BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

'ඊශ්‍රායලය සමග කෙලින් කතා එපා' - හිස්බොල්ලා කල්ලියෙන් ලෙබනන රජයට තර්ජන

T

The Leader Desk

June 23, 2026 • 10:59 AM

'ඊශ්‍රායලය සමග කෙලින් කතා එපා'  - හිස්බොල්ලා කල්ලියෙන් ලෙබනන රජයට තර්ජන

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනය සහ ඊශ්‍රායලය අතර නව සාකච්ඡා වටයක් අද (23) වොෂින්ටන් නුවර දී පැවැත්වේ.
  • එහෙත්, ගැටුමට හොඳම විසඳුම ඊශ්‍රායලය හා මුහුණට මුහුණ සාකච්චා පැවැත්වීම බව ලෙබනන බලධාරීහු අවධාරණය කරති.
  • පසු ගිය මාර්තු 2 දා සිට, ඊශ්‍රායල - ලෙබනන ගැටුම අළුත්  විය.
  • එම අඛණ්ඩ ප්‍රහාර හමුවේ, ලෙබනන වැසියෝ 4000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

එක්සත් ජනපදය සහ ඉරානය අතර සාකච්ඡා සඳහා ලෙබනනය ද ඈඳා ගැනීම ඉරානයේ අපේක්ෂාවක් විය. එහෙත්, ගැටුමට හොඳම විසඳුම ඊශ්‍රායලය හා මුහුණට මුහුණ සාකච්චා පැවැත්වීම බව ලෙබනන බලධාරීහු අවධාරණය කරති.

පසු ගිය මාර්තු 2 දා සිට, ඊශ්‍රායල - ලෙබනන ගැටුම අළුත්  විය. ඉරානයට පක්ෂපාතීත්වය පළ කරමින් හිස්බොල්ලා  සන්නද්ධ කල්ලිය ඊශ්‍රායලය දෙසට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායල පාබල සහ ගුවන් හමුදා එක්ව ලෙබනනයේ දැඩි ආක්‍රමණශීලී ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ. එම අඛණ්ඩ ප්‍රහාර හමුවේ, ලෙබනන වැසියෝ 4000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

gti7i7

 

ඉකුත් අප්‍රේල් සිට යත්න දැරූ, ලෙබනන - ඊශ්‍රායල සාකච්ඡා වට හතරක් ම අසාර්ථක විය. කෙසේ වෙතත්, එක්සත්  ජනපද - ඉරාන මූලික  සාම ගිවිසුම ක්‍රියාත්මක කිරීමත් සමග, ඊශ්‍රායල - ලෙබනන ගැටුම් ද මෙම සතියේ ඉසිඹු ලද්දේය. සටන් විරාම ගිවිසුම සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම්, ලෙබනනය ඇතුළු සියලු පෙරමුණු හි, යුද්ධය වහා අවසන් කළ යුතු බව, ඉරානය උදක්ම අවධාරණය කළේය. ඉරාන හිතවාදී හිස්බොල්ලා සංවිධානයට එම ප්‍රකාශය ඉමහත් සතුටට කරුණකි.  එහෙත්, ලෙබනන රාජ්‍යයට එය අවාසි සහගත තත්ත්වයකි. ඉරානයට කිසිවිට ලෙබනනය  නියෝජනය කරමින් සාකච්ඡා කිරීමේ අයිතියක් නැතැයි, ලෙබනන ජනපති, ජෝසේෆ් අවුන් පුන පුනා අනතුරු ඇඟවීය.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර විශ්වසනීයත්වය නිරන්තරව පළුදුව පැවතීම එම සාකච්ඡා ඉදිරියට රැගෙන යාමට බාධාවකි. ඊශ්‍රායල ඉල්ලීම් එපරිදිම ඉටුකිරීමට ලෙබනනය අපොහොසත් බව ලෙබනන නිලධාරීහු පවසති.

ලෙබනනයෙන්,  ඊශ්‍රායල හමුදා ඉවත් කිරීම සාම ක්‍රියාවලියට අත්‍යවශ්‍ය කටයුත්තකි. එහෙත්, එම හමුදා, දකුණු ලෙබනනයේ අඛණ්ඩව රැඳී සිටින බව, ඊශ්‍රායල නිලධාරීන් විසින් අවධාරණය  කර තිබේ. එහෙත්,  එම හමුදා, ලෙබනනයෙන් ඉවත් වීම පිලිබඳ සාධාරණ කාලසටහනක් දෙරට අතර සාකච්ඡා හිදී, ඉදිරිපත් කළ යුතු බව ලෙබනන නිලධාරීහු කියා  සිටිති.

"මේ සාකච්ඡා හි අවබෝධාත්මක සන්ධිස්ථානයකට පිවිසිය හැක්කේ එවිට පමණයි. විශේෂයෙන්ම, ඉරානය හා කඹ ඇදීමක නිරත අවස්ථාවක," ලෙබනන නිලධාරියකු පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරයි.

 

77661916 605
හිස්බොල්ලා සංවිධානය පූර්ණ වශයෙන් නිරායුධ කර, ලෙබනනය හා  'පවිත්‍ර' සාම ගිවිසුමකට පිවිසීම ඊශ්‍රායලයේ අපේක්ෂාවයි. ඔවුන් සාකච්ඡා මේසයට හිඳ  ගන්නේ, එම අරමුණ පෙරදැරිව ය. ඊශ්‍රායලයට,  ලෙබනනය සමග පවතින ගැටලුව හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය පමණි. එය නිරායුධ කර විසුරුවා හැරීම ඊශ්‍රායලයේ ඒකායන අධිෂ්ඨානයයි.  පූර්ණ වශෙයන් ආයුධ බිම තැබීම හිස්බොල්ලා කල්ලිය ප්‍රතික්ෂේප කර සිටී. ඊශ්‍රායලය සමග සෘජු සාකච්ඡාවට නොයන ලෙස ඔවුහු ලෙබනනයට බල කර සිටිති.

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)

6/23/2026
(harshaprs@yahoo.com)

 

 New Lebanon-Israel talks to begin, in shadow of US-Iran deal

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...