BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

මැදපෙරදිග මහා යුද්ධයක් ඇවිළෙයි! - හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමමින් ඉරානයෙන් සහ ඇමරිකාවෙන් දරුණු මිසයිල ප්‍රහාර

T

The Leader Desk

July 12, 2026 • 3:47 PM

මැදපෙරදිග මහා යුද්ධයක් ඇවිළෙයි! - හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමමින් ඉරානයෙන් සහ ඇමරිකාවෙන් දරුණු මිසයිල ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "සටන් විරාමය අවසන්; ට්‍රම්ප්ගෙන් යුද නියෝග"
  • ඊට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ටෙහ්රාන් පාලනය කටයුතු කර තිබේ.
  • ඇමරිකානු මධ්‍යම විධානයේ ගුවන් ප්‍රහාර ලෝක මුහුදු මඟ හරහා සිදුවන නිදහස් නාවික ගමනාගමනය ආරක්ෂා කිරීමේ අරමුණින් එක්සත් ජනපද හමුදා ඉරානයට එරෙහිව දැවැන්ත ගුවන් මෙහෙයුමක් දියත් කර ඇත.
  • ඉලක්ක 300ක් සුණු විසුණු වෙයි: පසුගිය දින තුන තුළ පමණක් ඉරානය ස්ථානගත කර තිබූ හමුදා ඉලක්ක 300කට ඇමරිකානු හමුදා ප්‍රහාර එල්ල කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

- ඇමරිකාව ඉරාන හමුදා ඉලක්ක 300කට පහර දෙද්දී, කලාපයේ ඇමරිකානු කඳවුරු සහ ගුවන් යානා වාහක නෞකා ඉලක්ක කරමින් ඉරානයෙන් දැවැන්ත ප්‍රතිප්‍රහාර

පියාගේ ඝාතනයට පළිගන්නා බවට නව උත්තරීතර නායක අයතොල්ලා මොජ්තබා ඛමෙනිගෙන් සපථයක්; ලෝක ආර්ථිකයේ මර්මස්ථානයක් බඳු නාවික මාවත අගුල් වැටෙයි

මැදපෙරදිග කලාපය දැඩි යුද අර්බුදයකට ඇද දමමින්, එක්සත් ජනපද සන්නද්ධ බලකායන් සහ ඉරානය අතර අතිශය විනාශකාරී මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ආරම්භ වී තිබේ.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කළ ජාත්‍යන්තර වාණිජ නෞකා කිහිපයකට ඉරානය ප්‍රහාර එල්ල කිරීමත් සමඟ, මෙතෙක් පැවති සටන් විරාමය නිල වශයෙන් අවසන් බව ප්‍රකාශ කිරීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. ඊට ප්‍රතිචාර ලෙස ගල්ෆ් කලාපයේ ඇමරිකානු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ටෙහ්රාන් පාලනය කටයුතු කර තිබේ.

ඇමරිකානු මධ්‍යම විධානයේ ගුවන් ප්‍රහාර

ලෝක මුහුදු මඟ හරහා සිදුවන නිදහස් නාවික ගමනාගමනය ආරක්ෂා කිරීමේ අරමුණින් එක්සත් ජනපද හමුදා ඉරානයට එරෙහිව දැවැන්ත ගුවන් මෙහෙයුමක් දියත් කර ඇත.

ඉලක්ක 300ක් සුණු විසුණු වෙයි:
පසුගිය දින තුන තුළ පමණක් ඉරානය ස්ථානගත කර තිබූ හමුදා ඉලක්ක 300කට ඇමරිකානු හමුදා ප්‍රහාර එල්ල කර තිබේ. ඉන් ඉලක්ක 140ක් වෙතම ප්‍රහාර එල්ල කර ඇත්තේ ඊයේ (ජූලි 11) දිනයේදීය.

වරාය නගර ධූලි වෙයි:
මෙම ප්‍රහාරයන්ගෙන් ඉරානයේ උපායමාර්ගික වරාය නගර කිහිපයක පිහිටි හමුදා මධ්‍යස්ථාන දැඩි ලෙස විනාශ වී ඇති අතර, එහි මහා පරිමාණ පිපිරීම් රැසක් සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවා පිළිගෙන තිබේ.


ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ගුවන් ප්‍රහාරවලට පිළිතුරු ලෙස ඉරානය විසින් මැදපෙරදිග පුරා විහිදී ඇති ඇමරිකානු ආරක්ෂක ව්‍යුහයන් සහ කඳවුරු ජාලය වෙත දරුණු මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.

කලාපීය කඳවුරු වටලයි:
ජෝර්දානයේ පිහිටි ඇමරිකානු අණ සහ පාලන මධ්‍යස්ථානය මෙන්ම ඩ්‍රෝන කඳවුර ද, කුවේටයේ පිහිටි ඇමරිකානු රේඩාර් පද්ධතිය ද ඉරාන ප්‍රහාර හමුවේ විනාශ වී තිබේ.

කටාර් සහ ඕමාන් ඉලක්ක:
කටාර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා නඩත්තු මධ්‍යස්ථානයට සහ ඕමානයේ පිහිටි ඇමරිකානු ප්‍රහාරක ගුවන් යානා වාහක නෞකා පහසුකම් (Carrier facilities) මෙන්ම ඉන්ධන සැපයුම් මධ්‍යස්ථාන වෙත ද තීරණාත්මක හානි සිදු කළ බව ඉරානය නිවේදනය කරයි.


ඛමෙනිගේ පළිගැනීමේ සපථය

මෙම යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න වී ඇත්තේ ඉරානයේ නව උත්තරීතර නායක අයතොල්ලා මොජ්තබා ඛමෙනි විසින් නිකුත් කරන ලද විශේෂ ප්‍රකාශයක් හේතුවෙනි. ඇමරිකානු ප්‍රහාර හමුවේ ඝාතනයට ලක්වූ සිය පියා (හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි ඛමෙනි) වෙනුවෙන් එක්සත් ජනපදයෙන් සහමුලින්ම පළිගන්නා බවට ඔහු සපථ කර තිබේ. යුද්ධය ආරම්භ වූ තැන් සිට මෙතෙක් නව උත්තරීතර නායකයා ආරක්ෂක හේතූන් මත ප්‍රසිද්ධියේ පෙනී සිට නැත.

(සටහන: රොයිටර් (Reuters) පුවත් සේවය ඇසුරින් හර්ෂ උදයකාන්ත පීරිස්)

7/12/2026
harshaprs@yahoo.com)


මුලාශ්‍රය

US strikes Iran, Tehran hits Gulf states, says Strait of Hormuz closed


 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...