BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

'අපේ කතාවක් නෑ' - ඉරාන නියෝජිතයෝ ; 'ආයෙ ගහන්න වෙයි' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

July 1, 2026 • 9:31 AM

'අපේ කතාවක් නෑ' - ඉරාන නියෝජිතයෝ ; 'ආයෙ ගහන්න වෙයි' - ජනපති ට්‍රම්ප්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සාම කතා බහ පිණිස පිටත්ව ගිය ඉහළ පෙළ එක්සත් ජනපද කිසිදු නියෝජිතයකු හමු වීමේ අදහසක් නැතැයි ඉරානය අද (1) නිවේදනය කළේය.
  • ඒ අනුව, දෙපසම එහි මුඛ්‍ය කරුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණුගත වැඩපිළිවෙළක් වෙත තවමත් එළැඹ නොමැති බව ප්‍රත්‍යක්ෂ වේ.
  • ඉරාන සම්බාධක  ගැටළු විසඳීමට නම්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය මුළුමනින් ඉරාන ග්‍රහණයෙන් මුදා හළ යුතු බව, එක්සත් ජනපදය අවධාරණය කරයි.
  • එහෙත්, ඉරාන නියෝජිතයන් හා මුහුණට මුහුණ සාකච්ඡා වෙනුවට, ඔවුන් මැදහත් පාර්ශ්ව සමග පමණක් සාකච්ඡා කරනු ඇතැයි, කටාරය විසින් දන්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙරට අතර සාම වෑයම තව දුරටත් තරජනයට ලක්ව  පවතී.  

දෙපාර්ශ්වය විසින් මීට දෙසතියකට පමණ පෙර අත්සන් තබන ලද සටන් විරාම ගිවිසුමේ කොන්දේසි තව දුරටත් පහදා, විසඳා ගතයුතු බවත්, ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ සීමා වැනි බරපතල කරුණු පිලිබඳ  සාකච්ඡා ආරම්භ කළ හැක්කේ ඉන් අනතුරුව පමණක් බවත්, ඉරාන නියෝජිතයින් විසින් දන්වා තිබේ.

ඒ අනුව, දෙපසම එහි මුඛ්‍ය කරුණු සාක්ෂාත් කර ගැනීමේ අරමුණුගත වැඩපිළිවෙළක් වෙත තවමත් එළැඹ නොමැති බව ප්‍රත්‍යක්ෂ වේ. ඉරාන සම්බාධක  ගැටළු විසඳීමට නම්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය මුළුමනින් ඉරාන ග්‍රහණයෙන් මුදා හළ යුතු බව, එක්සත් ජනපදය අවධාරණය කරයි.

 

IR2983460284

එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ බෑණා, ජෙරාඩ් කුෂ්නර් සහ විශේෂ  නියෝජිත ස්ටීව් විට්කොෆ් "ඉහළ පෙළ" සාකච්ඡා පිණිස දෝහා නුවරට පැමිණියහ. එහෙත්, ඉරාන නියෝජිතයන් හා මුහුණට මුහුණ සාකච්ඡා වෙනුවට, ඔවුන් මැදහත් පාර්ශ්ව සමග පමණක් සාකච්ඡා කරනු ඇතැයි, කටාරය විසින් දන්වා තිබේ. ඒ අනුව, කුෂ්නර් සහ විට්කොෆ්,  කටාර් අග්‍රාමාත්‍ය, ෂෙයික් මොහම්මෙඩ් බින් අබ්දුල්රහ්මාන් අල්-තානි හමුවීමට නියමිතය.  

යලි ඉරානයට පහර දීම පිලිබඳ ජනපති ට්‍රම්ප් 'දත කන'  බව පෙනේ යැයි බටහිර මාධ්‍යයේ දැක්වේ.  ඔහු සිය ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ජෙනරාල් ඩැන් කෙන් හමුවේ ඉරානයට ඉදිරි ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ සාකච්ඡා කර ඇතැයි, වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත  ද වාර්තා කළේය. කෙසේ වෙතත්, ඉරාන ගැටලුවට පිළිතුරු සොයා ක්‍රියාත්මක ප්‍රජාතාන්ත්‍රික මාවතෙන් ඉවත්වීමට තවම තීරණය කර නැතැයි ද ට්‍රම්ප් එම වාර්තාවේ ප්‍රකාශ කර ඇත.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/1/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :


Iran says it won't meet with U.S. envoys, clouding prospects for peace deal

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අපේ කතාවක් නෑ' - ඉරාන නියෝජිතයෝ ; 'ආයෙ ගහන්න වෙයි' - ජනපති ට්‍රම්ප් | The Leader