BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ගල්ෆ් කලාපයේ තවමත් අළු යට ගිනි; 'තායිවාන නෞකාවට ගැහුවේ ඉරානය'- එක්සත් ජනපදය

T

The Leader Desk

June 26, 2026 • 11:32 AM

ගල්ෆ් කලාපයේ තවමත් අළු යට ගිනි; 'තායිවාන නෞකාවට ගැහුවේ ඉරානය'- එක්සත් ජනපදය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් තිබූ, තායිවාන එවර්ග්‍රීන් මැරයින් නෞකා සමාගමට අයත් නෞකාවකට ඊයේ (25), ප්‍රහාරයක් එල්ල වීමත් සමග, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) එහි සිය පෙර ගමන් සේවා අත්හිටුවීමට පියවර ගත්තේය.
  • නෞකාව එම අවස්ථාවේ,  UKMTO බ්‍රිතාන්‍ය නාවුක ඒජන්සියේ මාර්ගෝපදේශන යටතේ යාත්‍රා කරමින් පැවති බව, තායිවාන සමාගම සඳහන්  කරයි.
  • එය ඉරානය විසින්ම එල්ල කළ ප්‍රහාරයක් බව, එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කියයි.
  • මේ අතර, හෝර්මුස් කලාපයේ අනුමත පෙදෙස් වෙතින් ඉවත්ව යාත්‍රා කරන නෞකා ආරක්ෂාව සම්බන්ධයෙන් වග නොවන බව, එම සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය කළමනාකරණය පිණිස  ස්ථාපිත කරන ලද, ඉරානයේ පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය විසින් නිවේදනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


තායිවාන මව් සමාගමේ, සිංගප්පූරු අනු සමාගමකට අයත්, 'එවර් ලව්ලි' (⁠Ever Lovely) නම්, නෞකාවට එම ප්‍රහාරය එල්ල විය.  ප්‍රහාරයෙන් නෞකාවේ දකුණු ඇල පස  පාලන මැදිරි වීදුරු බිඳී ගියේය. නෞකාව එම අවස්ථාවේ,  UKMTO බ්‍රිතාන්‍ය නාවුක ඒජන්සියේ මාර්ගෝපදේශන යටතේ යාත්‍රා කරමින් පැවති බව, තායිවාන සමාගම සඳහන්  කරයි.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ තහනම් කලාපයන්හි යාත්‍රා කෙරෙන නෞකා වෙත, ටෙහ්රානය විසින් අනතුරු අඟවා පැය කිහිපයකට පසුව, එම ප්‍රහාරය එල්ල වී තිබේ. එය ඉරානය විසින්ම එල්ල කළ ප්‍රහාරයක් බව, එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කියයි. මේ අතර, හෝර්මුස් කලාපයේ අනුමත පෙදෙස් වෙතින් ඉවත්ව යාත්‍රා කරන නෞකා ආරක්ෂාව සම්බන්ධයෙන් වග නොවන බව, එම සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය කළමනාකරණය පිණිස  ස්ථාපිත කරන ලද, ඉරානයේ පර්සියානු ගල්ෆ් සමුද්‍ර සන්ධි අධිකාරිය විසින් නිවේදනය කර තිබේ.

හෝර්මුස් කලාපයේ තහනම් මාවත් ඔස්සේ යාත්‍රා කෙරෙන නෞකා සම්බන්ධයෙන් සියලු වගකීම නෞකා හිමිකාරීත්වය, මෙහෙයුම්කරු සහ එහි කපිතාන් සතු බව, එම නිවේදනයේ දැක්වේ.

hhhhhhhhhh67
ප්‍රහාරයෙන් 'එවර් ලව්ලි' නෞකාවේ කාර්ය මණ්ඩලයට සහ භාණ්ඩවලට හානියක් නැතැයි, නෞකාව හිමි සමාගම පැවසීය. ඉරාන ඩ්‍රෝන යානයක් මගින් එම ප්‍රහාරය සිදු කළ බවට සැක කරන බව ද එම සමගම කීය. කෙසේ වෙතත්, නෞකාව නිරුප්‍රදිතව, හෝර්මුස් සමුද්‍ර සන්ධියෙන් පිට වීමට සමත් වූවාය.

ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපද රජය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් සිදු කර නොමැත. යුද්ධය අවසන් කිරීම පිණිස අත්සන් තැබුණු මූලික ගිවිසුම ප්‍රකාරව, ඉරාන නිලධාරීන් කටයුතු නොකරන්නේ නම්, සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට පියවර නොගන්නේ නම්, ඉරානයට යළි බෝම්බ හෙළන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙර සිට අනතුරු අඟවා තිබේ.

පෙබරවාරි 28, ඉරාන යුද්ධය ඇරඹි තැන් සිට, ගල්ෆ් කලාපයේ සහ හෝර්මුස්  සමුද්‍ර සන්ධියේ සිරවී හෝ අතරමංව ඇති නෞකා සිය ගණනක්, ආරක්ෂිතව එම කලාපයෙන්  පිට කිරීමේ වගකීම එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය විසින් ස්වේච්ඡාවෙන් භාර  ගෙන තිබේ. එම නෞකා මුදා ගැනීමේ  ක්‍රියාන්විතයේ ආරක්ෂාව තහවුරු කෙරෙන තෙක්, සිය මෙහෙයුම අත්හිටුවන බව, එම සංවිධානය විසින් දැනුම්  දී ඇත. කෙසේ වෙතත්, නවතම ප්‍රහාරයට බඳුන් වූ නෞකාව, එම සංවිධානයේ මුදා ගැනීමේ ලේඛනයේ සඳහන් නොවන නෞකාවක් බවද දන්වා තිබේ.  

එම සංවිධානයේ මාර්ගෝපදේශන සහ එක්සත් ජනපද අධීක්ෂණය යටතේ, සමුද්‍ර මාර්ග දෙකක් ඔස්සේ ගල්ෆ් කලාපයේ සිරවී ඇති නෞකා මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය. ඉරාන සමුද්‍ර පිවිසුම සහ ඕමාන සමුද්‍ර පිවිසුම එම මාර්ග දෙක වේ.


ඕමාන පිවිසුම ඔස්සේ යාත්‍රා කරමින් පැවති නෞකාවක් වෙත එල්ල වූ මෙම නවතම ප්‍රහාරය, හෝර්මුස් කලාපයේ ඉදිරි ඉරාන ආධිපත්‍ය ව්‍යාප්තිය පිලිබඳ පූර්ව අනතුරු ඇඟවීමකි.

එම නවතම සිදුවීමට පෙර, ගල්ෆ් රාජ්‍ය වෙත සංචාරයක් අවසන් කරමින් මාධ්‍ය ඇමතූ  එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, මාර්කෝ රුබියෝ,  හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන නෞකාවන්ට ඉරානය යළි තර්ජන එල්ල කළහොත් තත්ත්වය දරුණු වනු ඇතැයි, අනතුරු ඇඟවීය.

කෙසේ වෙතත්, එම සමුද්‍ර සන්ධියේ පාලනය සියත තබා ගන්නා බව ඉරානය විසින් අවධාරණය කර තිබේ. ඒ ඔස්සේ ආරක්ෂිතව යාත්‍රා කළ හැක්කේ, අනුමත මුහුදු මාර්ගයේ පමණක් බවත්, එම නීති උල්ලංඝනය කරන නෞකාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන බවත්, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ඊයේ දන්වා සිටියේය.  

(සටහන: Reuters ඇසුරින්;  හර්ෂ උදයකාන්ත පීරිස්)

6/26/2026
(harshaprs@yahoo.com)


UN halts escort of ships through Hormuz after vessel comes under attack

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ගල්ෆ් කලාපයේ තවමත් අළු යට ගිනි; 'තායිවාන නෞකාවට ගැහුවේ ඉරානය'- එක්සත් ජනපදය | The Leader