BREAKING
Top Ad
විදේශ

'එක්සත් ජනපද ප්‍රහාර නවතන තෙක් හොර්මුස් මතින් තෙල් ප්‍රවාහන නෑ' - ඉරානය

T

The Leader Desk

July 17, 2026 • 10:35 AM

'එක්සත් ජනපද ප්‍රහාර නවතන තෙක් හොර්මුස් මතින් තෙල් ප්‍රවාහන නෑ' - ඉරානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිරියාවේ අල්-ටන්ෆ් හි පිහිටි එක්සත් ජනපද විශේෂ ක්‍රියාන්විත විධාන මධ්‍යස්ථානය ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අද (17) පැවසීය.
  • සිරියානු රජය හෝ එක්සත්  ජනපද හමුදා මෙතෙක්, ඒ පිලිබඳ කිසිවක් ප්‍රකාශ කර නැත.
  • සිරියාවේ ත්‍රි-දේශ සීමා ප්‍රදේශයේ පිහිටි අල්-ටන්ෆ් හමුදා කඳවුර ඉකුත් පෙබරවාරි මස පූර්ණ වශයෙන් ඉවත් කරගත් බව, එක්සත් ජපද හමුදා ප්‍රකාශ කළහ.
  • කෙසේ වෙතත්, ඉරාන හිතවාදී සන්නද්ධ කල්ලි විසින් දිගින් දිගටම එම ඉලක්ක වෙත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර එල්ල කර සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉරාන්ෂහ්ර් ප්‍රහාරයෙන් ඉරාන හමුදා  භටයින් පිරිසක් ඝාතනය කිරීමට ප්‍රති ප්‍රහාර ලෙස එය සිදු කළ බව ද, ඔවුහු පැවසූහ. සිරියානු රජය හෝ එක්සත්  ජනපද හමුදා මෙතෙක්, ඒ පිලිබඳ කිසිවක් ප්‍රකාශ කර නැත.

සිරියාවේ ත්‍රි-දේශ සීමා ප්‍රදේශයේ පිහිටි අල්-ටන්ෆ් හමුදා කඳවුර ඉකුත් පෙබරවාරි මස පූර්ණ වශයෙන් ඉවත් කරගත් බව, එක්සත් ජපද හමුදා ප්‍රකාශ කළහ.  සිරියාව, ජෝර්දානය සහ ඉරාකය අතර දේශසීමා කලාපයේ එම කඳවුර  පිහිටියේය.

ඊශ්‍රායල හමුදා, හිස්බොල්ලා සන්නද්ධ කල්ලිය හා සටන් වදින ලෙබනනය සහ යාබද ඉරාකය වැනි අසල්වැසි රටවලට ඈඳෙමින්, ඉරාන යුද්ධයට එක්වීම, සිරියානු රජයේ මෙතෙක් අපේක්ෂාව නොවීය. කෙසේ වෙතත්, ඉරාන හිතවාදී සන්නද්ධ කල්ලි විසින් දිගින් දිගටම එම ඉලක්ක වෙත ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර එල්ල කර සිටියහ.

සිය දේශයට සතුරු ප්‍රහාර එල්ල නොකෙරෙන තාක්, ගැටුමින් ඉවත්ව සිටින බව,  සිරියානු ජනපති, අහ්මෙඩ් අල්-ෂරා පසු ගිය මාර්තුවේ පැවසීය.

 

4732126 893893801
"මොන පැත්තකින්වත් රට තුළට ප්‍රහාර එල්ල නොකෙරෙන තෙක් සිරියාව ගැටුමින් ඉවත්ව සිටිනවා," ලන්ඩනයේ චැතම් හවුස් චින්තන සංචිතයේ උත්සව අවස්ථාවකට එක් වෙමින් ඔහු කියා සිටියේය.  

හොර්මුස් සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය තමන් සතු බව, ඉරාන විප්ලවීය බලකාය පැවසීය. එක්සත් ජනපද ප්‍රහාර නවතින තෙක්, ඒ ඔස්සේ, කිසිදු ඉන්දන හෝ ගෑස් ප්‍රවාහනයක් සිදු නොවන බවද ඔවුහු අවධාරණය කර සිටිති.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)

7/17/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Iran's IRGC say they targeted US command centre in Syria, state media reports

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...