BREAKING
Top Ad
විදේශ

ඉරාන ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා සාමාජිකයන් දෙදෙනෙක් මරුට; අයෙක් අතුරුදන්

T

The Leader Desk

July 19, 2026 • 10:18 AM

ඉරාන ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා සාමාජිකයන් දෙදෙනෙක් මරුට; අයෙක් අතුරුදන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද හමුදා ඉරානයට නව ප්‍රහාරයක් එල්ල කළේය.
  • එම ප්‍රහාරයන්ට පෙර, ඊයේ (18) විශේෂ නිවේදනයක් නිකුත් කළ ඉරාන උත්තරීතර නායකයා, ගැටුම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයට වන්දි ගෙවීමට සිදුවන බව දන්වා සිටියේය.
  • ග්‍රිනිච් වේලාවෙන් 2200 පැයට ජනපති  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  මාර්ගෝපදේශන අනුව ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව මධ්‍යම විධානය පැවසීය.
  • දකුණු ඉරානයේ සිරික් වෙත එක්සත් ජනපද ගුවන් ප්‍රහාර එල්ල වූ බව ඉරාන මෙහ්ර් පුවත් ඒජන්සිය පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජෝර්දාන හමුදා කඳවුරක් වෙත එල්ල කළ ඉරාන ප්‍රහාර හමුවේ, එක්සත් ජනපද හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව, තවත් සාමාජිකයකු අතුරන් දීමෙන් අනතුරුව එම ප්‍රති ප්‍රහාර දියත් කෙරිණි.

එම ප්‍රහාරයන්ට පෙර, ඊයේ (18) විශේෂ නිවේදනයක් නිකුත් කළ ඉරාන උත්තරීතර නායකයා, ගැටුම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් එක්සත් ජනපදයට වන්දි ගෙවීමට සිදුවන බව දන්වා සිටියේය.

ග්‍රිනිච් වේලාවෙන් 2200 පැයට ජනපති  ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ  මාර්ගෝපදේශන අනුව ඉරාන ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව මධ්‍යම විධානය පැවසීය.

 

v576676

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කරන ජාත්‍යන්තර වෙළඳ නෞකාවන්ට එරෙහි ඉරාන පීඩනය තව දුරටත් මර්දනය කිරීම සහ  එක්සත් ජනපද හමුදා සාමාජිකයින් දෙදෙනෙක් ඝාතනය කරමින් සහ තවත් සාමාජිකයකු අතුරුදන් කරමින් ජෝර්දානයේ එල්ල කළ ප්‍රහාරයන්ට ක්ෂණික පිළිතුරු ලෙස එම ප්‍රහාර එල්ල කළ බව ද එය පැවසීය.

ඉරානයේ පාලම්, බලශක්ති මධ්‍යස්ථාන සහ වෙනත් යටිතල පහසුකම් රැසක් වෙත එක්සත් ජනපද  ගුවන් ප්‍රහාර එල්ල කෙරිණි.

දකුණු ඉරානයේ සිරික් වෙත එක්සත් ජනපද ගුවන් ප්‍රහාර එල්ල වූ බව ඉරාන මෙහ්ර් පුවත් ඒජන්සිය පැවසීය.

ඊයේ කුවේටය දිගින් දිගටම ඉරාන මිසයිල සහ ඩ්‍රෝන  ප්‍රහාරයන්ට නතු විය. ඉරාන විප්ලවීය බලකාය, කුවේටයේ අරිෆ්ජාන් කඳවුරට ප්‍රහාර එල්ල කළ අතර, එහි අලි අල් සලෙම් ගුවන් කඳවුරට ද පහර දුන්නේය. එම ප්‍රහාරයෙන් කඳවුරේ රාඩාර් කුළුණ විනාශ විය. අඛණ්ඩ ඉරාන ගුවන් ප්‍රහාර මාලාවක් හමුවේ කුවේට් තෙල් සංස්ථා පරිශ්‍රයකට ද හානි සිදු විය. එහි පුද්ගල  අනතුරු ද වාර්තා වේ.

බහ්රේනයේ එක්සත් ජනපද ප්‍රහාරක යානා නවතා ඇති ෂෙයික් ඉසා ගුවන් කඳවුරට හා  එහි බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයකට ද ඉරාන ප්‍රහාර එල්ල විය.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/19/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

US renews strikes on Iran after two military personnel killed by Iranian attack

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...