එකක් පසු පස එකක් වශයෙන් සිදු වූ එම බිහිසුණු භූ කම්පන මාලාවෙන් අනතුරුව පසු කම්පන 24කට අධික සංඛ්‍යාවක් ද හට ගත්තේය.
එරට අන්තර්වාර ජනපති ඩෙලසි රොද්‍රිගෙස්, රට පුර වහා ක්‍රියාත්මක හදිසි තත්ත්වයක් නිවේදනය කළාය. කරාකස් අගනුවර සහ අන් ප්‍රදේශවල ගොඩනැගිලි බිමට සමතලා විය.
රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ රොද්‍රිගෙස්, භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත් වෙනිසියුලා ජනතාව වෙත ශෝකය ප්‍රකාශ කරන බව කියා සිටියාය. ව්‍යසනයෙන් ජීවිතක්ෂයට පත් සහ තුවාළ ලද සමස්ත සංඛ්‍යාව පිලිබඳ මෙතෙක් නිවැරදි තොරතුරු අනාවරණය නොවේ.
කරාකස් අසල, මයිකෙටී ගුවන්තොටුපොළ ට ද දැඩි අලාභ හානි සිදුව ඇති අතර බලධාරීහු එය වසා දැමීමට පියවර ගත්හ.
රිච්ටර් මාපක 7.2ක මුල් භූ කම්පනය යාරකූයි ප්‍රාන්තයේ සැන් ෆිලිපේ වෙතින් වාර්තා වූ අතර ඊට හරියටම තත්පර 39කට පසු රිච්ටර් මාපක 7.5ක තවත් අති ප්‍රබල භූ කම්පනයක් සිදු වූ බව එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය පැවසීය.
ජනතාවට සිය නිවෙස් අතහැර වහා ආරක්ෂක ස්ථාන කරා පලා යන ලෙස අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය දැන්වීය.
එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව වෙත කඩිනම් වෛද්‍යාධාර සහ වෙනත් මානුෂීය ආධාර පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ. අනෙකුත් ලතින් ඇමෙරිකානු රටවල් සියල්ල ද වෙනිසියුලාව වෙත ආධාර කණ්ඩායම් පිටත් කර යැවීමට පියවර ගත්හ.
විපතට පත් වෙනිසියුලානුවන් වෙත ටොන් 50කට අධික උපකරණ සහ අත්‍යවශ්‍ය සැපයුම් මෙන්ම 300ක ජීවිතාක්රක්ෂක කණ්ඩායමක් පිටත් කර හැරීමට පියවර ගන්නා බව එල් සැල්වදෝර ජනපති, නයීබ් බකෙලේ පැවසීය. ඉක්වදෝරය ද හදිසි ආධාර යැවීමට කටයුතු කරන බව ජනපති ඩැනියෙල් නොබෝවා අසින්, සඳහන් කළේය. බ්‍රසීලය ද එම ආධාර කණ්ඩායම් අතරට එක්වන බව දන්වා තිබේ.
මේ වන විට, සමස්ත වෙනිසියුලාවේ දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය තාවකාලිකව අත්තිටුවා ඇත. සුන්බුන් අතර සිරවී සිටින පිරිස් ආධාර ඉල්ලා කෑගසමින් ඇතැයි ද වාර්තා වේ. විදුලි සැපයුම සහ සන්නවේදන පහසුකම් ද අවහිරව පවතී.
(සටහන: Reuters සහ BBC NEWS ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/25/2026
harshaprs@yahoo.com
මුලාශ්‍ර :
Venezuela's Rodriguez declares state of emergency after earthquake, does not give figure of dead
Powerful back-to-back earthquakes strike Venezuela, collapsing buildings in Caracas




