රජයන් රැසක් එරට වෙත, මුදා ගැනීමේ කණ්ඩායම් කඩිනමින් පිටත් කර හැරීමට ද පියවර ගත්හ. බදාදා (24) සිදුවූ අතිශය දරුණු භූ කම්පන දෙකකින් සහ ඉන් අනතුරුව හටගත් පසු කම්පන 30කින් පමණ වෙනිසියුලාවේ පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව තවත් විශාල පිරිසක් තුවාළ ලබා සිටිති. ලක්ෂයකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තවමත් සැක කරන බව, ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එරටින් ලැබෙන නිල තොරතුරුවලට අනුව, මේ වන විට පුද්ගල මළ සිරුරු 188ක් හමුව ඇත. තුවාළ ලද බවට වාර්තා වන පුද්ගලයින් සංඛ්‍යාව 1,500 ඉක්මවයි.

බදාදා සිදු වූ මුල් භූ කම්පනයේ ප්‍රබලත්වය රිච්ටර් මාපක 7.2කි. එය සිදුව, තත්ත්පර 39කට පසු, රිච්ටර් මාපක 7.5ක තවත් ප්‍රබල භූ කම්පනයක් සිදු විය. එරට කරාකස් අගනුවරට බටහිර කි.මී 160කට එපිටින් එම භූ කම්පන හට ගත්තේය. අවට ගොඩනැගිලි 250කට අධික සංඛ්‍යාවක් විනාශ විය. 200කට අධික පිරිසක් තවමත් එම සුන්බුන් අතර සිරව ඇතැයි ද වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය:

වෙනිසියුලාව වෙත පිටත් කර හරින ලද ජාත්‍යන්තර සෝදිසි සහ මුදා ගැනීමේ කණ්ඩායම් සමග නිරන්තර සම්බන්ධීකරණයේ පසුවන බව, එක්සත් ජාතීන්ගේ ආධාර ප්‍රධානී, ටොම් ෆ්ලෙචර් පැවසීය.
"ඉදිරි දින කිහිපය තුළ සුවිසල්, කණ්ඩායම් ක්‍රියාන්විතයක් සිදු කිරීමට අවශ්‍යයි. එරට රජයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ප්‍රතිචාර සහ සහායක ප්‍රජාව වෙත අපගේ පූර්ණ අනුග්‍රහ දක්වනවා," ඔහු පැවසීය.
"වෙනිසියුලාවේ මිලියන 8ක ට අධික ජනගහනය, මෙම භූ කම්පනයට පෙර සිටම දැඩි ආධාර අවශ්‍යතාවකින් පසු වුණා. මේ විපත ඔවුන් කබලෙන් ලිපට වැටීමක්," ඔහු වැඩි දුරටත් පැවසීය.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව:

වෙනිසියුලාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක මානුෂීය ආධාර ලබා දෙන බව, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සහ ජාත්‍යන්තර වෛද්‍ය බලකාය නම්, ලාභ නොලබන සංවිධානය වෙත ඩොලර් මිලියන 50ක සහ එක්සත් ජාතීන්ගේ සංචිත අරමුදල වෙත සම්පාදනය කෙරෙන ඩොලර් මිලියන 100ක ආධාර ඊට ඇතුළත් ය.
ඊට අමතරව, වොෂින්ටනය, නාගරික සෝදිසි සහ මුදා ගැනීමේ ඒකක දෙකකින් යුත් විපත් ප්‍රතිචාර කණ්ඩායමක් ද වෙනිසියුලාව වෙත පිටත් කර යවා ඇත. එම ප්‍රතිචාර කණ්ඩායම් ප්‍රවාහනයට මෙන්ම, විපතට පත් ප්‍රදේශ වෙත ජීවිත ගලවා ගැනීමේ සැපයුම් ප්‍රවාහනයට අවශ්‍ය ගුවන් ප්‍රවාහන සහ තවත් සේවා සැපයුම් රැසක් ද, ඒ අතර වේ.
"මේ වෙනිසියුලාවේ මුඛ්‍ය අවශ්‍යතාව සෝදිසි සහ මුදා ගැනීමේ ක්‍රියාන්විතයයි," එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මාර්කෝ රුබියෝ මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
ඒ සඳහා අවශ්‍ය සැපයුම් සහ කණ්ඩායම් ප්‍රවාහනයට, මෙන්ම, සහන මෙහෙයුම් පිණිස, එක්සත් ජනපද හමුදා ඉදිරිපත්ව සිටිති.
XIV ලියෝ පාප් වහන්සේ:
ලියෝ පාප් වහන්සේ විසින් වෙනිසියුලාව වෙත, වතිකානු පුණ්‍ය අරමුදලෙන් යුරෝ 100,000ක (ඇමෙරිකානු ඩොලර් 114,000) ආධාරයක් ලබා දී තිබේ.
ලෝක මධ්‍යම මුළුතැන්ගෙය:
සිය කණ්ඩායම එක්ව, කරාකස් අගනුවර, පිසූ ආහාර බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි, ගෝලීය මානුෂීය ආධාර සම්පාදක ලෝක මුළුතැන්ගෙය නිර්මාතෘ, සූපවේදී ජොසේ ඇන්ඩ්‍රෙස් ඊයේ (25) පැවසීය. සිය ලෝන්ගර් ටේබල්ස් අරමුදලෙන් (Longer Tables Fund ) වෙනිසියුලාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියනයක කඩිනම් ආධාර ලබා දෙන බව ද ඔහු එක්ස් (X) සටහනක පැවසීය.
එල් සැල්වදෝරය:
එල් සැල්වදෝරය, ටොන් 50ක වෛද්‍යාධාර රැගත් 300ක මුදා ගැනීමේ කණ්ඩායමක් වෙනිසියුලාව වෙත පිටත් කර යැවීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි, ජනපති නයීබ් බූකෙලේ පැවසීය.
මෙක්සිකෝව:
ඊයේ මෙක්සිකානු මුදා ගැනීමේ සහ වෛද්‍ය කණ්ඩායමක් වෙනිසියුලාව බලා පිටත් විය. සෙබළුන් 250ක මුදා ගැනීමේ බලකායක්, එම ක්‍රියාන්විත සම්බන්ධයෙන් පුහුණු සුනඛයින් පස් දෙනෙක්, ගුවන් යානා හතරක්, ඩ්‍රෝන යානයක්, මුදා ගැනීමේ උපකරණ සහ වෛද්‍ය සැපයුම් ද ඒ අතර වන බව එරට ජනපති ක්ලෝඩියා ෂයින්බවුම් පැවසුවාය.
කොලොම්බියාව:
පුද්ගලයින් 60 දෙනකුගෙන් සමන්විත නාගරික සෝදිසි සහ මුදා ගැනීමේ කණ්ඩායමක් වෙනිසියුලාව වෙත පිටත් කළ බව, කොලොම්බියානු, විපත් අනතුරු කළමනාකරණ ජාතික ඒකකය පැවසීය. එරට කාලී නගරයේ ගිනි භටයින් නව දෙනෙක් ද ඊට ඇතුලත් වෙති.
ඉක්වදෝරය:
ඉක්වදෝරය ද ඊයේ වෙනිසියුලාව වෙත, මුදා ගැනීමේ සහන කණ්ඩායමක් පිටත් කර හැරියේය. නාගරික සෝදිසි සහ මුදා ගැනීමේ විශේෂඥයින් 46 දෙනෙක්, සෝදිසි මෙහෙයුම් පිණිස පුහුණු කළ නිල සුනඛයින් දෙදෙනෙක් සහ මෙට්‍රික් ටොන් 6ක අත්‍යවශ්‍ය උපකරණ තොගයක් ද ඊට ඇතුළත් ය.
පැනමාව:
වෙනිසියුලාව වෙත මුදා ගැනීමේ සහන කණ්ඩායමක් සහ මානුෂීය ආධාර යැවීමට කටයුතු කරන බව, පැනමා ජනපති, ජොසේ රාවුල් මුලිනෝ පැවසීය.
සහාය ප්‍රතිචාර ලෙස වෙනිසියුලාව වෙත, මහජන ආධාර එකතු කිරීමේ වැඩසටහනක්ද බලධාරීන් විසින් ආරම්භ කර ඇතැයි ඔහු කීය.
ප්‍රංශය:
අනතුරට පත් පුද්ගලයින් සොයා මුදා ගැනීම පිණිස, වෛද්‍ය කණ්ඩායම්, ඉංජිනේරුවන් හා නිල සුනඛයින් ගෙන් සමන්විත නාගරික සෝදිසි සහ මුදා ගැනීමේ කණ්ඩායමක් වෙනිසියුලාව වෙත පිටත් කර හරින බව ප්‍රංශය පැවසීය.

ස්පාඥ්ඥය:
ස්පාඥ්ඥ හමුදාවේ සෝදිසි සහ මුදා ගැනීමේ බලකා සෙබළුන් 57 දෙනකු රැගත් හමුදා ගුවන් යානයක් සහ මැඩ්රිඩ් කලාපයේ ගිනිභටයින් 40 දෙනකු වෙනිසියුලාව බලා පිටත් කළ බව, එරට ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.
ඉතාලිය:
වෙනිසියුලාව වෙත කඩිනම් සහන කණ්ඩායමක් පිටත් කර හරින බව, ඉතාලි සිවිල් ආරක්ෂක ඒජන්සිය පැවසීය. එරට ආරක්ෂක අමාත්‍යාංශ පිරිස්, ගිනි භටයින් සහ ගුවන් හමුදාවද එම සහන සේවා පිණිස සහාය දක්වන බව, ඉතාලි විදේශ අමාත්‍ය, අන්තෝනියෝ තජානි පැවසීය.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/26/2026
(harshaprs@yahoo.com)
International aid heads to Venezuela after deadly earthquake




