BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

තලිබාන් හමුදාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්

T

The Leader Desk

July 1, 2026 • 10:28 AM

තලිබාන් හමුදාවෙන් පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව, ඇෆ්ඝන් තලිබාන් පාලනය පැවසීය.
  • පාකිස්ථානයේ බලොකිස්ථාන දේශසීමා ප්‍රාන්තයේ, සාරානන් නගරයේ පිහිටි අයිසිස් ( ISIS ) මධ්‍යස්ථානයක් සහ කයිබර් දුර්ගයේ පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයේ තවත් ඉලක්ක වෙත සිය හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළ බව, ඇෆ්ඝනිස්ථාන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.
  • ඊට සහභාගී වූ ප්‍රහාරක ඩ්‍රෝන යානා කල්තියා හඳුනා නිෂ්ක්‍රීය කළ බව, පාකිස්ථාන හමුදාව කීය.
  •   ඇෆ්ඝනිස්ථානය සතුව ප්‍රහාරක ජෙට් යානා නොමැති අතර එහි ගුවන් සංචිතයට ඇතුළත් වන්නේ, හමුදා යානා හයකට ආසන්න සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් 23ක් පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):

එම ප්‍රහාරයට පැමිණි ප්‍රාථමික ඩ්‍රෝන යානා හතරක්, සිය හමුදා, දකුණු බලොකිස්ථාන ප්‍රාන්තයට ඉහළ අහසේ  නිෂ්ක්‍රීය කර, වෙඩි තබා බිම හෙළූ  බව පාකිස්ථානය  කීය.

දකුණු ආසියානු රාජ්‍ය දෙකක් අතර නවතම අවි ගැටුමක් වර්ධනය වනු දක්නට ලැබේ.

පාකිස්ථානයේ බලොකිස්ථාන දේශසීමා ප්‍රාන්තයේ, සාරානන් නගරයේ පිහිටි අයිසිස් ( ISIS ) මධ්‍යස්ථානයක් සහ කයිබර් දුර්ගයේ පඛ්තුන්ඛ්වා ප්‍රාන්තයේ තවත් ඉලක්ක වෙත සිය හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළ බව, ඇෆ්ඝනිස්ථාන ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. ඊට සහභාගී වූ ප්‍රහාරක ඩ්‍රෝන යානා කල්තියා හඳුනා නිෂ්ක්‍රීය කළ බව, පාකිස්ථාන හමුදාව කීය. ඉන් එක් ඩ්‍රෝනයක් හඳුනා  තිබුණේ සරානන් හි රජයේ  පාසලක්  ආසන්නයේය. ප්‍රහාරයෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාළ ලබා තිබේ.

9090808nyu

 

ඇෆ්ඝනිස්ථානය සතුව ප්‍රහාරක ජෙට් යානා නොමැති අතර එහි ගුවන් සංචිතයට ඇතුළත් වන්නේ, හමුදා යානා හයකට ආසන්න සංඛ්‍යාවක් සහ හෙලිකොප්ටර් 23ක් පමණි. එහෙත්, තලිබාන් හමුදා පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීම පිණිස ඩ්‍රෝන යානා භාවිතා කරති.

පාකිස්ථානය තුළ  ප්‍රහාර සැලසුම් කරමින් ක්‍රියාත්මක සන්නද්ධ කල්ලි පෝෂණය කිරීම පිලිබඳ එරට රජය ඇෆ්ඝනිස්ථානයට නිරන්තර දෝෂාරෝපණ එල්ල කරන්නේය. ඇෆ්ඝන් තලිබාන් රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. එය පාකිස්ථානයේ අභ්‍යන්තර ගැටළුවක් බව තලිබාන් රජය පවසයි.

පසු ගිය සඳුදා (29), පාකිස්ථාන හමුදා ඇෆ්ඝන් දේශ සීමාවේ එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් සිවිල් වැසියන් 28 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව, 49 දෙනෙක් තුවාළ ලදහ. සිය භූමිය මත  සිදු කළ ත්‍රස්ත ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් එම ප්‍රති-ප්‍රහාර  සිදු කළ බව ඉස්ලාමාබාද් රජය පැවසීය.

මීට පෙර මිතුරු රාජ්‍යව සිට, පසමිතුරන් බවට පත් දෙරට සන්නද්ධ ගැටුම් හේතුවෙන් මේ වසරේ පමණක් සියයකට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. දෙපස ගැටුම් අවම කිරීම පිණිස චීනය මැදහත් කාර්ය භාරයක් ඉටු කළ ද, මෙතෙක්  එහි සාධනීය ප්‍රතිඵල  දක්නට නැත.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

7/1/2026
(harshaprs@yahoo.com)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...