BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

තායිවානය දුටු සිහිනය

T

The Leader Desk

July 3, 2026 • 10:56 AM

තායිවානය දුටු සිහිනය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිවානය රුදු සිහිනයක් දුටුවේය.
  •   රුදු සිහිනය එය වුව, එය, එවන් උපකල්පන මත, මධ්‍යම තායිවානයේ රාජ්‍ය සහ හමුදා නිලධරීන් 370ක් පමණ ඉදිරියේ මෙම සතියේ පැවැත්වුණු අතිශය තීරණාත්මක අභ්‍යාසයකි.
  • චීන හමුදා පීඩනය මධ්‍යයේ තායිවානයේ යුද සූදානම පිලිබඳ ජන සූදානම පිණිස, ජනපති ලායි චින් තේ විසින් දියත් කර ඇති දැනුම්වත් කිරීමේ වැඩසටහනක අංගයක් ලෙස එම දැවැන්ත අභ්‍යාසය සිදු කෙරිණි.
  • තායිවානය ප්‍රජාතාන්ත්‍රික ස්වාධීන රාජ්‍ය පාලනයකින් හෙබි දිවයිනක් වන අතර, චීනය එය සිය දේශයට අයත් බව දිගින් දිගටම පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

චීනය විසින් සාගර සහ ගුවන් තහනමක්  (blockade) පැනවීම අතරතුර සිදුවූ ප්‍රබල භූමිකම්පාවක් බීජිං පාලනය විසින් ප්‍රයෝගකාරී ලෙස අවුල් කළේය.   රූපවාහිනී ආයතන බලහත්කාරයෙන් අත්පත් කර ගැනිණි. භූ කම්පනයෙන් විනාශයට පත් යටිතල පහසුකම් මැද සියලු මෙහෙයුම් සතුරාගේ ග්‍රහණයට නතුව අක්‍රීයව පැවතිණි (sabotage). ඒ සියල්ල අතර  ජනතාව සිය බැංකු ගිණුම්  කඩිනමින් හර කිරීමට පෙළඹී තිබිණි (bank run). දැඩි මහජන නොසන්සුන්තාවක් වර්ධනය වූ අතර ඉන් පසු, පූර්ණ සතුරු ආක්‍රමණයක් සිදු කෙරිණි.  

රුදු සිහිනය එය වුව, එය, එවන් උපකල්පන මත, මධ්‍යම තායිවානයේ රාජ්‍ය සහ හමුදා නිලධරීන් 370ක් පමණ ඉදිරියේ මෙම සතියේ පැවැත්වුණු අතිශය තීරණාත්මක අභ්‍යාසයකි. චීන හමුදා පීඩනය මධ්‍යයේ තායිවානයේ යුද සූදානම පිලිබඳ ජන සූදානම පිණිස, ජනපති ලායි චින් තේ විසින් දියත් කර ඇති දැනුම්වත් කිරීමේ වැඩසටහනක අංගයක් ලෙස එම දැවැන්ත අභ්‍යාසය සිදු කෙරිණි. තායිවානය ප්‍රජාතාන්ත්‍රික ස්වාධීන රාජ්‍ය පාලනයකින් හෙබි දිවයිනක් වන අතර, චීනය එය සිය දේශයට අයත් බව දිගින් දිගටම පවසයි.

t56

මෙම අතිශය සංවෘත අභ්‍යාසය නිරීක්ෂණය කිරීමේ දුලබ අවස්ථාව, රොයිටර්ස් පුවත් සේවයට ද හිමි විය. යතාර්ථයේ එවන් බිහිසුණු අවස්ථාවෙක, මධ්‍යම රජය සමග කටයුතු කරන නිලධාරීන් සහ හමුදාව දරුණු චීන හමුදා ප්‍රහාරයකට සහ එකවිට සිදුවන ආක්‍රමණයකට, මනා සම්බන්ධීකරණයෙන්, එක්ව මුහුණ දෙන්නේ කෙසේදැයි පරීක්ෂාවෙන් අධ්‍යයනය කිරීම එහි අරමුණ විය.

චීන තර්ජනයට එරෙහිව තායිවානය දින දින සිය ප්‍රතිරෝධ ශක්‍යතා තීව්‍ර කරමින් සිටී. ස්වභාවික ව්‍යසනයන්ගේ සිට දිවයින් ව්‍යාප්තී යුද්ධයක් තෙක් ඕනෑම අවස්ථාවෙක, රාජ්‍ය නිලධාරීන් සහ  සිවිල් ජනතාව ඊට කෙසේ සූදානම්ව සිටිය යුතු  දැයි, නිරන්තර  අභ්‍යාස පැවැත්වීමට පියවර ගෙන තිබේ. එහෙත්, ඒ සියල්ල ගතානුගතික පිටපත් පාදක සීමා සහිත ක්‍රියාකාරකම් බවට ද චෝදනා එල්ල වේ.

"අපේ දොරකඩ,  විශේෂයෙන්,  තායිවාන සමුද්‍ර සන්ධියේ සහ ඒ අවට කලාපයේ,  අපි කරන සියල්ල තීරණාත්මකව, උපදේශනාත්මකයි, ඒ සියල්ල අපේ කාර්යභාරයට අති සමීපයි," එම දෙදින අභ්‍යාසය භාරව කටයුතු කළ කාර්ය භාරයක් නොමැති අමාත්‍ය, චී ලියෙන්-ෂෙඞ් රොයිටර්ස් වෙත පැවසීය.

 

t57

"ඔබ, ඔබේ රට ආරක්ෂා කර නොගතහොත්, වෙන කවුරුවත් ඒක ආරක්ෂා කරල දෙයි කියල හිතන්නත්  එපා. මං හිතන්නෙ, මිනිස්සු දැන් ඒක තේරුම් ගන්න පටන් අරන්," ඔහු කීවේය. එම අභ්‍යාසයේ අඩු ලුහුඬු රැසක් පවතින බවත්, සත්‍ය වශයෙන්ම  මුහුණ දීමට සිදුවන එවන් අවස්ථාවක්, බෙහෙවින් බරපතල වියහැකි බව, පිළිගන්නා බවත්  ඔහු කියා සිටියේය.  

තායිවානය සිය පාලනයට නතු කර ගැනීමේ ප්‍රයත්න චීනය විසින් කිසි විටෙකත් බැහැර කර නැත. දිවයිනේ අනාගතය තීරණය කළ යුත්තේ ජනතාව බව, තායිවාන රජයේ ස්ථාවරය ය.  

ඊයේ  (2),  තායිවාන දෙදින අභ්‍යාසය අවසන් වෙද්දී, චීනය ද දිවයින වටා මුහුදු තීරයේ, ඊට නොදෙවෙනි ඊකාබද්ධ යුද හරඹ 'සංදර්ශනයක්' පැවැත්වීය. චීන යුද නෞකා සහ ප්‍රහාරක ගුවන් යානා 22ක් වත් ඊට සහභාගී වූහ. න්‍යෂ්ටික ශක්‍යතාවෙන් යුත් එච් - 6 බෝම්බ ප්‍රහාරක යානයක් ද ඒ අතර විය.

 

t58
ජනපති ලායි, අනවශ්‍ය පීඩනයක් එල්ල කරන බව, තායිවාන කටයුතු පිලිබඳ චීන කාර්යාලය පැවසීය.

"මේකෙන් වෙන්නෙ, තායිවානය අනවශ්‍ය, භයානක යුද ගැටුමකට තල්ලු වීම පමණයි. තායිවාන ජනපති දිගින් දිගටම කලාපයේ සාමය වනසමින් සිටිනවා. ඔහු තමා, තායිවාන සමුද්‍ර සන්ධියේ සහ එම කලාපයේ සියලු අර්බුද ඇති කරන්නෙ. ඔහු ඇත්තටම යුද්ධයට 'ගිනි දෙන්නෙක්,' එහි පුවත් ප්‍රකාශක ජූ ෆන්ග්ලියෙන්  පැවසීය.

තායිවාන දෙදින අභ්‍යාසයේ මුල් දිනය, සාකච්ඡා පාදක සැලසුම් සම්පාදනයෙන් යුක්ත විය. දෙවන දින,  ක්ෂේත්‍ර අභ්‍යාස පැවැත්විණි. තායිවාන බලශක්ති ජනන මධ්‍යස්ථානයක් වෙත තර්ජන එල්ල කළ චීන ඩ්‍රෝන යානයක් විනාශ කෙරෙණු  සහ හදිසි අහාර බෙදා දෙන මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරෙන අන්දම එහි දැකගත හැකි විය.  

පුද්ගලයින් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වෙමින් දැක්වූ,  රිච්ටර් මාපක 6.8ක භූ කම්පන අභ්‍යාසය, හදිසි යුද සැලසුම් අතර, විනාශයට පත් යටිතල පහසුකම් සහ මහජන කැළඹීම්  මැද, විපත් කළමනාකරණය පිලිබඳ අදාළ සියලු පාර්ශ්ව වෙත දැඩි පීඩනයක් ගෙන දුන් අවස්ථාවක් විය.

 

t59
එක්සත් ජනපද හමුදා විසින් වැඩි දියුණු කරන ලද උපාය මාර්ගික සිතියම්කරණ සහ තත්කාලීන සන්නිවේදන පද්ධති මගින් නිලධාරීන් වෙත සතුරු ඉලක්ක පිලිබඳ දැනුවත් කෙරෙන අන්දම, අභ්‍යාස ප්‍රතිචාර මධ්‍යස්ථානයේ පුළුල් තිර මත දර්ශනය කෙරිණි.

ඒ අතර වූ තායිවාන අන්තර්ක්‍රියාකාරී පද්ධති දෙකකින් සජීව විපත් කළමනාකරණ අත්දැකීම් නිරීක්ෂණයට අවස්ථාව සැලසිණ. එහිදී  ගිලන්රථ ධාවනය සහ අදාළ අනෙකුත් සම්පත් නිවැරදිව උපයෝජනය  පිලිබඳ වැඩි අවධානයක් යොමු විය. හමුදා අණ මධ්‍යස්ථාන,  අදාළ රාජ්‍ය පාර්ශ්ව සමග සෘජු සම්බන්ධීකරණයේ නියුතු විය. වඩා පුළුල් හමුදා - සිවිල් ඒකාබද්ධ අභ්‍යාසයක් ලෙස එය පැවැත්විණි.

"අපේ යුද සූදානම පිලිබඳ උපදේශන පණිවුඩය ඉතා පැහැදිලියි. සතුරු  ආක්‍රමණයකට අප රට සූදානම් බව දැනගත් විට, තායිවානයට එරෙහි මිල අධික යුද්ධයක් වෙත ප්‍රවේශ වී ඵලක් වේදැයි සතුරා වටහා ගනීවි," එරට ජාතික ආරක්ෂක සභාවේ නියෝජ්‍ය මහ ලේකම් ලින් ෆේ-ෆෑන් පැවසීය.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

7/3/2026
(harshaprs@yahoo.com)

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...