BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

නයිජර් අගනුවර ගුවන් තොටුපොළ අවට පිපිරීම්

T

The Leader Desk

June 18, 2026 • 12:04 PM

නයිජර් අගනුවර ගුවන් තොටුපොළ අවට පිපිරීම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නයිජර් අගනුවර නීයමේ ගුවන් තොටුපොළ වෙතින් අද (18) පෙරවරුවේ පිපිරීම් සහ වෙඩි හඬ වාර්තා වූ බව, රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • එරට වේලාවෙන්, පෙ.ව.6.00ට පළමු පිපිරීම වාර්තා විය.
  • ඉන් පැය දෙකකට පසුවද වෙඩි හුවමාරු පැවති බව ද සඳහන් ය.
  • මිලියන 28ක පමණ ජනගහනයෙන් යුත් බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යය භූමියෙන් වට රටකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරක්ෂක හමුදා එම ප්‍රදේශය වටලා තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කර ඇතැයි ද වාර්තා වේ.

එරට වේලාවෙන්, පෙ.ව.6.00ට පළමු පිපිරීම වාර්තා විය. ඉන් පැය දෙකකට පසුවද වෙඩි හුවමාරු පැවති බව ද සඳහන් ය.

මිලියන 28ක පමණ ජනගහනයෙන් යුත් බටහිර අප්‍රිකානු රටක් වන නයිජර් රාජ්‍යය භූමියෙන් වට රටකි. එහි නයිජර් ගංගාව ගලා බසී. ඇල්ජීරියාව, ලිබියාව, චැඩ්, නයිජීරියා, බෙනින්, බුර්කීනා ෆාසෝ සහ මාලි අසල්වැසි රාජ්‍ය වෙත්.

මුස්ලිම් රාජ්‍යයේ අයිසිස් සංවිධානයට ලැදි කුඩා කල්ලියක් විසින් ඉකුත් ජනවාරි මස එරට ගුවන් තොටුපොළකට ප්‍රහාර එල්ල කිරීමේ වගකීම භාරගෙන තිබිණි.  

අල් ඛයිඩා සංවිධානයට අනුබද්ධ ජිහාඩ් සන්නද්ධ කල්ලි, නයිජර් සහ යාබද රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයකි. එම සන්නද්ධ කල්ලි විසින් දිගු කාලීනව සිදු කළ ප්‍රහාර හේතුවෙන් නයිජර්, බුර්කීනා ෆාසෝ සහ මාලි රාජ්‍යයන්හි පුද්ගලයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්ව, මිලියනන ගණනක ජනතාව අවතැන්ව සිටිති.

(සටහන:  හර්ෂ උදයකාන්ත පීරිස්)

6/18/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Explosions, sustained gunfire at airport in Niger capital, witnesses say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...