එමගින්, එක්සත් ජනපද ප්‍රතිපත්ති රාමුව මත වැරදි අර්ථකථනයක් සංස්ථාපනය කෙරෙන බව, එරට රාජ්‍ය දෙපාර්තමේන්තු ත්‍රිත්වයක්, ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.
තායිවානයේ අතිශය වැදගත් පාර්ශ්වකරුවා එක්සත් ජනපදය වේ. එරටට යුද අවි ආනයනය කෙරෙන්නේ ද එක්සත් ජනපදයෙනි. බෙයිජිඞ් වෙතින් එල්ල වන අඛණ්ඩ පීඩනය හේතුවෙන් තායිවානය සහ එක්සත් ජනපදය අතර ද විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ක්‍රියාත්මක නොකෙරේ. ස්වෛරී රාජ්‍යයක් ලෙස පවතින තායිවානය තමන් සතු බව, චීනය පවසයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාරෙතමේන්තු දෙකක්වන කෘෂිකර්ම සහ වෙළඳ දෙපාර්තමේන්තු විසින් චීනයේ මෙම නොපනත්කම් පිලිබඳ දන්වා, ආණ්ඩුකාර කාර්යාල සහ සමාගම් ප්‍රධානීන් වෙත ලිපි යොමු කර තිබේ. මෙම 16 දාතමින් යුක්තව නිකුත් කර ඇති එම ලිපි පිළිබඳව ඊයේ (24), තායිවානය කරුණු අනාවරණය කළේය. තායිවානය සමග කටයුතු නොකරන ලෙස දන්වා, එක්සත් ජනපද අභ්‍යන්තර ආයතන සහ එරට පුද්ගලික ව්‍යාපාරායතන වෙත චීන තානාපති කාර්යාලය සහ කොන්සල් කාර්යාල විසින් නිරන්තර ඇමතුම් ගලා එන බව එහි දැක්වේ.
එමගින් චීනයේ, තායිවානය පිලිබඳ ප්‍රතිපත්තිය එක්සත් ජනපදය විසින් අනුමත කර ඇති බවට වැරදි අර්ථකථනයක් ලබා දීමට කටයුතු කර ඇතැයි, එක්සත් ජනපද දෙපාර්තමේන්තු විසින් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනයන්හි සඳහන් ය. චීනය විසින් එවන් බලපෑම් එල්ල කෙරෙන ඕනෑම මොහොතක එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අමතන ලෙස එමගින් අදාළ ආයතන සහ සමාගම් දැනුම්වත් කර තිබේ.
චීනයේ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍යංශය ඒ පිලිබඳ මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නැත. වොෂින්ටනයේ, 'එක් චීනයක්' ප්‍රතිපත්තිය යටතේ එක්සත් ජනපදය, තායිවානයේ ස්වෛරී භාවය සම්බන්ධයෙන් කිසිදු ස්ථාවර මතයක පිහිටා කටයුතු නොකරන බව ද, එමගින් වැඩි දුරටත් දන්වා තිබේ.
තායිවානය ගෝලීය වෙළඳ පොළ ප්‍රධාන භූමිකාවක් නියෝජනය කරන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු නිවේදනයන්හි දැක්වේ. දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය සහ එරට ව්‍යාපාර ක්ෂේත්‍රය, තායිවානය සමග ඉතා යහපත් කල්ක්‍රියාවේ පසුවේ. තායිවානය යනු එක්සත් ජනපදයට ඉතා වැදගත් පාර්ශ්වකරුවකු බවත්, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සාර්ථක උදාහරණයක් බවත් එම ලිපි අන්තර්ගතයේ වැඩි දුරටත් දැක්වේ.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/25/2026
(harshaprs@yahoo.com)
US says China trying to discourage states, businesses from engaging with Taiwan




