BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

'ඉරානය එක්ක දෙකෙන් එකක් බේර ගන්නවා' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

July 7, 2026 • 11:14 AM

'ඉරානය එක්ක දෙකෙන් එකක් බේර ගන්නවා' - ජනපති ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය සමග 'දෙකෙන් එකක්' බේරා ගන්නා බව එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ (6) පැවසීය.
  •  ඒත්,  මිලියන 91ක මිනිස්සු ගැන හිතල, ගිවිසුමේම වැඩේ කරන්නයි මගෙ කල්පනාව," ජනපති ට්‍රම්ප් ඕවල් කාර්යාලයට රැස්  වූ මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.
  • දැන් උං  ළඟ  සල්ලිත්  නෑ.
  • ට්‍රම්ප්ගේ තර්ජනය අතාර්කික මුලාවක් බව, ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක සභාවේ ලේකම්, මොහම්මඩ් බඛේර් සොල්ඛදර්  කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ  අනුව, සටන් විරාම ගිවිසුම් ප්‍රකාරව ගැටුම අවසන් කෙරේද, නොඑසේව, ප්‍රහාරයෙන් කෙලවර කෙරේද යන තීරණය තමා සතු බව ඔහු අවධාරණය කළේය. ඝාතනයට පත් ඉරාන උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි ගේ අවමගුලෙන් අනතුරුව ඉරානය දැක්වූ දැඩි විරෝධතා හමුවේ, ජනපති ට්‍රම්ප්  විසින් මෙම නව තර්ජන දක්වා තිබේ.

දෙරට අතර වක්‍ර සාකච්ඡා පසු ගිය සතියේ අවසන් කෙරුණේ,  කිසිදු ඉදිරි තීරණයකින් තොරව ය.

"එක්කෝ අපි ගිවිසුමේ ඉන්නවා. නැත්තං වැඩේ අහවර කරල  දානවා, හරිය.!  අනෙක් කාරණේ, මේක ඉවරයක් කරලා දාන එක  මහ දෙයක් නෙවේ.  ඒත්,  මිලියන 91ක මිනිස්සු ගැන හිතල, ගිවිසුමේම වැඩේ කරන්නයි මගෙ කල්පනාව," ජනපති ට්‍රම්ප් ඕවල් කාර්යාලයට රැස්  වූ මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

"එක පැයකින් උංගෙ  සේරම පාලං ටික වනසන්න අපට පුළුවන්. උංගෙ  සේරම බල ශක්ති සැපයුම් සුන්නද්දූලි කළ හැකියි. දැන් උං  ළඟ  සල්ලිත්  නෑ. අපි උන්ට සත පහක් දීලත් නෑ," ඔහු කීය.

ට්‍රම්ප්ගේ තර්ජනය අතාර්කික මුලාවක් බව, ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක සභාවේ ලේකම්, මොහම්මඩ් බඛේර් සොල්ඛදර්  කියා සිටියේය.

 

jhfygty7tuyjdfgdgd
"ඉරාන ජනතාවට ඔය තර්ජන බාසාව හුරු නෑ.. ඒ ජනතාවට ගෞරවයෙන් අමතන්න. එහෙම නූනොත් අපි වෙන බාසාවකින් අමතනවා," ඔහු රාජ්‍ය මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ට්‍රම්ප් සිය නවතම තර්ජනාත්මක ප්‍රකාශය සිදු කළේ, සති අන්තයේ පැවති  ඛමෙනි ගේ අවමගුලෙන් අනතුරුවය. එතෙක්, යුධයෙන් හෙම්බත්ව ඇතැයි, එක්සත් ජනපදය  විසින් සිතා සිටි ඉරාන ජනතාව එම අවමගුල් අවස්ථාවේ දැඩි විරෝධයක් පානු දක්නට ලැබිණි. එය, එළැඹෙන ඕනෑම තර්ජනයකට එකාවන්ව නැගී සිටින බවට වූ අධිෂ්ඨාන පූර්වක ජන විරෝධයකි.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/7/2026
harshaprs@yahoo.com

මුලාශ්‍රය :

Trump says there will either be a deal with Iran or US will 'finish the job'

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...