BREAKING
Top Ad
විදේශ

හුති සංවිධානයෙන් සෞදියට නාවික තහනමක්: බබ් එල්-මන්දෙබ් වැසීමේ තර්ජනයත් සමඟ ලෝක තෙල් සැපයුම අර්බුදයක!

T

The Leader Desk

July 21, 2026 • 4:46 AM

හුති සංවිධානයෙන් සෞදියට නාවික තහනමක්: බබ් එල්-මන්දෙබ් වැසීමේ තර්ජනයත් සමඟ ලෝක තෙල් සැපයුම අර්බුදයක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "එක්සත් ජනපද ප්‍රහාර නතර නොවන්නේ නම් රතු මුහුදේ නාවික ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතනවා" - යේමනයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්
  • එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි යුදමය උණුසුම තවදුරටත් වර්ධනය කරමින්, යේමනයේ ඉරාන හිතවාදී හුති (Houthi) සංවිධානය විසින් සෞදි අරාබියට එරෙහිව සමුද්‍රීය වෙළඳ තහනමක් ප්‍රකාශයට පත් කර ඇත.
  • මෙම පියවරත් සමඟ ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ ජාත්‍යන්තර ඉන්ධන සැපයුමට බරපතල බලපෑමක් එල්ල විය හැකි බවට ජාත්‍යන්තර විචාරකයෝ අනතුරු අඟවති.
  • එක්සත් ජනපදය විසින් ඉරානයේ ප්‍රධාන බලශක්ති මර්මස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර වහා නතර නොකරන්නේ නම්, රතු මුහුදේ පිහිටි තීරණාත්මක බබ් එල්-මන්දෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවට හුති සංවිධානය තර්ජනය කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ගෝලීය ඉන්ධන සැපයුමෙන් 7%ක් අඩපණ වීමේ අවදානමක්: අර්බුදය මැද ඉරානය සහ ඇමෙරිකාව අතර රහසිගත රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා!



එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි යුදමය උණුසුම තවදුරටත් වර්ධනය කරමින්, යේමනයේ ඉරාන හිතවාදී හුති (Houthi) සංවිධානය විසින් සෞදි අරාබියට එරෙහිව සමුද්‍රීය වෙළඳ තහනමක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම පියවරත් සමඟ ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ ජාත්‍යන්තර ඉන්ධන සැපයුමට බරපතල බලපෑමක් එල්ල විය හැකි බවට ජාත්‍යන්තර විචාරකයෝ අනතුරු අඟවති.

එක්සත් ජනපදය විසින් ඉරානයේ ප්‍රධාන බලශක්ති මර්මස්ථාන වෙත එල්ල කරන ප්‍රහාර වහා නතර නොකරන්නේ නම්, රතු මුහුදේ පිහිටි තීරණාත්මක බබ් එල්-මන්දෙබ් (Bab el-Mandeb) සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමන බවට හුති සංවිධානය තර්ජනය කර තිබේ.

සෞදියට එරෙහි නාවික තහනම සහ ගෝලීය බලපෑම

 

bab 1
යේමනයට එරෙහිව සෞදි අරාබිය සිදුකරන යුදමය මැදිහත්වීම්වලට ප්‍රතිචාරයක් ලෙස "ඇසට ඇසක්" යන පදනම මත පිහිටා මෙම නාවික තහනම පනවන බව හුති හමුදා ප්‍රකාශ කළහ. කෙසේ වෙතත්, මෙම හදිසි නිවේදනය සම්බන්ධයෙන් සෞදි අරාබි රජය මෙතෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

භූ-දේශපාලනික සහ නාවික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, බබ් එල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය පූර්ණ වශයෙන් වසා දැමුවහොත් ගෝලීය ඉන්ධන සැපයුමෙන් සියයට 7ක (7%) පමණ ප්‍රමාණයක් සෘජුවම බිඳ වැටෙන බවයි. එමඟින් සෞදි අරාබියෙන් ජාත්‍යන්තරයට කෙරෙන ප්‍රධාන තෙල් අපනයන මාර්ග අඩපණ වන අතර, දැනටමත් පවතින ගල්ෆ් කලාපීය නොසන්සුන්තාව හේතුවෙන් සමුද්‍රීය ඉන්ධන ප්‍රවාහනයට එල්ල වී ඇති 10%ක පමණ සැපයුම් කප්පාදුව තවදුරටත් උග්‍ර වනු ඇත.

අර්බුදය මැද රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා

 

bab 2
මෙම නාවික තහනම ප්‍රකාශයට පත්වන්නේ, උද්ගතව ඇති යුදමය තත්ත්වයට විසඳුම් සෙවීම සඳහා ඉරානය සහ එක්සත් ජනපදය අතර මැදිහත්කරුවන් මාර්ගයෙන් රහසිගත රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වී ඇති පසුබිමක වීම විශේෂත්වයකි. දින 10ක තාවකාලික සටන් විරාමයක් සඳහා වන යෝජනාවක් මැදහත් පාර්ශව වෙතින් ලැබී ඇති බව ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, ඉරාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්කන්දාර් මොමෙනි පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර හදිසි සංචාරයක නිරත වෙමින්, එක්සත් ජනපදය සමඟ පවතින මෙම ගැටුම නිරාකරණය කර ගැනීමට නැවත මැදිහත් වන ලෙස පාකිස්ථාන රජයෙන් ඉල්ලීමක් කර ඇති බව ද රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් අනාවරණය කරයි.

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/20/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය

Houthis announce Saudi naval blockade, threatening new front in US-Iran war

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...