BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

හුති - සෞදි ගැටුම් යළි ඇවිලේ

T

The Leader Desk

July 14, 2026 • 10:32 AM

හුති - සෞදි ගැටුම් යළි ඇවිලේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යේමනයේ හුති සංවිධානයේ පාලනය යටතේ පවතින ගුවන් තොටුපොළකට සෞදි අරාබිය ඊයේ (13) බෝම්බ හෙළූ බවට චෝදනා කරමින්,
  • සන්නද්ධ හුති ත්‍රස්ත කල්ලිය විසින්, දකුණු කලාපය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරය, ගුවනේ ව්‍යර්ථ කළ බව, යේමනයේ, සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධාන ප්‍රකාශක, එක්ස් (X) පණිවුඩයකින් දැන්වීය.
  • යේමනය හා දේශ සීමාව පිහිටි දකුණු සෞදි අරාබියේ කඳුකර කලාප අගනුවර අභා හි, ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර, එම ප්‍රහාරය එල්ල කළ බව, හුති හමුදා ප්‍රකාශක යහ්යා  සරී පැවසීය.
  •   සෞදි බලශක්ති යටිතල පහසුකම් වෙත, හුති ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව, 2022 වසරේ එම සංවිධානය සහ සෞදි රජය අතර සටන් විරාමයක් අත්සන් තැබීමෙන් පසුව හටගත් ප්‍රථම ගැටුම මෙය වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊට ප්‍රති ප්‍රහාර ලෙස, එම සංවිධානය විසින් සෞදි රාජ්‍යය වෙත, මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඒ සමග, එම රාජ්‍යය සහ ඉරාන සහාය හිමි හුති කණ්ඩායම අතර ක්‍රියාත්මක සිව් වසරක සටන් විරාමය බිඳ වැටිණි.

සන්නද්ධ හුති ත්‍රස්ත කල්ලිය විසින්, දකුණු කලාපය වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරය, ගුවනේ ව්‍යර්ථ කළ බව, යේමනයේ, සෞදි නායකත්වයෙන් යුත් හමුදා සන්ධාන ප්‍රකාශක, එක්ස් (X) පණිවුඩයකින් දැන්වීය.

යේමනය හා දේශ සීමාව පිහිටි දකුණු සෞදි අරාබියේ කඳුකර කලාප අගනුවර අභා හි, ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉලක්ක කර, එම ප්‍රහාරය එල්ල කළ බව, හුති හමුදා ප්‍රකාශක යහ්යා  සරී පැවසීය.

 

h6766
සෞදි බලශක්ති යටිතල පහසුකම් වෙත, හුති ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව, 2022 වසරේ එම සංවිධානය සහ සෞදි රජය අතර සටන් විරාමයක් අත්සන් තැබීමෙන් පසුව හටගත් ප්‍රථම ගැටුම මෙය වේ.

ඊයේ එල්ල කළ එම ප්‍රහාරය හේතුවෙන් සෞදි දකුණු දේශ සීමාවේ, නවතම ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය ව පවතී. මේ අතර,  සෞදි පෙරදිග  කලාපය වෙත ඉරාන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල විය.

රතු මුහුදේ, නැගෙනහිර සිට බටහිර වෙරළ තීරය ඔස්සේ ඇතිරූ නල පද්ධතියක් මගින්, සෞදි අරාබිය යුද සමයේ වුව, හෝර්මුස් සමුද්‍ර සන්ධිය මග හරිමින්, තෙල් අපනනයේ නිරත විය. හුති සංවිධානය හා නව ගැටුම් වර්ධනය වුවහොත්, එම ක්‍රියාවලියද දැඩි තර්ජනයකට ලක්වනු ඇත.

උතුරු යේමනයේ  පාලන බලයට  හිමිකම් කියන හුති සංවිධානය, ඊයේ පෙරවරුවේ,  එරට සනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට, සෞදි අරාබිය ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා කරමින්,  ඊට දැඩි ප්‍රතිචාර දක්වන බවට, තර්ජනය කළේය. ඒ සමග, 'ගැටුම් නිහඬ' කාලය අවසන්  බවද ඔවුහු දන්වා  සිටියහ. සනා ගුවන් තොටුපොළ තහනම ඉවත් කෙරෙන තෙක්, සෞදි ගුවන් කලාපයේ පියාසර කරන ගුවන් යානා වෙත අනතුරු අඟවන  බව ද, හුති කල්ලිය නිවේදනය කළේය.

467ue67nu76nu67
රියාද් සහාය හිමි, ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය, සනා ගුවන්තොටුපොළ වෙත එල්ල කරන ලද ප්‍රහාරය තහවුරු කළේය. යේමනයේ ස්වෛරීත්වය උල්ලංඝනය කරමින්, සනා ගුවන්තොටුපොළ වෙත ඉරාන ගුවන් යානයක්  ගොඩබැස්වීමට එරෙහිව, එහි ධාවන පථය ඉලක්ක කර එම ප්‍රහාරය එල්ල කළ බව, එම රජයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය. යේමන ගුවන් කලාපය වෙත පිවිසෙන ඕනෑම අනවසර ගුවන් යානයක් වෙත, පවතින සියලු ක්‍රමවේද භාවිතයෙන් සන්නද්ධ ප්‍රතිචාර දක්වන බවද, එම අමාත්‍යාංශය දැන්වීය.  

ප්‍රශ්නගත ඉරාන ගුවන් යානය පසුව, හුති පාලනයේ පවතින හොදෙයිදා ගුවන් තොටුපොළ වෙත ලඟා වී ඇතැයි, යේමන හමුදා ප්‍රකාශකයකු උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය කීය. එය, එහි ළඟාවීම වලකනු පිණිස, යේමන හමුදා ක්‍රියා කළේ දැයි, මෙතෙක් තහවුරුව නැත. සනා සිට කි.මී. 150ක පමණ දුරින්, නිරිතදිග පෙදෙසේ, යේමනයට අයත් රතු මුහුදු වෙරළ තීරයේ, හොදෙයිදා ගුවන් තොටුපොල පිහිටා තිබේ.                                                                  
රතු කුරුස සංවිධානයේ ජාත්‍යන්තර කමිටුවට අයත් ගුවන් යානයක් ද හුති ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවේ පවතින බව, යේමන රජයේ තවත් අමාත්‍යවරයකු උපුටා දක්වන රොයිටර්ස්  පුවත් සේවය පවසයි. එහි සිටි  ගුවන්යානා කාර්ය මණ්ඩලය සහ රතු කුරුස කාර්යමණ්ඩලය නිරුප්‍රදිත බව ද වාර්තා වේ.

h5656678n67856
මෑතක දී, රතු කුරුස සංවිධානයේ මැදිහත්වීමෙන්, හුති සංවිධානය සහ ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය අතර සිරකරු හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක විය.

ඉරාන හිතවාදී හුති කැරලිකරුවන්, සනා අගනුවර බලය අල්ලා ගැනීමෙන් අනතුරුව, ජාත්‍යන්තරව පිළිගත් යේමන රාජ්‍ය පාලනය දකුණු ප්‍රදේශ වෙත තල්ලු විය. දශකයකට අධික කාලයක් එහි සිවිල් ගැටුමක් ක්‍රියාත්මකය. 2015 වසරේ, සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් ගැටලුවට අතපෙවීමත් සමග, යේමනය තුළ, ලොව අතිශය දරුණු මානුෂීය අර්බුදයක් හට ගත්තේය. පසු ගිය වසර අවසන යළි දැඩි භීෂණකාරී වාතාවරණයක් හට ගැනිණි. යේමනයේ හුති  කැරලිකරුවන්ට එරෙහි සෞදි නායකත්වයෙන් යුත් සන්ධානය දෙකඩ කරමින්,  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සහාය ලද, බෙදුම්වාදී ව්‍යාපාරයක් දකුණේ  භූමි ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව, පසුගිය වසර අවසන ප්‍රචණ්ඩ ක්‍රියා යළි උත්සන්න විය.

කෙසේ  වෙතත්, හුති සභාගිත්වය ද පැවති ඊශ්‍රායල  - ගාසා ගැටුම සහ ඉරාන යුද්ධය මධ්‍යයේ වුව, නවතම ප්‍රහාර හුවමාරු  තෙක්, 2022 වසරේ එළැඹි සෞදි - හුති සටන් විරාමය ක්‍රියාත්මක තත්ත්වයේ පැවතිණ.

(සටහන: Reuters  ඇසුරින්;  හර්ෂ උදයකාන්ත පීරිස්)

7/14/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Houthis fire missiles at Saudi Arabia, breaking years of calm

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...