BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ඇෆ්ඝනිස්ථානයේ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයක්; මරණ තොරතුරු පරස්පරයි

T

The Leader Desk

June 30, 2026 • 5:11 AM

ඇෆ්ඝනිස්ථානයේ පාකිස්ථාන ගුවන් ප්‍රහාරයක්; මරණ තොරතුරු පරස්පරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇෆ්ඝනිස්ථානයේ ඊයේ (29) සිදු කළ පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රහාරයකින් ඇෆ්ඝන් සිවිල් වැසියන් 28 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව, 49 දෙනකු තුවාළ ලබා ඇතැයි, ඇෆ්ඝනිස්ථානයේ, එක්සත් ජාතීන්ගේ සහායක කණ්ඩායම පවසයි.
  • එම ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ඝනිස්ථාන සිවිල් වැසියන් 38 දෙනකු ඝාතනය වූ බව ඇෆ්ඝන් තලිබාන් පාර්ශ්වය කීය.
  • ප්‍රහාරයෙන් තුවාළ ලත් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි, එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම පවසයි.
  • එම පිරිස් ප්‍රතිකාර පිණිස රෝහල් ගත කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඇෆ්ඝන් දේශ සීමාවේ සිදුකළ ඒකාබද්ධ පාබල සහ ගුවන් හමුදා ක්‍රියාන්විතයකින්  සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයින් 29 දෙනකු ඝාතනය කළ බව, පාකිස්ථානය පැවසීය. එම ගුවන් ප්‍රහාර හේතුවෙන් ඇෆ්ඝනිස්ථාන සිවිල් වැසියන් 38 දෙනකු ඝාතනය වූ බව ඇෆ්ඝන් තලිබාන් පාර්ශ්වය කීය. ප්‍රහාරයෙන් තුවාළ ලත් සංඛ්‍යාව ඉහළ යමින් ඇතැයි, එක්සත් ජාතීන්ගේ සහන කණ්ඩායම පවසයි. එම පිරිස් ප්‍රතිකාර පිණිස රෝහල් ගත කර ඇත.

ඊයේ ප්‍රහාරය ඇෆ්ඝන් ඉලක්ක වෙත පාකිස්ථාන හමුදා මෑතක එල්ල කළ දෙවන ප්‍රහාරය වේ. පක්ටියා, පක්ටිකා සහ කුනාර් යන ඇෆ්ඝන් ප්‍රාන්ත තුනෙහි  සන්නද්ධ සතුරු ඉලක්ක වෙත ඊයේ  ප්‍රහාර එල්ල විය. එම ප්‍රාන්ත ත්‍රිත්වයෙහි  පමණක් සතුරු සන්නද්ධ සාමාජිකයි 25 දෙනකු ඝාතනය කළ බව ද, එහි වූ සතුරු අවි සහ උණ්ඩ  විශාල තොගයක් විනාශ කළ බව ද, පාකිස්ථාන තොරතුරු අමාත්‍ය, අතාවුල්ලා ටරාර් පැවසීය.

 

cq35y5y4ey

ප්‍රහාරයෙන් අනතුරට පත් පිරිස් සංඛ්‍යාලේඛන පිලිබඳ පරස්පර වාර්තා පළවේ.  ඇෆ්ඝන් පක්ටියා ප්‍රාන්තයේ පමණක්  නිවසක් වෙත එල්ල කළ පාකිස්ථාන ජෙට් බෝම්බ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 28 දෙනකු ඝාතනය ව 158 දෙනකු තුවාළ ලබා ඇතැයි ඇෆ්ඝන් රාජ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශක හම්දුල්ලා ෆිත්රත් පැවසීය. අනතුරට පත් පිරිස් මුදා ගැනීමට අවට ජනතාව වහා රැස්වෙමින් සිටි  අවස්ථාවේ ඒ වෙත දෙවන ගුවන් ප්‍රහාරයක් ද එල්ල වූ බව ඔහු කීය.  එම සමස්ත ප්‍රහාර හමුවේ, සිවිල් වැසියන් 38 දෙනකු ඝාතනයව, කාන්තාවන් සහ ළමුන් ඇතුළු 163 දෙනකු තුවාළ ලද බව ඔහු කියා සිටියේය.

නිවැසියන් අළුයම නින්දේ පසුවෙද්දී එම ප්‍රහාර එල්ල කර තිබේ.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...