BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

බාවී සුළි කුණාටුවෙන් චීනයේ ලක්ෂ ගණනක් අවතැන්

T

The Leader Desk

July 14, 2026 • 11:18 AM

බාවී සුළි කුණාටුවෙන් චීනයේ ලක්ෂ ගණනක් අවතැන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනයේ ප්‍රදේශ රැසක් මේ වන විට බාවී (Bavi) සුළි කුණාටුව සමග ආ ධාරානිපාත වර්ෂා හේතුවෙන් අධිකතර ජල ගැල්මට හසුව පවතී.
  • ඊශානදිග ලියොනිඞ් (Liaoning) පළාතේ පමණක් අවතැන් පුද්ගලයින් සංඛ්‍යාව 260,000කට අධිකය.
  • අද (14) ද, එහි දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
  • ෂෙන්යැං සහ ජිලිං ඇතුළු ඊශානදිග නාගරික රැසක පොදු ප්‍රවාහන සේවා  අඩාලව පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම වසරේ, මෙතෙක් එරටට බල පෑ ප්‍රබලතම කුණාටු තත්ත්වය මෙය වේ. ඊශානදිග ලියොනිඞ් (Liaoning) පළාතේ පමණක් අවතැන් පුද්ගලයින් සංඛ්‍යාව 260,000කට අධිකය.

අද (14) ද, එහි දැඩි වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කෙරේ. සුළි කුණාටුව හේතුවෙන් උතුරුකරය,  නිවර්තන කලාපීය අධි ආර්ද්‍රතාවයෙන් යුත් ජල වාෂ්ප  විශාල ප්‍රමාණයකින් පෝෂණය වන අතර, එමඟින් උතුරු චීනය අඛණ්ඩ අධි ශීත වායු ධාරාවට යටත් කෙරේ.

bhavi 2

 

ලියොනිඞ් පළාත් අගනුවර, ෂෙන්යැං (Shenyang) හි අධි බල විදුලි රැහැන් පද්ධතියක්  ද විනාශ කරමින් ඇද වැටුණු ප්‍රදීපාගාරයක්, ප්‍රධාන මාවත් මතින් ගලා ගිය ගං ජලයේ ඇදී පැමිණ, පාලමක් යටින් පාවී යනු සමාජ මාධ්‍යයේ පළ කළ වීඩියෝ දර්ශනයක  දැක්වේ.

සියළු පාසල් සහ අධ්‍යයන පුහුණු ආයතන ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. ෂෙන්යැං සහ ජිලිං ඇතුළු ඊශානදිග නාගරික රැසක පොදු ප්‍රවාහන සේවා  අඩාලව පවතී.

ප්‍රංශ භූ කලාපයට සමාන වපසරියක් ආවරණය කරමින් බාවී සුළි කුණාටුව පැසිෆික් සාගරයේ හට ගත්තේ මීට දින 13කට ඉහත දීය. සෙනසුරාදා (11) රාත්‍රියේ, එය නැගෙනහිර චීනයට පතිත විය. මේ වසරේ, ආසියා - පැසිෆික් කලාපයේ අඛණ්ඩව වැඩිම කාලයක් බල පැවැත්වෙන සුළි කුණාටුව මෙය ය.

bhavi 3

 

බාවී මීළඟට, කොරියානු අර්ධද්වීපය ආක්‍රමණය කිරීමට නියමිත ය.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

7/14/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

More than 260,000 evacuated as Typhoon Bavi brings severe floods

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...