BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

ඉරාන හමුදා ගල්ෆ් එක්සත් ජනපද කඳවුරු වෙත පහර දෙති

T

The Leader Desk

July 8, 2026 • 11:13 AM

ඉරාන හමුදා ගල්ෆ් එක්සත් ජනපද කඳවුරු වෙත  පහර දෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන හමුදා, බහ්රේන් සහ කුවේට් හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත අද (8) අළුයම පහර දුන්හ.
  • බහ්රේන් හි පස්වන නාවික දිස්ත්‍රික්කයේ පිහිටි බන්ඩර් සල්මන් සහ කුවේටයේ අලි අල් සලෙම් ගුවන් හමුදා කඳවුර වෙත ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පැවසීය.
  • එම ප්‍රහාර ව්‍යර්ථ කිරීම පිණිස දියත් කරන ලද  එක්සත් ජනපද MQ9 ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළූ බව ද ඔවුහු පැවසූහ.
  • ඉරාන හමුදා ඊයේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් පැවති නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමග, එරට ඉන්දන වෙළඳාමට අවසර දෙමින් නිකුත් කර තිබූ එක්සත් ජනපද බලපත්‍ර ද යළි අහෝසි කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊයේ (7) හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින්  පැවති විදෙස් ඉන්දන නෞකා තුනකට ඉරාන හමුදා ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව, එක්සත් ජනපද හමුදා,  ඊට ප්‍රති ප්‍රහාර දැක්වූහ. මෙම  නවතම ඉරාන ප්‍රහාර  ඉන් පසුවය.

බහ්රේන් හි පස්වන නාවික දිස්ත්‍රික්කයේ පිහිටි බන්ඩර් සල්මන් සහ කුවේටයේ අලි අල් සලෙම් ගුවන් හමුදා කඳවුර වෙත ඒකාබද්ධ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බව, ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය පැවසීය. එම ප්‍රහාර ව්‍යර්ථ කිරීම පිණිස දියත් කරන ලද  එක්සත් ජනපද MQ9 ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළූ බව ද ඔවුහු පැවසූහ.

බහ්රේන් සහ කුවේට් හි ගුවන් ආරක්ෂක සයිරන් නලා ක්‍රියාත්මක විය. ගුවන් ආරක්ෂක පද්ධති මගින් සතුරු මිසයිල සහ ඩ්‍රෝන ඉලක්ක කර ගුවනේදී විනාශ කෙරිණි.


ඉරාන හමුදා ඊයේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරමින් පැවති නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමග, එරට ඉන්දන වෙළඳාමට අවසර දෙමින් නිකුත් කර තිබූ එක්සත් ජනපද බලපත්‍ර ද යළි අහෝසි කෙරිණි.

සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් එම සාකච්ඡා නියෝජිත කණ්ඩායම් ප්‍රධානී, මොහම්මඩ් බකෙර් ඛලිබෆ් එක්සත් ජනපදයට චෝදනා කළේය. ඉරානයට යළි ඉන්දන සම්බාධක පැනවීම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ගිවිසුම් සාකච්ඡා ප්‍රකාරව එළඹී තීරණ වෙනස් කිරීම සහ ලෙබනනයේ සිදු කෙරෙන ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහු එක්සත් ජනපදයට දෝෂාරෝපණය කළේය.

"තැති ගන්වමින් හිරිහැර කිරීම සහ අඩන්තේට්ටම් කිරීම අවසන්. අප තව දුරටත් නැමෙන්නෙ නෑ," ඔහු එක්ස් (X) පනිවුඩයක දැන්වීය.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/8/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Iran targets sites in Bahrain, Kuwait after wave of US strikes

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඉරාන හමුදා ගල්ෆ් එක්සත් ජනපද කඳවුරු වෙත පහර දෙති | The Leader