BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ඔස්ට්‍රේලියානුවෙක් තායි තරුණියක් මරා සූට් කේසයක හංගලා

T

The Leader Desk

June 29, 2026 • 10:19 AM

ඔස්ට්‍රේලියානුවෙක් තායි තරුණියක් මරා සූට් කේසයක හංගලා  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිලන්ත ජාතික 17 හැවිරිදි තරුණියක් ඝාතනය කළ බවට සැක පිට, එරට පොලිසිය විසින් ඕස්ට්‍රේලියානු ජාතිකයකු අත්අඩංගුවට ගෙන තිබේ.
  • සැකකරු, 46 හැවිරිදි සයිමන් කාර්මන් නමැත්තකු බව එතෙර මාධ්‍ය සඳහන් කරයි.
  • බැංග්කොක් සුවර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්, පර්ත් බලා පලා යාමට සූදානම් ව සිටි අවස්ථාවේ, පසු ගිය සිකුරාදා (27) සවස, එරට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය.
  • ඝාතනයට ලක් වූ තරුණිය,  ඊට පෙර දින පෙරවරුවේ, ඔහු කැටුව මහල් නිවාස සංකීර්ණයකට ඇතුළු වන සී සී ටී වී දර්ශන අදාළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පිණිස යොමු කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඝාතනය කළ තරුණියගේ මළ සිරුර 'සූට් කේසයක' දමා පතායා නිකේතන නගර සීමාවේ විසිකර තිබියදී සොයා ගැනිණි.

සැකකරු, 46 හැවිරිදි සයිමන් කාර්මන් නමැත්තකු බව එතෙර මාධ්‍ය සඳහන් කරයි. බැංග්කොක් සුවර්ණභූමි ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන්, පර්ත් බලා පලා යාමට සූදානම් ව සිටි අවස්ථාවේ, පසු ගිය සිකුරාදා (27) සවස, එරට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය.

ඝාතනයට ලක් වූ තරුණිය,  ඊට පෙර දින පෙරවරුවේ, ඔහු කැටුව මහල් නිවාස සංකීර්ණයකට ඇතුළු වන සී සී ටී වී දර්ශන අදාළ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පිණිස යොමු කෙරිණි. පැය කිහිපයකට පමණ පසු, ඝාතකයා, කළු පැහැ තරමක් විශාල 'සූට් කේසයක්' සමග ඉන් පිටවන අයුරුත්, අනතුරුව, එය යතුරු පැදියක පසු පස තබා, එහි නැගී  පලා යන අයුරුත් එම දර්ශනවල දැක්වේ. පසුව, තායි තරුණිය අවසන් වරට දුටු ස්ථානය ආසන්නයේ, දුම්රිය මගක් අසල ඇගේ නිරුවත් මළ සිරුර සූට් කේසය තුළින් හමු විය.

 

j67777789

ඇය බරපතල  පහර කෑමට ලක්ව ඇතැයිද, මුහුණේ සීරීම් තුවාළ රැසක් වන බව ද, පොලිසිය සඳහන් කරයි. සිකුරාදා සවස  වන තෙක් ඇය ආගිය අතක් නැති බවට ඇගේ මිතුරු මිතුරියන් වෙතින් ලද තොරතුරු මත  ඇය පිලිබඳ සෝදිසි ආරම්භ විය. ඇය,  සැකකරු සමග අදාළ ස්ථානයට පිවිසෙන අවසන් සී සී  ටීවී  දර්ශන නිරීක්ෂණය කළ නිලධාරීහු, වහා ආගමන නිලධාරීන්ට ඒ පිලිබඳ දැන්වීමට කටයුතු කළහ. ඒ අනුව, සැකකාර ඕස්ට්‍රේලියානු ජාතිකයා ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණි.

තමා ආත්මාරක්ෂාව පතා කටයුතු කළා පමණෙකැයි පවසමින්, තරුණිය  ඝාතනය කළ බවට චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේය. තරුණියට පහර දීම අතරතුර ඔහුගේ සිරුරේ ද සීරීම් තුවාළ සිදුව ඇති බවට නිරීක්ෂණය විය. ඒ පිලිබඳ ප්‍රශ්න කිරීමේ දී, එය මකුළු දෂ්ටනයක් හේතුවෙන් සිදු වූ බව, ඔහු විසින් ප්‍රකාශ කර තිබේ. ඔහුට එරෙහිව, ඕස්ට්‍රේලියානු ඩොලර් 20ක් මත පුද්ගල ඝාතනයක් සිදු කිරීම, පුද්ගල මළ සිරුරක් වසන් කිරීම සහ බාල වයස්කාරියක  අනීතික අරමුණක් පතා රැගෙන යාම සම්බන්ධයෙන් තායිලන්ත අධිකරණයේ නඩු පැවරේ.

 

4cgw3t43t54v53tyv
සිදුවීම සම්බන්ධයෙන් අදාළ කොන්සියුලර් සහාය ලබා දෙන බව, ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පොලිස් අත්අඩංගුවට පත්  ඝාතකයා, එම සිද්ධිය පිලිබඳ අදාළ තරුණියගේ දෙමාපියන් හට, වීඩියෝ තාක්ෂණය  ඔස්සේ  කණගාටුව ප්‍රකාශ කරන දර්ශන, පර්ත් හි 'සෙවන්' මාධ්‍ය ජාලයේ (Seven Network) රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ විකාශය විය. "ඔබගේ දියණියට සිදු වූ දේ පිලිබඳ මම කණගාටුව  පළ කරනවා. මෙය සිදු නොවිය යුත්තක්. එහෙත්, ඇය, මගේ පාලනයෙන් ගිලිහී ගියා," ඔහු කියා සිටියේය.

 

සිය දියණිය ඝාතනය කළ තැනැත්තාට මරණ දඬුවම නියම කළ යුතු බව, පොලිස් නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළේ යැයි, තායිලන්ත පොලිස් ස්ථානයක් අසල රැඳෙමින්, තරුණියගේ මව කියා සිටියාය. ඔහුට පහර දීමට  තාමාට  අවශ්‍ය බව පොලිස් නිලධාරීන් ඉදිරියේ පැවසුවද, ඊට අවස්ථා නොලද බව තරුණියගේ මව ප්‍රකාශ කළාය.

එම සිදුවීමට පෙර එම තරුණිය, තම ගෙලට තියුණු පිහියක් එල්ල කළ බව, සැකකරු කියා සිටියේය. ඇයව ගෙල සිර කර ඝාතනය කළ බවට විමර්ශනවලදී අනාවරණය වන බව පොලිස් නිලධාරීහු පැවසූහ. ආත්මාරක්ෂාව පතා එසේ කිරීමට සිදු වූ බව කාර්මන් විසින් පාපොච්චාරණය කර තිබේ.

ඝාතකයා වෘත්තියෙන් ට්‍රක් රියදුරකු බව අනාවරණය වී ඇත. ඔහු තායිලන්තයට පැමිණ ඇත්තේ පසු ගිය වසරේය.

 

a235
කාර්මන්, එම මනුෂ්‍ය ඝාතනයට වරදකරු බවට අධිකරණයේ ඔප්පු වුවහොත් ඔහුට විෂ එන්නත්කරණය මගින් මරණ දඬුවම පැනවෙනු ඇත.

(සටහන: ALJAZEERA සහ 7NEWS Perth ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
6/29/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍ර :

Thai police arrest Australian over killing of teenager found in suitcase

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...