇත. දැන්, ඉරානයේ කියුම් පමණි, කෙරුම් කිසිත් නැත. මැද පෙරදිග හිංසකයා ඉවර ය.
  • ෆොක්ස් නිව්ස් වාර්තාකරුවකු හා දුරකතනයෙන් කතා කළ ජනපති ට්‍රම්ප්, ඔහු  ඉරාන බලාගාර සහ පාලම් විනාශ කිරීම පිණිස නව ප්‍රහාර නියෝග නිකුත් කිරීමට ඉතා ආසන්න බව කියා ඇතැයි, රොයිටර්ස් පුවත් සඳහන් කරයි.
  • බ්‍රෙන්ට් ඉදිරිය ඇමෙරිකානු ඩොලර් 1.74කින්, එනම්,1.9% කින් ඉහළ ගියේය.
  • ඒ අනුව, ග්‍රිනිච් වේලාවෙන් 1127ට එම  බොරතෙල් බැරලයක නව මිල, ඇමෙරිකානු ඩොලර් 93.19ක් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

 ගිවිසුමකට එන්නට ඔවුන් කල් ගත්තා වැඩිය. දැන්, ඔවුන්ට කණගාටු වනවා මිස,  කරන්නට වෙනත් දෙයක් ද නැත. මේ කරපු දේට ඔවුන්ට වන්දි ගෙවන්නට වෙනවාමය!!! ජනාධිපති ඩොනල්ඩ් ජේ ට්‍රම්ප්," එක්සත් ජනපද ජනපතිවරයාගේ ටෘත් ගිණුමේ නවතම සඳහන එය වේ.

ෆොක්ස් නිව්ස් වාර්තාකරුවකු හා දුරකතනයෙන් කතා කළ ජනපති ට්‍රම්ප්, ඔහු  ඉරාන බලාගාර සහ පාලම් විනාශ කිරීම පිණිස නව ප්‍රහාර නියෝග නිකුත් කිරීමට ඉතා ආසන්න බව කියා ඇතැයි, රොයිටර්ස් පුවත් සඳහන් කරයි. එහෙත්, තවමත් එම පටිගත සංවාද හෝ උපුටා දැක්වීම් එහි පළ නොවේ.

ටෘත් ගිණුමේ,  ට්‍රම්ප් සිය  නවතම අදහස් දැක්වීමෙන් පසු, ගෝලීය ඉන්දන මිල යළි ඉහළ  ගියේය.  ඊට පෙර, අද උදෑසන, යුරෝපීය වෙළඳපොළ පැවති පසු ගිය මිල නිමාවට ආසන්න උච්චාවචනයන්හි දෝලනය වූ එම මිල, මේ වන විට සීග්‍ර වැඩි වීමක පවතී.

බ්‍රෙන්ට් ඉදිරිය ඇමෙරිකානු ඩොලර් 1.74කින්, එනම්,1.9% කින් ඉහළ ගියේය. ඒ අනුව, ග්‍රිනිච් වේලාවෙන් 1127ට එම  බොරතෙල් බැරලයක නව මිල, ඇමෙරිකානු ඩොලර් 93.19ක් විය.  වෙස්ට් ටෙක්සාස් අතරමැදි බොර තෙල් ඉදිරිය ද ඇමෙරිකානු ඩොලර් 1.91ක්, එනම්, 2.17%කින් ඉහළ ගියේය. එම බැරලයක නව මිල, ඇමෙරිකානු ඩොලර් 90.11ක් ලෙස සටහන් විය.

මීට ටික වෙලාවකට පෙර, ඕමාන වෙරළ තීරයට ඔබ්බෙහි යාත්‍රා කරමින්  පැවති ඉන්දන නෞකාවකට එක්සත් ජනපද මිසයිල ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනකු අතුරුදන්ව, තවත්   සාමාජිකයකු තුවාළ ලබා ඇතැයි, වාර්තා වේ. එය, පලාවු රාජ්‍යයේ ධජය යටතේ,  රසායන හෝ ඉන්දන නිෂ්පාදන රැගෙන, ඕමානයේ සොහාර් වරායට නාවුක සැතපුම් 20ක් ඊශාන දෙසින්,  යාත්‍රා කරමින්  සිටි සෙටෙබෙලෝ නම්  නෞකාවකි. එම ප්‍රහාරය, අප්‍රේල් 13 දා  සිට එක්සත් ජනපදය විසන් ක්‍රියාත්මක, ඉරාන වරාය තහනම නොතකා යාත්‍රා කිරීමට එරෙහිව එල්ල කරන ලද්දකි.

මේ අතර එක්සත් ජනපදය විසින් ඉරාන අභ්‍යන්තරයේ අපේක්ෂා කළ මහජන කැළඹීම ද කඩා කප්පල් වන සෙයකි. "මම ඉරානය සහ එක්සත් ජනපදය අතර සබඳා ඇතිවනවාට ඉතා කැමැත්තෙන් පසුවනවා. එහෙත්, ඒ ඉරාන අපේක්ෂා මැඩ පැවැත්වෙන,  බලහත්කාරී ස්වරූපයකින් නොවේ," ටෙහ්රාන් පදිංචිකරුවකු වන අරෙෆ් රමේසානි පැවසීය.

"ඔබට ගැහුවොත්, ඔබද පෙරළා පහර දිය යුතුයි," හොසේන් නේජ්හාඩ් නම් ටෙහ්රානයේ තවකකු කීය.

ඉරාන WANA පුවත් ඒජන්සිය එම තොරතුරු වාර්තා කළේය.

එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, යුරෝපීය සන්ධාන  සහ තවත් රටවල් මේ වන විට, ඉරානය සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඒ, අන්තවාදී ඉරාන රාජ්‍ය  හිතවාදී කල්ලි විසින් විරෝධතාකරුවන්, ජනමාධ්‍යවේදීන් සහ යුදෙව්වන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණ සිදු කිරීම හෙලා දකිමිනි. ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය, එහි බුද්ධි සංවිධානය, ඛඩ්ස් බලකාය, සහ ඉරාන බුද්ධි සහ ආරක්ෂක අමාත්‍යංශය වෙත  එම ඝාතන කුමන්ත්‍රණ සම්බන්ධයෙන් සෘජු චෝදනා එල්ල කර තිබේ.

"අප රටවල් සහ එහි ජනතාව, එම මරණීය කුමන්ත්‍රණයන්ගෙන් ආරක්ෂා කිරීම පිණිස, එක්ව නැගී සිටීමේ තීරණාත්මක පියවරකට එක්සත්ව පිවිස සිටින්නෙමු. ඉරාන ඉස්ලාමීය සමූහාණ්ඩුව මේ දැන්, එම අකටයුතු සියල්ල අවසන් කළ යුතු ය," එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ එම නවතම නිවේදනයේ දැක්වේ.

හරකත්  අෂාබ් අල්-යමින් අල්-ඉස්ලාමියා නම්, ඉරාන හිතවාදී කල්ලිය විසින් මෑතක යුරෝපය පුරා සිදුකළ ප්‍රහාර ද එමගින් හෙලා දැක තිබේ.    



(සටහන, Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස් )

6/10/2026

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...