BREAKING
Top Ad
විදේශ

එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් ඉරාන පාලම් පහක් විනාශයි

T

The Leader Desk

July 17, 2026 • 9:04 AM

එක්සත් ජනපද ගුවන් ප්‍රහාරවලින් ඉරාන පාලම්  පහක් විනාශයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අඛණ්ඩ සය වන දිනටත් සිදු කළ එක්සත් ජනපද පහරදීම් හමුවේ, ඉරානය අද (17), කලාපයේ සතුරු ඉලක්ක වෙත නවතම ප්‍රහාර එල්ල කළේය.
  • තියුණු යමක් ගැටීමෙන් කුඩා දරුවකු තුවාළ ලද බව, කටාර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය.
  • එක්සත් ජනපද ප්‍රහාර හමුවේ ඉරාන පාලම් පහක් විනාශ වූ  බව ඉරාන මාධ්‍ය දැන්වීය.
  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය යළිත් විශාල ලෙස බාධාව පවතී.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව ඉරාන හමුදා අද උදෑසන, බහ්රේන් සහ කුවේට් රාජ්‍යයේ පිහිටි එක්සත් ජනපද හමුදා ඉලක්ක වෙත ගුවනින් පහර දුන්හ. කටාර අගනුවර දෝහා වෙතින් ද පිපිරීම් වාර්තා විය. තියුණු යමක් ගැටීමෙන් කුඩා දරුවකු තුවාළ ලද බව, කටාර අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පැවසීය. එක්සත් ජනපද ප්‍රහාර හමුවේ ඉරාන පාලම් පහක් විනාශ වූ  බව ඉරාන මාධ්‍ය දැන්වීය.

හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නෞකා ගමනාගමනය යළිත් විශාල ලෙස බාධාව පවතී. බදාදා (15) සිට එක්සත් ජනපදය විසින් නවතම ඉරාන වරාය තහනමක් ද ක්‍රියාත්මක ය.

 



ඉරාන යටිතල පහසුකම් වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත්, යේමන  හුති හිතවාදීන්ගේ සහායයෙන් තවත් අතිශය තීරණාත්මක සමුද්‍රීය ඇල මාර්ගයක් වන, රතු මුහුදේ, බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය වසා දමන බවට ද ඉරානය තර්ජනය කර සිටී.  

හෝර්මුස්  සමුද්‍ර සන්ධියේ අධිකාරීත්වය තහවුරු කිරීම සිය අපේක්ෂාව බව ඉරාන ආරංචිමාර්ග පැවසී යැයි, රොයිටර්ස් පුවත් සේවය  කියයි. හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කරන සියලු නෞකා, ඉරාන වෙරළාසන්නව දක්වා ඇති ප්‍රවේශ මාර්ගයක් ඔස්සේ පමණක් යාත්‍රා කළ යුතු බව ඉරානය විසින් දන්වා තිබේ. දින 60ක සටන් විරාම කාලයෙන් පසු ඒ වෙනුවෙන් ගාස්තු අය කෙරෙන බවද දන්වා ඇත. එම සමුද්‍ර සන්ධියේ ඕමාන වෙරළ තීරයට ඔබ්බෙන් නිර්දේශිත නව මාර්ගයක් භාවිතා කරන ලෙස, එක්සත් ජනපද හමුදා, ජාත්‍යන්තර නෞකා වෙත දන්වා සිටිති.

එක්සත් ජනපද හමුදා, හෝර්මුස් කලාපයේ ඉරාන ගිනි බලය  විනාශ කරන අටියෙන් එම  වෙරළාසන්න සන්නද්ධ මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ ද, ඉරාන විප්ලවීය හමුදාවට සිය  ඕනෑම භූමි කලාපයක සිට හෝර්මුස් සමුද්‍ර සන්ධිය වෙත පහර දීමේ හැකියාව පවතින බව එරට  හමුදා ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජෙනරාල් මොහම්මඩ් අක්‍රමිනියා ඊයේ (16) පැවසීය.    

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/17/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :
Iran launches fresh attacks after sixth day of US strikes

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...