BREAKING
විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●
Top Ad
විදේශ

ඉරාන දේශපාලන ඝාතනවලට එරෙහිව ප්‍රංශයේ මහජන උද්ඝෝෂණ

T

The Leader Desk

June 21, 2026 • 11:18 AM

ඉරාන දේශපාලන ඝාතනවලට එරෙහිව ප්‍රංශයේ මහජන උද්ඝෝෂණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයේ සිදු වන දේශපාලන ඝාතනවලට එරෙහි මහජන උද්ඝෝෂණයක් ඊයේ (20), ප්‍රංශයේදී, පැවැත්වුණා. ඒ, ඊට එරෙහි රාජ්‍ය වාරණ මධ්‍යයේ. එහිදී, මහජන උද්ඝෝෂකයින් 20 දෙනකු රාජ්‍ය අත්අඩංගුවට පත්වූ බව, එම රැළියේ සංවිධායකයින් පවසනවා.
  • අද, එම රැළිය  පැවැත්වීම එරට පොලිසිය විසින් තහනම් කර තිබුණේ, මහජන උද්ඝෝෂණ මධ්‍යයේ විරුද්ධ මතධාරීන් අතර ගැටුම් ඇතිවේ යැයි යන බියෙන්.
  • එහෙත්, එය 'හුඹස් බයක්' බව, රැළියේ සංවිධායකවරු පවසා සිටියා.
  • එම මහජන උද්ඝෝෂණයට එරෙහි මුල් වාරණය බ්‍රහස්පතින්දා (18) ම, නිවේදනය කෙරුනේ, ප්‍රංශ විදේශ අමාත්‍ය, ජීන් - නොයෙල් බැරට් සහ ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි අතර දුරකථන සංවාදයකින් පසුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම උද්ඝෝෂණය සඳහා, මධ්‍යම පැරිස් හි ලෙසාන්වැලීඩ් අසල ප්ලාස්වොහ්බාන් වෙත, සිය ගනින් ජනතාව රැස්ව සිටියා. ප්‍රංශ පොලිසිය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළා.

අද, එම රැළිය  පැවැත්වීම එරට පොලිසිය විසින් තහනම් කර තිබුණේ, මහජන උද්ඝෝෂණ මධ්‍යයේ විරුද්ධ මතධාරීන් අතර ගැටුම් ඇතිවේ යැයි යන බියෙන්. එහෙත්, එය 'හුඹස් බයක්' බව, රැළියේ සංවිධායකවරු පවසා සිටියා.

 

Free iran
එම, රැළියට එරෙහි පූර්ව තහනමට විරෝධය පා, සංවිධායක වරුන් අධිකරණයට ගියද, අධිකරණය, අද උද්ඝෝෂණ වාරණ නියෝගය තහවුරු කළා.

එම මහජන උද්ඝෝෂණයට එරෙහි මුල් වාරණය බ්‍රහස්පතින්දා (18) ම, නිවේදනය කෙරුනේ, ප්‍රංශ විදේශ අමාත්‍ය, ජීන් - නොයෙල් බැරට් සහ ඉරාන විදේශ අමාත්‍ය, අබ්බාස් අරඛ්චි අතර දුරකථන සංවාදයකින් පසුවයි. ඉරාන යුද්ධය  අවසන් කිරීම පිලිබඳ, මේ මොහොතේ තත්ත්වය, දෙදෙනා අතර දුරකථන සංවාදයේ තේමාව වූ බව සැලය.

අද, ප්‍රංශ මහජන උද්ඝෝෂණය  සංවිධානය කර තිබූ, ඉරානයේ ජාතික ප්‍රතිරෝධ කවුන්සිලය (NCRI) චෝදනා කළේ, ජනරැළි තහනම, එම දුරකථන සංවාදයෙන් අනතුරුව සිදු වූවක් බවය. ප්‍රංශ විදේශ අමාත්‍යංශය එම චෝදනාව එකහෙළා ප්‍රතික්ෂේප කළා. ප්‍රංශය පාදක කර ගත්, ඉරානයේ මහජන මුජහිදීන් සංවිධානයේ ශාකාවක් වන එම කවුන්සිලය, මීට පෙරද, ප්‍රංශ අගනුවර  එවැනි විරෝධතා රැළි කිහිපයක් පවත්වා තිබෙනවා. ඒවාට, දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූවා. ඉස්ලාමීය සමූහාණ්ඩුව විවේචනය කරමින්, එක්සත් ජනපද, යුරෝපීය සහ ආරාබි රටවල  ඉතා ඉහළ පෙළ  නිලධාරීන්  රැසක් ද එම උද්ඝෝෂණවලට සහභාගීවී  තිබීම කැපී පෙනෙන්නක්.

(සටහන:  හර්ෂ උදයකාන්ත පීරිස්)
6/20/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Paris police arrest 20 as demonstrators defy ban on Iran opposition rally

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...