BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

යළි කතා ඇරඹීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟයි

T

The Leader Desk

June 29, 2026 • 8:00 AM

යළි කතා ඇරඹීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්ෆ් කලාපයේ නවතම ගැටුම් නවතා සාම සාකච්ඡා යළි ආරම්භ කිරීමට එක්සත් ජනපදය සහ ඉරානය එකඟ වෙති.
  • දෙරට අතර නොබෝදා අත්සන් කෙරුණු අතුරු සාම ගිවිසුම මේ වන විට, දැඩි අනතුරු දායක තත්ත්වයකට පත්ව ඇත.
  • ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමේ සඳහන් සියලු කරුණු පිලිබඳ තාක්ෂණික සාකච්ඡා යථාවත් කෙරේ.
  • එම සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලු නෞකා සඳහා නිදහස් කලාපයක් බවට පත් කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හෝර්මුස් සමුද්‍ර සන්ධිය, එම නවතම සාකච්ඡා හි මුඛ්‍ය මාතෘකාව වේ. දෙරට අතර නොබෝදා අත්සන් කෙරුණු අතුරු සාම ගිවිසුම මේ වන විට, දැඩි අනතුරු දායක තත්ත්වයකට පත්ව ඇත.

ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමේ සඳහන් සියලු කරුණු පිලිබඳ තාක්ෂණික සාකච්ඡා යථාවත් කෙරේ. එම සාකච්ඡා පැවැත්වෙන කාලය තුළ හෝර්මුස් සමුද්‍ර සන්ධිය සියලු නෞකා සඳහා නිදහස් කලාපයක් බවට පත් කෙරේ.

එක්සත්  ජනපදය සහ ඉරානය ජුනි 17 දා, කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමකට එළඹුණහ.

නවතම සාකච්ඡා හෙට (30), කටාර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ය.

 

A man stands beside a fishing pole along the shore as cargo ships and commercial vessels are seen in the Strait of Hormuz off Bandar Abbas, Iran, Wednesday, June 17, 2026. (Amirhosein Khorgooi/ISNA via AP)
ඉකුත් බ්‍රහස්පතින්දා (26), හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කරමින් සිටි නෞකාවකට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමත් සමග නව ගැටුම් ආරම්භ විය. අතුරු  ගිවිසුම උල්ලංඝනය කිරීම පිළිබඳව දෙපසම එකිනෙකාට චෝදනා එල්ල කළහ.

යුද්ධය අවසන් කිරීම පිණිස එළැඹි ගිවිසුමට ගරු නොකෙරේ නම්, ඉරානය මිහිපිටින් තුරන් කරන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි තර්ජනය කිරීමත් සමග, කුවේටයේ සහ බහ්රේනයේ පිහිටි  එක්සත්  ජනපද කඳවුරු වෙත ඊයේ (28)  අළුයම ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. 

ලෙබනනයේ, ඉරාන හිතවාදී හිස්බොල්ලා කල්ලිය වෙත, ඊශ්‍රායලය ද ඊයේ ප්‍රහාරයක් එල්ල කළේය. දකුණු ලෙබනනයේ පිහිටි එම කල්ලියට අයත් භූගත සංකීර්ණයක් ඉලක්ක කර එම ප්‍රහාර සිදු කෙරිණි. ඊට පෙර දින   (27) ද, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ ප්‍රහාර එල්ල කළහ. ලෙබනනය සහ ඉරානය අතර ද මේ වන විට සටන් විරාමයක් ක්‍රියාත්මක ය. එහෙත්,  දෙපස විසින් දිගින් දිගටම එය උල්ලංඝනය කරනු දක්නට ලැබේ. ඉරාන - එක්සත් ජනපද තිරසර සටන් විරාමයක් පිණිස, ලෙබනනයේ සියලු ප්‍රහාර වහා අවසන් කළ යුතු බව, ඉරානය තරයේ කියා සිටී.

බ්‍රහස්පතින්දා, හෝර්මුස් කලාපයේ ඉරාන ප්‍රහාරයෙන් අනතුරුව එක්සත් ජනපදය, ඉරාන ඉලක්ක වෙත ප්‍රති ප්‍රහාර එල්ල කළේය.

 

2026 06 11t193149z 113917332 rc2vrlaxbhrs rtrmadp 3 usa trump 20260611203208608
"තව දුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට බැරි බව පේනවා. අපි, අති සාර්ථකව ආරම්භ කළ හමුදා ක්‍රියාන්විතයෙන් ම මේක ඉවර කරන තැනකට අපව දැන් තල්ලුවෙමින් තිබෙනවා. ඒක එහෙම සිද්ධ වුණොත්, ඉරාන ඉස්ලාමීය ජනරජයක් මිහිපිට තව දුරටත් නොපවතීවී," ජනපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සඳහනක දැක්වීය.

ට්‍රම්ප්ගේ එම ප්‍රකාශයෙන් පැයක් ඉක්ම යන්නට මත්තෙන් එල්ල කළ ඉරාන මිසයිල ප්‍රහාර වලට එරෙහිව, කුවේටයේ  ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක විය. බහ්රේනය ද අනතුරු සයිරන් හඬ නිකුත් කළේය.

ඉරාන ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත දැඩි අලාභ හානි නොවූ බව වාර්තා වේ. බහ්රේනයේ නේවාසික ගොඩනැගිල්ලකට හානි සිදු විය. ඊයේ ගල්ෆ් සයුරු කලාපයේ ගැටුම් හේතුවෙන් හානියට පත් නෞකාවක, කටාර් ජාතිකයකු ජීවිතක්ෂයට පත්වූ බව එම රාජ්‍යය නිවේදනය කළේය. එම හමුදා ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයකු තුවාළ ලද බව ද වාර්තා විය.


(සටහන: Reuters ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)
6/29/2026
(harshaprs@yahoo.com)


මුලාශ්‍රය :

Iran and US agree to halt attacks and renew talks, US official says

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...