BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

'ඉරානය ඉක්මනින් පරාජය කරනවා' - ජනපති ට්‍රම්ප්

T

The Leader Desk

July 16, 2026 • 8:52 AM

'ඉරානය ඉක්මනින් පරාජය කරනවා' - ජනපති ට්‍රම්ප්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද හමුදා ඊයේ (15), ඉරාන වෙරළබඩ ආරක්ෂක ඉලක්ක වෙත දැවැන්ත ප්‍රහාර මාලා දෙකක් එල්ල කළහ.
  • පවතින ගැටුම්කාරී වාතාවරණය යටතේ ඊයේ, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 84.95ක් ලෙස සටහන් විය.
  • මේ අතර, අද උදෑසන මිනිත්තු 9ක් තුළ එල්ල කරන ලද තවත් ප්‍රහාර මාලාවකින්, ග්‍රේටර් ටුන්බ් දිවයිනේ පිහිටි වෙරළබඩ ආරක්ෂක සහ කෲස් මිසයිල කලාප විනාශ කළ බව ද මධ්‍යම විධානය පැවසීය.
  •   බහ්රේන්, කුවේට් සහ ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත ඊයේ පහර දුන් බව ඉරානය කීය.
අකුරු ප්‍රමාණය (Font Size):

නැවත, ඉරාන වරාය වෙත තහනමක් ද පනවා තිබේ. ඉරානය ද පෙරළා කලාපීය රටවල එක්සත් ජනපද හමුදා මර්මස්ථාන වෙත පහර දුන්නේය.

දෙරට අතර  එළැඹි සටන් විරාම ගිවිසුම මේ වන විට කඩාකප්පල් ව පවතින අතර, ගැටුම පූර්ණ යුද තත්ත්වයක් තෙක් වර්ධනය වෙමින් පවතී.

පවතින ගැටුම්කාරී වාතාවරණය යටතේ ඊයේ, බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 84.95ක් ලෙස සටහන් විය.

 

39486t9348t6798v5t985t98

ග්‍රිනිච් වේලාවෙන් 1000 පැයට  ආරම්භ කළ පළමු ප්‍රහාර මාලාව, ඉරානයේ  ග්‍රේටර් ටුන්බ් දිවයිනේ  වෙරළාසන්න ආරක්ෂක පද්ධති සහ කෲස් මිසයිල ගබඩා ඉලක්ක කර දියත් කළ බවත්, ඊට පැය නවයකට පසු තවත් ඉරාන ඉලක්ක වෙත දෙවන ප්‍රහාර මාලාවක් දියත් කළ බවත්, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය. ඉරාන අණ මධ්‍යස්ථාන, ගුවන් ආරක්ෂක කලාප, මිසයිල සහ ඩ්‍රෝන යටිතල පහසුකම් සහ වෙරළබඩ අවේක්ෂණ පද්ධති එහි ඉලක්ක විය. ඉරානයේ විශාලතම වරාය සහ නාවික කේන්ද්‍රයක්  පිහිටි බන්ඩර් අබ්බාස් මෙන්ම හෝර්මුස්  කලාපයේ විප්ලවීය ආරක්ෂක බලකා මර්මස්ථාන ද විනාශ කෙරිණි.

මේ අතර, අද උදෑසන මිනිත්තු 9ක් තුළ එල්ල කරන ලද තවත් ප්‍රහාර මාලාවකින්, ග්‍රේටර් ටුන්බ් දිවයිනේ පිහිටි වෙරළබඩ ආරක්ෂක සහ කෲස් මිසයිල කලාප විනාශ කළ බව ද මධ්‍යම විධානය පැවසීය.

 

bu656n6786i847mo89
බහ්රේන්, කුවේට් සහ ජෝර්දානයේ පිහිටි එක්සත් ජනපද කඳවුරු වෙත ඊයේ පහර දුන් බව ඉරානය කීය. කුවේට් හි පිහිටි අලි අල් සලෙම් ගුවන් කඳවුරේ පැවති  එක්සත් ජනපද හමුදා නිලධාරී හමුවක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව ද ඔවුහු  පැවසූහ.

හමුදා අණ නොතකා ඉරාන ඛාර්ග් දිවයින වෙත යාත්‍රා කිරීමට උත්සාහ කළ ඉන්දන නෞකාවක් අක්‍රීය කළ බව, එක්සත් ජනපද හමුදා කීහ.

ඉරානය ඉතා ඉක්මනින් පරාජය කරන බව එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. පෙන්සිල්වේනියා ආරක්ෂක සහ නවෝත්පාදන සමුළුවේ වට මේස සාකච්ඡාවකට එක් වෙමින් අදහස් පළ කළ ජනපතිවරයා, ඉරානයට ගැටුම ඉතා 'නරක' ලෙස විසඳා ගැනීමට අවශ්‍යව ඇතැයි කියා සිටියේය.


(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

7/16/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

US launches multiple strikes on Iran, which retaliates against US targets in region

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...