BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

ට්‍රම්ප්ගේ අවසන් තුරුම්පුව

T

The Leader Desk

July 15, 2026 • 11:22 AM

ට්‍රම්ප්ගේ අවසන් තුරුම්පුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද (15) උදෑසන, ජෝර්දානය බලා එල්ල කළ ඉරාන බැලස්ටික් මිසයිල තුනක් එරට ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් ව්‍යර්ථ කර බිම හෙලා තිබේ.
  • මේ අතර, එක්සත් ජනපදය ඊයේ (14), ඉරානයට එරෙහිව නව සම්බාධක මාලාවක් පැනවීය.
  • ඒ අනුව, ටෙහ්රානය වෙත ආර්ථික පීඩනය තව තවත්  දැඩි කරමින්, මොහම්මඩ් හොසේන් ෂම්ඛානි ට අයත් වෙළඳ ජාලය, ජාත්‍යන්තරයේ තහනම් කරන බව, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත.
  • එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට සහ ජාත්‍යන්තර සමුද්‍රීය කර්මාන්තයට තර්ජිතව පවත්නා ඉරාන මූල්‍ය යටිතල පහසුකම් සියල්ල හඳුනා,  තහනම්   කරන බව, එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්, ස්කොට් බෙසෙන්ට් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජෝර්දානයේ අස්රක් ගුවන් කඳවුර ඉලක්ක කර ප්‍රහාර  දියත් කළ බව, ඉරානය ඊට  පෙර පැවසීය.

මේ අතර, එක්සත් ජනපදය ඊයේ (14), ඉරානයට එරෙහිව නව සම්බාධක මාලාවක් පැනවීය. ඉරාන ඉන්දන වෙළඳාම සහ තවත් මෙහෙයුම්  රැසක් තහනම් කරමින්, මීට පෙර පැනවූ සම්බාධ මගහැර කටයුතු කිරීමට දායකත්වය සපයූ,   ජාලයක් ඉලක්ක කර මෙම නවතම සම්බාධක පනවා තිබේ. ඒ අනුව, ටෙහ්රානය වෙත ආර්ථික පීඩනය තව තවත්  දැඩි කරමින්, මොහම්මඩ් හොසේන් ෂම්ඛානි ට අයත් වෙළඳ ජාලය, ජාත්‍යන්තරයේ තහනම් කරන බව, එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇත. එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට සහ ජාත්‍යන්තර සමුද්‍රීය කර්මාන්තයට තර්ජිතව පවත්නා ඉරාන මූල්‍ය යටිතල පහසුකම් සියල්ල හඳුනා,  තහනම්   කරන බව, එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම්, ස්කොට් බෙසෙන්ට් පැවසීය. ඉකුත් අප්‍රේල් සහ පසුගිය වසරේ, එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව පනවන ලද  මුල් සම්බාධක ඒ අනුව, තව දුරටත් ශක්තිමත්  කෙරේ. එම නව සම්බාධක යටතේ,  පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක්, ආයතන සහ  ෂම්ඛානි යටතේ ක්‍රියාත්මක නෞකා මෙහෙයුම් තහනම් කෙරේ. ඔවුන් හා ව්‍යාපාරික කටයුතුවල නියුතු හඳුනාගත් වෙනත් ව්‍යාපාර සම්බන්ධයෙන් පවතින, එක්සත් ජනපද වත්කම් ද තහනම් කෙරේ. ඇමෙරිකානුවන්ට ඔවුන් හා ව්‍යාපාර කටයුතු සිදු කිරීම තහනම් කිරීම එහි අරමුණ වේ.

මේ අතර, බහ්රෙනයේ පිහිටි එක්සත් ජනපද පස්වන බල ඇණියට අයත් විධාන සහ පාලන මධ්‍යස්ථාන, ඉන්දන සහ හමුදා උපකරණ යටිතල පහසුකම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය පැවසීය.  එක්සත් ජනපද ප්‍රහාර සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පාලනය සියතට ගැනීම පිණිස සිදු කෙරෙන එම හමුදා ක්‍රියාන්විතවලට එරෙහිව එම ප්‍රති ප්‍රහාර සිදු කළ බව, ඉරාන හමුදා කීහ.

 

v5y5y54
කුවේට් රාජ්‍යයේ, මීනා අබ්දුල්ලා හි පිහිටි, එක්සත් ජනපද හමුදා සේවා සැපයුම් සහ සහාය මධ්‍යස්ථානයක් වෙත පහර දී ගිනි තබා විනාශ කළ බව ද, එම හමුදා කීහ. අද උදෑසන බහ්රේන්හි ගුවන් ආරක්ෂක සයිරන් නලා ක්‍රියාත්මක විය. කුවේට් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර එහි ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කළ බව එම හමුදා පැවසූහ.

ටෙහ්රානය සාකච්ඡා මේසයට නොපැමිණෙන්නේ නම්, ඉරානය යටිතල පහසුකම් සියල්ල වනසා දමන බවට, එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප් යළි තර්ජනය කළේය.  

"ඉරාන බලශක්ති ඉලක්ක කියන්නෙ, අපෙ අවසන් තුරුම්පුව. අන්තිමට අපි ඒවටත්  ගහනවා. අද රෑත්, හෙට රෑත්, අපි උංට  තදින්ම ගහනවා. ඊට පස්සෙ එන සතියෙ. ඒ සතියේ ඉඳන් තීරණාත්මකයි. ඒ කියන්නෙ  එන සතියෙ අපේ ඉලක්ක වෙන්නෙ උංගේ විදුලි බලාගාර. ඊට පස්සෙ සතියෙ, පාලං. සාකච්ඡාවට නාවොත්, උංගෙ සියලු විදුලි බලාගාර පුච්චලා අලු කරල දානවා. පාලං වලට කරන්නෙත්  ඒකමයි, නැත්තටම නැති කරල දානවා," ට්‍රම්ප් තර්ජනය කළේය.

යුද්ධයේදී සිවිල් පරිහරණය පිණිස වන සම්පත් හා යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම 1949 ජිනීවා ප්‍රඥප්තියට අනුව තහනම් ක්‍රියාවකි.

සාකච්ඡා මාර්ගයෙන් ගැටලුව විසඳා ගත යුතු බවට, එක්සත් ජනපද නියෝජිතයින් විසින් ඉරාන කණ්ඩායම දිගින් දිගටම දැනුම්වත් කෙරෙන බව ද, ජනපති ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ සහ ගල්ෆ් කලාපයේ නෞකා සහ සිවිල් ඉලක්ක වෙත ඉරාන ප්‍රහාර වහා නතර කළ යුතු බව, එක්සත් ජනපද මධ්‍යම විධාන ප්‍රධාන අණදෙන නිලධාරී දන්වා සිටියේය.  

 

r68i7yg

"ඉකුත් සත් දින පුරාවට ඉරානය ජාත්‍යන්තරව, කලාපයේ සිවිල් ඉලක්ක රැසක් වෙත ප්‍රහාර එල්ල කළා. ඒ අනුව, ඔවුන් වෙළඳ නැව් හතකට පහර දීල තියෙනවා. ඉන්, එහි සිටි කාර්ය මණ්ඩල නිලධාරීන් 12කට අධික පිරිසක් ඝාතනය වෙලා, සමහරු ආගිය අතක් නෑ අතුරුදන් වෙලා, තවත් අය තුවාළ වෙලා. ඒ වගේම, ඉරානය අසල්වැසි ගල්ෆ් රටවල් වෙතද ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. අහිංසක සිවිල් ජීවිත මරණීය අනතුරේ හෙලන මේ සියලු වගකීම් විරහිත සැහැසිකම් වලට ඉරානය වග කිවයුතු බව එක්සත් ජනපද හමුදාව ලෙස අප කියා සිටිනවා," ඔහු කීය.

මේ අතර එක්ස් පණිවුඩයක් නිකුත් කළ එක්සත් ජනපද මධ්‍යම විධානය, හෝර්මුස් කලාපයේ ඉරාන ඉලක්ක රැසක් වෙත සිය ප්‍රහාරක  ජෙට් යානා, ඩ්‍රෝන සහ නාවුක බල ඇණි මගින් ප්‍රබල ප්‍රහාර එල්ල කළ බව දැන්වීය. හෝර්මුස් කලාපයේ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ස්ථාන ගත කළ මධ්‍යස්ථාන, නාවුක පහසුකම් මෙන්ම, වෙරළබඩ ආරක්ෂක පද්ධති එහි ඉලක්ක වූ බව ද එහි දක්වා තිබේ.

(සටහන: Reuters  ඇසුරින්;  හර්ෂ උදයකාන්ත පීරිස්)

7/15/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Iran war live: Trump threatens power plant hits and Tehran warns of new shipping blocks


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...