BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

ඉරාන සටන් විරාමයෙන් මිතුරන් පසමිතුරන් වේද?

T

The Leader Desk

June 19, 2026 • 11:30 AM

ඉරාන සටන් විරාමයෙන්  මිතුරන් පසමිතුරන් වේද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම කතා බහට ඊශ්‍රායලය නැත.
  • ඉරාන යුද්ධය අවසන් කරන්නේ ඔවුන් කොන්දේසි විරහිත යටත්වීමකට එන්නේ නම් පමණකැයි, ජනපති ට්‍රම්ප්, පෙර දී සඳහන් කළේය.
  •   එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුම අත්සන් කළේ, "අතිශය බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකින්" බව ඉරාන උත්තරීතර නායක අයතොල්ලා මොජ්තබා ඛමෙනි කියා සිටියේය.
  • එමෙන්ම, ට්‍රම්ප්ට යුද්ධය ඇරඹීමට මූලික වූ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ ඉදිරි සාකච්ඡා සිතන තරම් පහසු නොවන බව ද ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

"අපව අදාළ කරගන්නත් එපා," එරට අග්‍රාමාත්‍ය, බෙන්ජමින් නෙතන්යාහු මුල සිටම කීවේය. එක්සත් ජනපදය - ඉරාන අතුරු සාම ගිවිසුම අත්සන් තැබීමත් සමග සාමූහික සටන් විරාමයෙන් ඊශ්‍රායලය බෙහෙවින් දුරස් වෙමින් සිටී. ඊශ්‍රායලයේ ස්ථාවරත්වය, ඉරාන සහාය හිමි ලෙබනනයේ හිස්බොල්ලා කල්ලිය සොයා එම ඉලක්ක වෙත වැඩි දුර ප්‍රහාර එල්ල කිරීමේ ඊශ්‍රායලයේ ස්වාධීන අභිමතාර්ථය තව දුරටත් ශක්තිමත් කෙරෙන්නකි. එහෙත්, එය එක්සත් ජනපදය සහ ඉරානය අතර එළැඹි නව සටන්විරාමය අවිනිශ්චිත තැනකට ඇද දමන තර්ජනයක් ද  වන්නේය.  

වොෂින්ටනයේ, ට්‍රම්ප් පාක්ෂික රිපබ්ලිකන් මන්ත්‍රීන් අතර ද වෙනත් කසු කුසුවකි. සාමය පිණිස සිය ජනපති ඉරානයට ඕනාවට වඩා දුන්නා යැයි ඔවුහු මැසිවිලි නගති. ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති සහ ඒවා ක්‍රියාත්මක කෙරෙන අයුර, මේ වන විටත්, බහුතර ඇමෙරිකානුවන් අතර ඉමහත් අප්‍රසාදයට බඳුන් වෙමින් පවතී. ඉරාන යුද්ධය අවසන් කරන්නේ ඔවුන් කොන්දේසි විරහිත යටත්වීමකට එන්නේ නම් පමණකැයි, ජනපති ට්‍රම්ප්, පෙර දී සඳහන් කළේය. එහෙත්, ඔහු ඉරානය සමග අත්සන් කළ ගිවිසුමේ, ඉරාන සම්බාධක ඉවත් කිරීම, තහනම් කළ ඇමෙරිකානු ඩොලර් දස දහස් ගණනක ඉරාන වත්කම් නිදහස් කිරීම සහ ඉරාන තෙල් අපනයන තහනම ඉවත් කිරීම වැනි සහන රැසක් ද අන්තර්ගත ය.

hor78o

 

එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුම අත්සන් කළේ, "අතිශය බලාපොරොත්තු සුන් වූ තත්ත්වයකින්" බව ඉරාන උත්තරීතර නායක අයතොල්ලා මොජ්තබා ඛමෙනි කියා සිටියේය. එමෙන්ම, ට්‍රම්ප්ට යුද්ධය ඇරඹීමට මූලික වූ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ ඉදිරි සාකච්ඡා සිතන තරම් පහසු නොවන බව ද ඔහු අවධාරණය කළේය.

ඇමෙරිකානුවන් ඕනාවට වඩා ඉල්ලන්න ආවොත් වැඩ වරදින බව ද ඔහු සඳහන් කළේය. එවන් කිසිදු බලහත්කාරයක් පිළිනොගන්නා බව ද ඔහු ලිඛිතව ම දන්වා යැවීය.

බදාදා අත්සන් තැබුණු අතුරු සාම ගිවිසුමෙන්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ සාකච්ඡා කිරීමට  දින 60ක් ලබා දී තිබේ. දෙපාර්ශ්වය විසින් දින දීර්ඝයක් නොඉල්ලන්නේ නම්, එම සීමාව එතෙකින් අවසන් වේ. ඉරානයේ යුද හානි ප්‍රතිපූර්ණයට, වෙනත් වන්දි දීමනාවන්ට අමතරව,  ඇමෙරිකානු ඩොලර් බිලියන 300ක  ප්‍රතිසංස්කරණ අරමුදලක් පිහිටිවීමට ද සිදු වන්නේය. ඉරානයේ දිගු දුර මිසයිල සීමා කිරීමට සිදුවන බවද, එක්සත් ජනපද උප ජනපති ජේ ඩී වෑන්ස් වොෂින්ටනයේ සිට ප්‍රකාශ කළේය.

සිව්මසකට පෙර ඉරාන යුද්ධය ආරම්භ කරන විට ට්‍රම්ප් පැවසුවේ, ඉරානයට න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීමට කිසිසේත් නොහැකි වන සේ එරට න්‍යෂ්ටික වැඩසටහන මුළුමනින් විනාශ කරන බව ය. අසල්වැසියන්ට පහර දීමේ ඉරානයේ හැකියාව මට්ටු කරන බව ද, මැද පෙරදිග සන්නද්ධ කල්ලි පෝෂණයට ඉරානයට යළි  ඉඩ නොතබන බව ද ඔහු කීය.  දැඩි මතධාරී, මූලධර්මවාදී ඉරාන රජය පෙරලීමට ඉරාන ජනතාවට සහාය දෙන බව ඔහු පැවසීය.

ට්‍රම්ප්, එම  අතුරු සාම ගිවිසුමට අත්සන් තැබුවේ ඒ කිසිවක් සාක්ෂාත් නොවූ තැන ය.

 

ZRArOiii
ඉරානය කිසි විට, න්‍යෂ්ටික අවියක්  සංවර්ධනය නොකරන  බවත්, එවැනි අවියක් සන්තකයේ තබා නොගන්නා බවත් දශක ගණනක් තිස්සේ කියා සිටී. එය නව අතුරු ගිවිසුමේ ද සඳහන් ය. එහෙත්, පෙර සිටි එක්සත් ජනපතිවරුන් සේම, වත්මන් ජනපතිවරයා ද එය තඹ සතේකට මායිම් නොකරන්නේය. ඉරානයේ සහතිකය ඔවුන්ට එතරම් ම අවිශ්වාස ය. ඉරානය සිය සුපෝෂිත යුරේනියම් සංචිත එම නිෂ්පාදන ක්ෂේත්‍රයේ දීම තනුක තත්ත්වයේ තබා ගැනීමට එකඟ ය. අවශ්‍ය නම්,  න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමේ සාමාජික, ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියට ඒ බැව් නිරීක්ෂණය කරන ලෙස ද ඉරානය ආරාධනා කර සිටී. එහෙත්, එම සමස්ත සුපෝෂිත යුරේනියම් සංචිතය ඉරානයෙන් පිට කළ යුතුම යැයි, ට්‍රම්ප් තරයේ කියා සිටින්නේය. ඉරානය  ඊට කිසිසේත් කැමැත්තක් දක්වන්නේ නැත.

2015 වසරේ ඉරානය, එක්සත් ජනපදය හා තවත් රටවල් සමග එළැඹි න්‍යෂ්ටික ගිවිසුමක් ජනපති ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ ඉරා විසි කර දැම්මේය. නව අතුරු සාම ගිවිසුම යටතේ එළැඹෙන ඒ සම්බන්ධ යම් ගිවිසුමක් වෙතොත්, එය එම පැරණි ගිවසුමට වඩා ශක්තිමත් එකක් වනු ඇතැයි, එක්සත් ජනපද නිලධාරීහු පවසති. එහෙත්, වත්මන, සුපිරි බලවතකුගේ ප්‍රහාරයන්ට සාර්ථකව සහ නොබියව මුහුණ දී, ලොව බලශක්ති ප්‍රවාහනයේ පහෙන් පංගුවකට වග හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ බලය සියතට ගෙන, ඉන් නොනැවත, සිය සම්බාධක ද යළි  දිනා ගත ඉරානය දැන් පසු වන්නේ අන් කවරදාවත් නොවූ ජයග්‍රාහී ලීලාවකින් බව විචාරක මතය ය.

 

hro8ru
ඕමානය හා එක්ව හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බලය තව දුරටත් පවත්වා ගන්නා බව ඉරානය කියයි. එමෙන්ම, එහි යනෙන නෞකා වෙතින් ගාස්තු අය කරන බව ද පවසයි. එවැන්නක් යුද්ධයට පූර්වයෙහි නොවීය. එහෙත්, සාකච්ඡා ක්‍රියාත්මක ඉදිරි දින 60 තුළ එහි කිසිදු ගාස්තු අය කිරීමක් සිදු නොකෙරන බව ද ටෙහ්රානය අවධාරණය කරයි.

ලෙබනනයේ අඛණ්ඩ ඊශ්‍රායල ප්‍රහාර මැද, මිලියනයකට අධික ජනගහනයක් අවතැන් ව සිටී. ඊයේ අළුයම ද ඊශ්‍රායල හමුදා එහි නවතම ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කළහ. ට්‍රම්ප් ට  සිය යුදකාමී සගයා තවමත් අවනත කර ගැනීමට නොහැකි සෙයකි.

සියලු පාර්ශව හි සටන් විරාමයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ඔහු කීය. ඒ යටතේ ලෙබනන යුද්ධය මුළුමනින් අවසන්  කළ යුතු අතර එහි භෞමික අඛණ්ඩතාව සහ කලාපීය ඒකාග්‍රතාව සදහට සුරැකිය යුතු වේ. එහෙත් ලෙබනනයෙන් හමුදා ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි ඊශ්‍රායලය අවධාරණය කරයි. ඒ වෙනුවට, එහි, අලුතින් අත්පත් කරගත් දේශ සීමා ව්‍යාප්තිය දැක්වෙන නව සිතියමක්  ද ඊශ්‍රායලය විසින් දැන් නිකුත් කර තිබේ.

දැන් දැන් ජනපති ට්‍රම්ප් ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සිදු කෙරෙන හමුදා ක්‍රියාන්විත විවෘතවම විවේචනය කිරීමට පටන් ගෙන ඇත. එය,  මේ වන විටත්,  දෙරට අතර දශක ගණනකින් මෙපිට දිසි නව මතබේදාත්මක තත්ත්වයක් උද්ගත කරමින් පවතී.

(සටහන:  හර්ෂ උදයකාන්ත පීරිස්)

6/19/2026
(harshaprs@yahoo.com


US vice president cancels trip for peace talks with Iran

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...