BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

එක්සත් ජනපද - ඉරාන මුල් වටයේ සාකච්ඡා හමාරයි

T

The Leader Desk

June 22, 2026 • 7:52 AM

එක්සත් ජනපද - ඉරාන මුල් වටයේ සාකච්ඡා හමාරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද ඉහළ පෙළ රාජ්‍ය නියෝජිත හමුවේ පළමු වටය අද (22), ස්විට්සර්ලන්තයෙදී අවසන් විය.
  • මැදහත් රාජ්‍ය ලෙස කටයුතු කරන කටාරය සහ පාකිස්ථානය ද ඒකාබද්ධ නිවේදනයක්  නිකුත් කළහ.
  • අවසන් විසඳුමක් පිණිස දින 60ක් තුළ ඉදිරි   ගමන්මග සැලසුම් කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වූ බව, එහි දැක්වේ.
  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නිදහස් නෞකා ගමනාගමනයට සාර්ථක සන්නිවේදන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ සැලසුම් ද ඊට ඇතුළත් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ටෙහ්රානය විසින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය යළි වසා  දැමුණු සහ  ඉරානයට නැවත ප්‍රහාර එල්ල කරන බවට එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කළ පසුබිමක නියෝජිත දෙපිරිස  අතර එම  සාකච්ඡා පැවැත්විණි.

මැදහත් රාජ්‍ය ලෙස කටයුතු කරන කටාරය සහ පාකිස්ථානය ද ඒකාබද්ධ නිවේදනයක්  නිකුත් කළහ. අවසන් විසඳුමක් පිණිස දින 60ක් තුළ ඉදිරි   ගමන්මග සැලසුම් කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වූ බව, එහි දැක්වේ. සතියේ ඉදිරි දින කිහිපය තුළ තාක්ෂණික  සාකච්ඡා අඛණ්ඩව පැවැත්වේ. ස්විට්සර්ලන්තයේ පිහිටි කටාර්  ව්‍යාපාරයකට අයත් බ්යර්ජෙන්ෂ්ටොක් නිකේතනයේ එම සාකච්ඡා පැවැත්වේ.

pt 6

 

ලෙබනනයේ සටන් නතරකිරීමේ ක්‍රමවේදයක අවශ්‍යතාව ද එහිදී අවධාරණයට ලක්විය. හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නිදහස් නෞකා ගමනාගමනයට සාර්ථක සන්නිවේදන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමේ සැලසුම් ද ඊට ඇතුළත් වේ.  

එක්සත් ජනපද උප ජනපති, ජේ ඩී වෑන්ස් සහ ඉරාන නිලධාරීන් අතර ඊයේ (21) සාකච්ඡා ඇරඹියේ ඉකුත් සතියේ එළැඹි අවබෝධතා ගිවිසුමකට අනුවය. අප්‍රේල් මස සිට ක්‍රියාත්මක 'වහා බිඳෙන සුළු' සටන් විරාමය අවම වශයෙන් තවත් දින 60කට හෝ දීර්ඝ කර ගැනීම එම ගිවිසුමේ එක් අපේක්ෂාවකි. ඊයේ ඇරඹි සාකච්ඡා අද අළුයම තෙක් පැවති බව වාර්තා වේ.

 

pt 8

සාකච්ඡා හිදී ඉරානය ඉන්දන සහ පෙට්‍රෝ රසායන අපනයන සම්බාධක ඉවත් කර ගැනීමට සමත් වූ බව, එරට විදේශ අමාත්‍ය අබ්බාස් අරඛ්චි සමාජ මාධ්‍ය සටහනක සඳහන් කළේය. එහිදී, ඉරානය සතු ඇතැම් තහනම් වත්කම් මුදා ගැනීමට සහ යුද්ධයෙන් වූ හානි පූර්ණයට ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන වැඩසටනක් ලබා ගැනීමට ද හැකි වී යැයි, ඔහු එහි සඳහන් කළේය.

pt 7

ඊයේ සාකච්ඡා ආරම්භ කිරීමට මොහොතකට මත්තෙන් ඉරාන ඉලධාරීන් අමතා, විශේෂ නිවේදනයක් නිකුත් කළ ජනපති ට්‍රම්ප්, හෝර්මුස් සන්ධිය වසා දැමුවහොත්, ඉරානය මිහිපිටින් තුරන් කරන  බවට තර්ජනය කළ බව, ෆොක්ස් ප්‍රවෘත්ති වාර්තා කළේය. එසේ වුවහොත්, එක්සත් ජනපදය එම සමුද්‍ර සන්ධිය අත්පත් කර ගාස්තු අය කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන බව ද ඔහු විසින් පවසා තිබේ.

එම තර්ජන ජනගතවීමත් සමග, ඉරාන ඉයෝජිත පිරිස ස්විට්සර්ලන්ත සාකච්ඡා නිකේතනයේ එම කුටියට පිවිසීම ප්‍රතික්ෂේප කළ බව, ඉරාන අර්ධ රාජ්‍ය තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කළේය. අනතුරුව, කටාර සහ පාකිස්ථාන මැදහත් පාර්ශ්ව අතරමැදි ව දෙපාර්ශ්වය අතර අදාල සන්නිවේදන පැවැත්වීමට පියවර ගැනිණි.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳ  සාකච්ඡා ආරම්භ කිරීම පිණිස අවබෝධතා ගිවිසුම් ප්‍රකාර අනෙකුත් කොන්දේසි සාක්ෂාත් කළ යුතු බව, ඉරාන පාර්ශ්වයේ මතය වේ. ලෙබනන යුද්ධය නතර කිරීමට එක්සත් ජනපදය අසමත් වීම පිළිබඳව ද ඉරානය දැඩි කනස්සල්ලෙන් පසුවේ.


pt 9

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
6/22/2026
(harshaprs@yahoo.com)

 

US and Iran conclude high-level talks in Switzerland, mediators say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...