BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

එක්සත් ජනපද - ඉරාන නායකයෝ අතුරු සාම ගිවිසුමට අත්සන් තබති

T

The Leader Desk

June 18, 2026 • 11:41 AM

එක්සත් ජනපද - ඉරාන නායකයෝ අතුරු සාම ගිවිසුමට අත්සන් තබති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීම පිණිස දෙරට නායකයන් විසින් අත්සන් තැබුණු අතුරු ගිවිසුම ඊයේ (17) නිකුත් කෙරිණි.
  • ප්‍රංශයට රැස්වූ ජාත්‍යන්තර නායකයින් හා 'ජී 7' සමුළුවට සහභාගී වෙමින් එම අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප්, ටෙහ්රානයට බැලස්ටික් මිසයිල නොතිබිය යුතුමය යන කොන්දේසිය, "එච්චර සාධාරණ  නෑ නේ," යනුවෙන්ද පැවසීය.
  • ඉරානයට මුලින් පහරදෙන අවස්ථාවේ, එරට සතුව කිසිදු බැලස්ටික් මිසයිලයක් නොපැවතිය යුතු බවට ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබිණි.
  • සටන් විරාමය තිරසර ගිවිසුමක් බවට පත් කරගැනීම, ඉදිරි දින 60ක ඉරාන - එක්සත් ජනපද  නියෝජිත සාකච්ඡා හි අරමුණ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත්, කොන්දේසිවලට අනුගත නොවන්නේ නම්, ප්‍රහාර යළි අරඹන බවටත්, ඉරාන නිලධාරීන් ඝාතනය කරන බවටත් එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීය.

ප්‍රංශයට රැස්වූ ජාත්‍යන්තර නායකයින් හා 'ජී 7' සමුළුවට සහභාගී වෙමින් එම අදහස් දැක්වූ ජනපති ට්‍රම්ප්, ටෙහ්රානයට බැලස්ටික් මිසයිල නොතිබිය යුතුමය යන කොන්දේසිය, "එච්චර සාධාරණ  නෑ නේ," යනුවෙන්ද පැවසීය. ඉරානයට මුලින් පහරදෙන අවස්ථාවේ, එරට සතුව කිසිදු බැලස්ටික් මිසයිලයක් නොපැවතිය යුතු බවට ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබිණි.

 

fg7ujkl

"ඔය ගිවිසුම උල්ලංඝනය කළහොත්, ඉරානය අපායක්  වෙන තැනට බෝම්බ හෙළනවා," පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කීය. "මට එහෙම කරන්න අවශ්‍ය නෑ. හැබැයි, ඔවුන් ගිවිසුමට අනුගත විය යුතුයි. ඔය අය හරි අංකූරෝ, හරි ශූක්ෂ්මයි ," ජනපති ට්‍රම්ප් කීය. සටන් විරාමය තිරසර ගිවිසුමක් බවට පත් කරගැනීම, ඉදිරි දින 60ක ඉරාන - එක්සත් ජනපද  නියෝජිත සාකච්ඡා හි අරමුණ ය. එය සමස්ත මැද පෙරදිග කලාපයටම වැදගත් වනු ඇතැයි ද, ඒ හා ලෝක ඉන්දන මිල තවත් පහළ යනු ඇතැයි ද  ඔහු සඳහන් කළේය.

එක්සත් ජනපද නායකයාගේ නව තර්ජනය පිලිබඳ ඉරාන නායකත්වය වෙතින් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් නැත. ඒ වෙනුවට, ඔවුහු  දෙරට ජනපතිවරුන් විසින් අත්සන් කරන ලද නව ගිවිසුමේ ඡායාරූප, මාධ්‍යයට මුදා හැර තිබිණි. 1979 වසරේ ඉස්ලාමීය සමූහාණ්ඩුව පිහිටුවීමෙන් අනතුරුව, දෙරට නායකයින් විසින් අත්සන් කරන්නට යෙදුණු, පළමු ගිවිසුම එය බව වාර්තා වේ.

 

b6ir6hhj
"අප සන්නද්ධ ව්‍යාපාරයෙන් ජය ගැන්මට උත්සාහ කළ බොහෝ දෑ, අවස්ථා කිහිපයකදීම සාකච්ඡාවෙන් ජය ගැනීමට හැකි වුණා. එය අසමසමයි," ඉරාන පාර්ශ්වයේ ප්‍රධාන සාකච්ඡා නියෝජිත, මොහම්මඩ් බඛෙර් ඛලිබෆ්, ඉරාන රාජ්‍ය රූපවාහිනියේ කියා සිටියේය.

පෙබරවාරි 28 දා, ඊශ්‍රායල  සහ එක්සත් ජනපද හමුදා, 86 හැවිරිදි ඉරාන උත්තරීතර නායක, අයතොල්ලා අලි ඛමෙනි සහ තවත් හමුදා නායකයින් කිහිපදෙනෙක් ඝාතනය කරමින් ඉරාන යුද්ධය ආරම්භ කළහ. එය සැණින්, කලාපීය යුද්ධයක් තෙක් ව්‍යාප්ත විය. එම ගැටුමින්, මිනිස් ජීවිත 7000කට අධික සංඛ්‍යාවක් අහිමි වූ අතර ඉන් බහුතරය ඉරාන සහ ලෙබනන ජාතිකයින් ය. යුද්ධයේ ප්‍රති විපාක වශයෙන්, බලශක්ති මිල නොසිතූ සේ ඉහළ ගිය අතර ලෝක උද්ධමනය ද අහස උසට නැග්ගේය. සංවර්ධනය වෙමින් පවතින රටවල ආහාර සැපයුමද බරපතල  අර්බුදයකට  ලක් විය.

(සටහන:  හර්ෂ උදයකාන්ත පීරිස්)

6/18/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

US and Iran presidents sign ceasefire agreement, but Trump says he could still resume attacks

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...