බෑවුම් පෙදෙසක ඉදි කර තිබූ නේවාසික ගොඩනැගිලි රැසක් ද විනාශව පවතී.
අද එරට වේලාවෙන් පෙ.ව.8.00ට පමණ ප්‍රාදේශීය කම්කරුවකු විසින් චොන්චින් හි පෙඞ්ෂුයි ( Pengshui) ප්‍රදේශයේ කඳු ප්‍රදේශයක් අවට ඇද වැටෙමින් විසිරී පැවති ගල් කැබලි දැකීමත් සමග වහා හදසි අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරිණි.
බලධාරීහු, අවට පදිංචිකරුවන් 60ක් පමණ වෙත වහා ඉවත් වන ලෙස දැනුම් දුන්හ. අනතුරුව, උදෑසන 9.08ට පමණ එම ඉවත් කිරීම් ආරම්භව පැවති අවස්ථාවේ නාය යෑම සිදු වූ බවත්, පුද්ගලයින් රැසක් ඊට යට වූ බවත්, එරට සීසීටීවී රූපවාහිනිය ප්‍රකාශ කළේය. නයට හසුවූ පුද්ගල ජීවිත සංඛ්‍යාව කෙතෙක් දැයි මෙතෙක් හඳුනා නැත.
නායට යටව විනාශ ව ගිය ගොඩනැගිලි සුන්බුන් අතරින් පුද්ගලයින් නව දෙනකු පමණ නිරුප්‍රදිතව ඉවතට අද ගැනීමට සහන සේවකයෝ සමත් වූහ. නාය ට නිශ්චිත හේතුවද මෙතෙක් අනාවරණය නොවේ.
කඳු පාමුලෙක ගංගා ධාරයක් ආසන්නයේ වූ, නේවාසික කලාපයක් මත පාෂාණ සහ වෙනත් අබලි ද්‍රව්‍ය පතිත වන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන මාධ්‍යයට නිකුත් කර තිබේ. පසුබිමින් නැගෙන ධූලි වලාවන්ට පිටුපා, මිනිසුන් පලා යන දර්ශන එහි දැක්වේ. කඳු පාමුල පිහිටි නිවාස සංකීර්ණයක් සහ ව්‍යාපාරික ස්ථානයක් මතට කඳු කොටසක් කඩා වැටෙන අයුරු දැක්වෙන මෝටර් රථයක ඩෑෂ් කැම් දර්ශන ද එක්ස් () ගිණුමක පළ කර ඇත. හානියට පත් නිවෙස් සහ ගොඩනැගිලි කොටස් දසත විසිරී යන'යුරු සහ මාර්ගයේ ධාවනය වන මෝටර් රථ හදිසි අවස්ථාවන්ට බඳුන් වනු එහි දැක්වේ.
චීන හදිසි අවස්ථා කළමනාකරණ අමාත්‍යාංශය විසින් දෙවන තලයේ ප්‍රතිචාර ක්‍රියාන්විතයක් ආරම්භ කර තිබේ. ඒ අනුව, සහන සේවකයින් 100දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එහි හදිසි විපත් ප්‍රතිචාර පිණිස කඩිනමින් පිටත් කර යවා ඇත.
එම මුදා ගැනීම් මෙහෙයුම් වෙත ආධාර පිණිස, ගිනි භටයින් 206 දෙනෙක්, සහ ගිනි නිවන රථ සහ ගිලන් රථ 49ක් ද එම ස්ථානය වෙත යොමු කර තිබේ.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/17/2026
(harshaprs@yahoo.com)
Landslide kills eight in southwest China's Chongqing, 34 still missing




