BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වේ

T

The Leader Desk

June 12, 2026 • 7:07 AM

බ්‍රිතාන්‍ය ආරක්ෂක ඇමැති ඉල්ලා අස්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍ය, ජෝන් හීලී ඊයේ (11), සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
  • මෙම අනපේක්ෂිත ඉල්ලා අස්වීමෙන්, දැනටමත් දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටින අග්‍රාමාත්‍ය ස්ටාර්මර් තවදුරටත් දුෂ්කරතාවට පත්වනු ඇතැයි, විචාරකයෝ පවසති.
  • රුසියානු හමුදා බ්‍රිතාන්‍ය සයුරු කලාපය නිරන්තරයෙන් ආක්‍රමණය  කිරීම හේතුවෙන් මතුව ඇති තර්ජන හේතුවෙන් ඉක්මන් රාජ්‍ය ආරක්ෂක සැලැස්මක අවශ්‍යතාව හමුදා නායකයින් විසින් අවධාරණය කර තිබේ.
  • රජය ද ණය පියවා ගැනීමේ උග්‍ර අර්බුදයක පසුවන අතර බදු ගැටලුව දශක ගණනක එහි ඉහළම තලයට පැමිණ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ, හමුදා වියදම් සම්බන්ධයෙන්,  ජාතික ආරක්ෂාව පිණිස රාජ්‍ය  සම්පත් ආරක්ෂා කර ගැනීමේ ප්‍රතිඥාවෙන්  බැහැරව කටයුතු කිරීම පිලිබඳව අග්‍රාමාත්‍ය කෙයර් ස්ටාර්මර් හට චෝදනා එල්ල කරමිනි.

තියුණු විවේචනවලින් යුත් විවෘත සන්දේශයක් ද සමගින් ඔහු සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේය. මෙම අනපේක්ෂිත ඉල්ලා අස්වීමෙන්, දැනටමත් දේශපාලන අභියෝගයකට මුහුණ දී සිටින අග්‍රාමාත්‍ය ස්ටාර්මර් තවදුරටත් දුෂ්කරතාවට පත්වනු ඇතැයි, විචාරකයෝ පවසති. රාජ්‍යය ඉදිරියට ගෙන යාමට, අමතර මූල්‍ය පහසුකම් නොමැති අවස්ථාවක ආරක්ෂක වියදම් වැඩි කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය දැඩි විවේචනයට ලක්ව පවතී.

පසු ගිය මාස කිහිපය තිස්සෙම එරට ආරක්ෂක සහ මුදල් අමාත්‍යංශ අතර ඉදිරි ආරක්ෂක අවශ්‍යතා පිණිස මූල්‍ය සම්පත් භාවිතය පිලිබඳ අභ්‍යන්තර සාකච්ඡා පැවැත්විණි. ඉකුත් වසරේ එලි දැක්වීමට නියමිත වූ බ්‍රිතාන්‍ය ආරක්ෂක ආයෝජන සැලැස්මද ප්‍රමාද ව පවතින අතර හමුදා වියදම් ඉහළ නැංවීමේ අවශ්‍යතා ඉටු කර ගන්නේ කෙසේ දැයි ගැටළු මතුව තිබේ.

uk6u6uuuuuuuuuuuuuuuuu
රුසියානු හමුදා බ්‍රිතාන්‍ය සයුරු කලාපය නිරන්තරයෙන් ආක්‍රමණය  කිරීම හේතුවෙන් මතුව ඇති තර්ජන හේතුවෙන් ඉක්මන් රාජ්‍ය ආරක්ෂක සැලැස්මක අවශ්‍යතාව හමුදා නායකයින් විසින් අවධාරණය කර තිබේ. රජය ද ණය පියවා ගැනීමේ උග්‍ර අර්බුදයක පසුවන අතර බදු ගැටලුව දශක ගණනක එහි ඉහළම තලයට පැමිණ ඇත.

ඊයේ, බ්‍රිතාන්‍යයේ ප්‍රබලතම අමාත්‍යවරයකුගේ එම ඉල්ලා අස්වීම සිදු වන්නේ, අග්‍රාමාත්‍ය ස්ටාර්මර් බලය රැක ගැනීමේ අප්‍රතිහත ප්‍රයත්නයක නිරත මොහොතකය. එරට සෞඛ්‍ය අමාත්‍ය, වෙස් ස්ට්‍රීටින් ද ඉකුත් මැයි මස ඉල්ලා අස්විය. රාජ්‍ය තනතුරු කිහිපයක් හෙබවූ ඇන්ඩි බර්න්හැම් ද නායකත්ව තරගය පිණිස ඉදිරිපෙළ දේශපාලනයට පිවිසීමේ තැතක පසු වේ.

"දිනෙන් දින ඉහළ යන තර්ජන හමුවේ, රාජ්‍යය ආරක්ෂා කිරීමේ ජනතා අභිලාශය වෙත රජය සතු  සම්පත් උපයෝජනයට  ඔබේ නොහැකියාව ප්‍රදර්ශනය කළා, භාණ්ඩාගාරය අකමැත්ත ප්‍රකාශ කළා," හීලී සිය ලිපියෙන් අග්‍රාමාත්‍යවරයාට දැන්වීය.

 

688ouky8o7o8o8
ආරක්ෂක සැලැස්ම ප්‍රමාද වීමෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක කර්මාන්තය තුළ දීර්ඝ කාලීන වැඩසටහන් මත ආයෝජන ඇණහිට තිබේ.

යුරෝපය ආරක්ෂා කිරීමෙන් එක්සත් ජනපදය ක්‍රමයෙන් ඉවත් වෙමින් සිටින අතර, ඉරානය සම්බන්ධ එක්සත් ජනපද– ඊශ්‍රායල  යුද තත්ත්වයට සන්ධාන පාර්ශ්වයෙන් සහභාගි වීමට බ්‍රිතාන්‍යය මැලි විය. ගල්ෆ් කලාපය වෙත ප්‍රබල යුද නෞකාවක් වහා පිටත් කර හැරීමට ද බ්‍රිතාන්‍යයට නොහැකි විය.

(සටහන | Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

මුලාශ්‍රය :

UK defence minister quits, says Starmer not spending enough to keep country safe

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...