BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ

T

The Leader Desk

June 22, 2026 • 3:44 PM

බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය, කෙයර් ස්ටාර්මර්, අද (22), රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින්, ධුරයෙන් ඉල්ලා අස් වන බව නිවේදනය කළේය.
  • කෙසේ වෙතත්, කම්කරු පක්ෂයේ නව නායකයකු පත් කර ගැනෙන තෙක්, ධුරයේ තව දුරටත් කටයුතු කරන බව ද, ඔහු ප්‍රකාශ කළේය.
  • එරට වියවුල් සහගත දේශපාලන අස්ථාවරත්වයට විසඳුම් ලබා දෙමින්, එම අහිතකර සමය අවසන් කරන බවට පොරොන්දු වෙමින්, ඔහු එම මැතිවරණය ජයග්‍රහණය කළේය.
  • මැන්චෙස්ටර් නගරාධිපති, ඇන්ඩි බර්න්හැම් මෑත මැතිවරණයකින් යළි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමෙන් අනතුරුව, ඉකුත් සතියේ, එම තර්ජන තීව්‍ර ලෙස වර්ධනය විය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය කම්කරු පක්ෂය තුළින් ම එල්ල වූ පීඩනය මත ඔහුට එම තීරණය ගැනීමට සිදු විය. කෙසේ වෙතත්, කම්කරු පක්ෂයේ නව නායකයකු පත් කර ගැනෙන තෙක්, ධුරයේ තව දුරටත් කටයුතු කරන බව ද, ඔහු ප්‍රකාශ කළේය.

විශාල ජනමත ජයග්‍රහණයකින් අනතුරුව, ස්ටාර්මර්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ, මීට දෙවසරකට ද අඩු  කලකට පෙර ය. එරට වියවුල් සහගත දේශපාලන අස්ථාවරත්වයට විසඳුම් ලබා දෙමින්, එම අහිතකර සමය අවසන් කරන බවට පොරොන්දු වෙමින්, ඔහු එම මැතිවරණය ජයග්‍රහණය කළේය. මීළඟට එම ධුරයට පත්වන්නේ දශකයක් තුළ එරට සත් වන අගමැතිවරයාය.

පසු  ගිය මාස කිහිපය තුළම ස්ටාර්මර්ට එරෙහිව දේශපාලන තර්ජන මතු විය. මැන්චෙස්ටර් නගරාධිපති, ඇන්ඩි බර්න්හැම් මෑත මැතිවරණයකින් යළි පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමෙන් අනතුරුව, ඉකුත් සතියේ, එම තර්ජන තීව්‍ර ලෙස වර්ධනය විය. නායකත්වයට තරග වදින බවට බර්න්හැම් ප්‍රතිඥා දුන් අතර,  ඔහුගේ ප්‍රතිවාදියා වූ, වෙස් ස්ට්‍රීටිං ද අගමැති තරගයෙන් ඉවත්ව, බර්න්හැම් වෙත සහාය පළ කර  සිටියේය. ඒ අනුව, බ්‍රිතාන්‍යයේ මීළඟ අග්‍රාමාත්‍ය ධුරය බර්න්හැම්ට හිමි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.  

දශක කිහිපයක් තිස්සේ එරට ආර්ථික අධිකාරිත්වය දැරූ ලන්ඩන් අගනුවර බල කේන්ද්‍රයෙන් ඉවත්ව, වඩා ව්‍යාප්තී යාන්ත්‍රණයක් කරා ගමන් කිරීමේ ඔහුගේ අපේක්ෂාව ය. වැය සහ ණය ශීර්ෂ මත බදු මුදල් සමතුලිතව පවත්වා ගැනීම පිලිබඳ ඔහුගේ සැලසුම ඉදිරියේ දී නිවේදනය කෙරෙනු ඇත. වසර ගණනක් පුරා එරට  ක්‍රියාත්මක  පුද්ගලීකරණ හා නියාමන ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ අනිටු විපාක ලෙස  රාජ්‍ය වියදම් හා සේවා, රජයේ පාලනයෙන් ගිලිහුණු අතර එමගින්    රජය අකාර්යක්‍ෂම වූ බව ඔහු සඳහන් කරයි.

බ්‍රිතාන්‍යයේ, පවතින මූල්‍ය විනය නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන බවත්, 2024 කම්කරු  පක්ෂ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් පරිදි, වැඩකරන ජනතාව මත බදු ඉහළ නොදමන බවටත්, ඔහු විසින්  ප්‍රතිඥා දී ඇත.

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)
6/22/2026
(harshaprs@yahoo.com)


මුලාශ්‍රය :

Starmer resignation live: Britain's prime minister to step down, Burnham puts himself forward as successor


සබැඳි ලිපියක් :
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් ඉල්ලා අස්වෙයි? | Saroj Pathirana


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...