BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

කුරුලු උණ බියෙන් පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියානු කුකුළු මස් තහනම් කරයි

T

The Leader Desk

June 24, 2026 • 8:38 AM

කුරුලු උණ බියෙන් පැපුවා නිව් ගිනියාව ඕස්ට්‍රේලියානු කුකුළු මස් තහනම් කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඕස්ට්‍රේලියාවෙන් දරුණු H5N1 කුරුලු උණ තත්ත්වයක අවදානමක් හට ගැනීමත් සමග, එරට එම ආවේක්ෂණ කටයුතු දැඩි කර තිබේ.
  • සඳුදා (22), දකුණු ඕස්ට්‍රේලියාවේ ෆොර්ව්ලර්ස් බේ ප්‍රදේශයෙන් මිය ගිය උප- ඇන්ටාර්ක්ටික් පක්ෂීන් දෙදෙනකු සහ පෙලිකන් පක්ෂියකු හඳුනා ගැනීමත් සමග එම පරීක්ෂණ ආරම්භ කෙරිණි.
  • ඊට  කි.මී.1200ක් පමණ එපිටින් පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවේ, එස්පෙරන්ස් වෙතින් එහි මුල් රෝගී සාම්පල වාර්තා විය.
  • රෝග කාරක හඳුනා ගැනීමේ බිම් මට්ටමේ පරීක්ෂණ සහ ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන ඒ පිලිබඳ නිරීක්ෂණ ද ආරම්භ කර ඇතැයි, දකුණු ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

අසල්වැසි පැපුවා නිව් ගිනියාව ද, ඕස්ට්‍රේලියාවේ කුකුළු ගොවිපොළ සහ එම වෙළඳපොල සිට ආනයනය කෙරෙන සියලු නිෂ්පාදන වහා ක්‍රියාත්මක වන පරිදි තහනම්  කර ඇත.

සඳුදා (22), දකුණු ඕස්ට්‍රේලියාවේ ෆොර්ව්ලර්ස් බේ ප්‍රදේශයෙන් මිය ගිය උප- ඇන්ටාර්ක්ටික් පක්ෂීන් දෙදෙනකු සහ පෙලිකන් පක්ෂියකු හඳුනා ගැනීමත් සමග එම පරීක්ෂණ ආරම්භ කෙරිණි. ඊට  කි.මී.1200ක් පමණ එපිටින් පිහිටි බටහිර ඕස්ට්‍රේලියාවේ, එස්පෙරන්ස් වෙතින් එහි මුල් රෝගී සාම්පල වාර්තා විය.

bird flu 1

රෝග කාරක හඳුනා ගැනීමේ බිම් මට්ටමේ පරීක්ෂණ සහ ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කර ගනිමින් සිදු කෙරෙන ඒ පිලිබඳ නිරීක්ෂණ ද ආරම්භ කර ඇතැයි, දකුණු ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු පවසති. දකුණු ඕස්ට්‍රේලියාවේ බටහිර සහ ඈත බටහිර වෙරළ තීරයේ මුහුදු සිංහයින් බහුලව ගැවසෙන කලාපයක එම විශේෂ නිරීක්ෂණ ක්‍රියාත්මක ය. එහිදී දැඩි අවදානම් කලාප ලෙස හඳුනාගැනෙන ප්‍රදේශයන්හි  පරීක්ෂණ වාර ගණන නිරන්තරව වර්ධනය කෙරේ.

තවමත් එරට එම  සෞඛ්‍ය තත්ත්වයේ අවදානම් ව්‍යාප්තියක් වාර්තා නොවේ.

196 094202 first case h5n1 bird flu discovered in australia 700x400 1781935649623 59jfj1
ඕස්ට්‍රේලියාවේ  කුකුළු මස් නිෂ්පාදනය ප්‍රධාන වශයෙන් දේශීය පරිභෝජනය පිණිස වේ. එරට විශාලතම කුකුළු මස් අපනයන වෙළඳපොළ අසල්වැසි පැපුවා නිව් ගිනියාව ය. 2023 වසරේ එරට වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 30.38කට ආසන්න ඕස්ට්‍රේලියානු කුකුළු මස් සහ ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරිණි.

ඕස්ට්‍රේලියානු කුකුළු ගොවිපොළ සියල්ල එම සෞඛ්‍ය තත්ත්වයෙන් ආරක්‍ෂිත බව,  එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. උද්ගත තත්වය පිලිබඳ පැපුවා නිව් ගිනියා බලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.

(සටහන: හර්ෂ උදයකාන්ත පීරිස්)

6/24/2026
(harshaprs@yahoo.com)

 

Australia ramps up bird flu testing as second state reports case

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...