BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි●
Top Ad
විදේශ

එක්සත් ජනපද හමුදා අඛණ්ඩ සය වන දිනටත් ඉරානය වනසති

T

The Leader Desk

July 17, 2026 • 7:39 AM

එක්සත් ජනපද හමුදා අඛණ්ඩ සය වන දිනටත් ඉරානය වනසති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානය මත සිය නවතම ප්‍රහාර මාලාව සාර්ථකව අවසන් කළ බව එක්සත් ජනපද මධ්‍යම විධානය ඊයේ (16) නිවේදනය කළේය.
  • ඉරාන වෙරළබඩ ආවේක්ෂණ පද්ධති, ගුවන් ආරක්ෂක කලාප, හමුදා සේවා සැපයුම් මධ්‍යස්ථාන සහ එම යටිතල පහසුකම් මෙන්ම, සමුද්‍රීය ඉලක්ක වෙත අති සාර්ථක ප්‍රහාර එල්ල කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය.
  • ඉරාන පාලම් තුනක් වෙත සහ දුම්රියපොලකට ද එක්සත් ජනපද ප්‍රහාර එල්ල වී ඇතැයි, ඉරාන මාධ්‍ය ඊයේ පස්වරුවේ කියා සිටියහ.
  • ජෝර්දානයේ මෑතක නවීකරණය කරන ලද ගුවන් හමුදා කඳවුරක් වෙත ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එය, එම ප්‍රහාර මාලාවේ අඛණ්ඩ සයවන දිනය සනිටුහන් කළේය. එක්සත් ජනපද ජනපති, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාර්ගෝපදේශන ඔස්සේ එම ප්‍රහාර දියත් කෙරිණි.

එක්සත් ජනපද හමුදාවන්ට අයත් ප්‍රහාරක ජෙට්, ඩ්‍රෝන යානා සහ යුද නෞකා ඊට එක් වූහ. ඉරාන වෙරළබඩ ආවේක්ෂණ පද්ධති, ගුවන් ආරක්ෂක කලාප, හමුදා සේවා සැපයුම් මධ්‍යස්ථාන සහ එම යටිතල පහසුකම් මෙන්ම, සමුද්‍රීය ඉලක්ක වෙත අති සාර්ථක ප්‍රහාර එල්ල කළ බව, එක්සත් ජනපද මධ්‍යම විධානය දැන්වීය.

phgAvw1x

ඊයේ, එක්සත් ජනපද ප්‍රහාරක ඩ්‍රෝන යානා ඛෙෂම් දිවයිනේ සහ බන්ඩර් අබ්බාස් ආසන්නයේ ඉරාන ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළහ. එහි ඉරානයට අයත් විශාලතම වරාය සහ විප්ලවීය ආරක්ෂක බලකායට අයත් යටිතල පහසුකම් ද වෙති. එම ඉලක්ක දෙකම හෝර්මුස් සමුද්‍ර සන්ධියේ පිහිටා තිබේ.

ඉරාන පාලම් තුනක් වෙත සහ දුම්රියපොලකට ද එක්සත් ජනපද ප්‍රහාර එල්ල වී ඇතැයි, ඉරාන මාධ්‍ය ඊයේ පස්වරුවේ කියා සිටියහ. ඒ, වෙරළබඩ බන්ඩර් ඛමීර් ප්‍රදේශයේ ය. අග්නිදිග ඉරානයේ පිහිටි ඉරාන්ෂහ්ර් ගුවන්තොටුපොළ වෙත ද එක්සත් ජනපද හමුදා මිසයිල ප්‍රහාර එල්ල කළහ.

ජෝර්දානයේ මෑතක නවීකරණය කරන ලද ගුවන් හමුදා කඳවුරක් වෙත ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. බදාදා (15) රාත්‍රී, එක්සත් ජනපද හමුදා ඉරාන ළමා පිළිකා රෝහලකට ප්‍රහාර එල්ල කළේ එහි සිට බව ටෙහ්රානය කීය.

 

President Donald Trump speaks in the East Room of the White House, Thursday, July 16, 2026, in Washington. (Saul Loeb/Pool via AP)

මීළඟට, ඉරාන බලශක්ති මධ්‍යස්ථාන වෙත පහර දෙන බවටත්, එන සතියේ එරට පාලම්  විනාශ කරන  බවටත්, ජනපති ට්‍රම්ප් විසින් තර්ජනය කර තිබේ. යුද්ධයේ මානුෂීය පවත්වාගැනීම පිලිබඳ 1949 එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අනුව, මානව භාවිතය පිණිස පවත්නා සිවිල් පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම සපුරා තහනම් ය. ට්‍රම්ප්ගේ තර්ජන පිලිබඳ අදහස් පළ කළ, එක්සත් ජනපද යුධ විශේෂඥයෝ, එම තර්ජන ප්‍රකාරව ප්‍රහාර සිදු කළහොත්, "යුද අපරාධ" චෝදනා එල්ල විය හැකි බවටද අනතුරු ඇඟවූහ.

ටෙහ්රානය සමග සටන්  විරාමයකට එළැඹීමට පෙර, ඉරානය මානව ශිෂ්ටාචාරයෙන් අතුගා දමන බවට ට්‍රම්ප් කළ තර්ජන පසු ගිය අප්‍රේල් මස ලොව පුරා විවේචනයට ලක් විය.

be57e6767u6y
පෙබරවාරි 28 දා, ඊශ්‍රායල සහ එක්සත් ජනපද හමුදා ප්‍රහාර හමුවේ ඉරාන යුද්ධය ආරම්භ විය. ඉරානය ද පෙරලා ඊශ්‍රායල සහ ගල්ෆ් කලාපයේ එක්සත් ජනපද ඉලක්ක සොයා පහර දුන්නේය.  

ඉරානය වෙත එල්ල කෙරෙන සභාග ප්‍රහාර සහ ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, දහස් සංඛ්‍යාත පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් මිලියන ගණනක් අවතැන්ව සිටිති.  

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/17/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

US military says it completed latest strikes on Iran, marking 6th consecutive night of attacks

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...