කලක සිට, ජපානය නව මුහුණුවරකින් මිලිටරිවාදය වේගයෙන් ව්‍යාප්ත කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ‘චීන මහජන සමූහාණ්ඩුවේ අපනයන පාලන නීතිය’ හා ‘චීන මහජන සමූහාණ්ඩුවේ ද්වි භාවිත අයිතම් පිළිබඳ අපනයන පාලන රෙගුලාසිය’ ඇතුළු නීති-රීතිවලට අනුව, චීනය අදාළ පියවර ගෙන තිබෙනවා.
ජපානයේ ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය සඳහා වූ ජාතික ආයතනය (National Institute for Defense Studies) ඇතුළු එරට යුදමය ශක්‍යතාවන් ඉහළ නංවාලීමට එක්වූ ආයතන 20ක් මෙම අපනයන පාලන ලැසිස්තුවට ඇතුළත් වනවා.
චීනයේ මෙම ක්‍රියාව නිත්‍යනුකූල හා සාධාරණ ක්‍රියාවක් බවත්, නව මුහුණුවරකින් ක්‍රියාත්මක ජපාන මිලිටරිවාදය මැඩපැවැත්වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත් චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා සඳහන් කළා.




