BREAKING
Top Ad
විදේශ

'කුසලතාව ජයගන්නා සංස්කෘතියක් නිර්මාණය කරමු!' : සිසු අරගලය හමුවේ සචින් ටෙන්ඩුල්කාර් හඬ අවදිකරයි!

T

The Leader Desk

July 24, 2026 • 3:27 PM

'කුසලතාව ජයගන්නා සංස්කෘතියක් නිර්මාණය කරමු!' : සිසු අරගලය හමුවේ සචින් ටෙන්ඩුල්කාර් හඬ අවදිකරයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • NEET-UG ප්‍රශ්න පත්‍ර කාන්දුවට එරෙහි තරුණ නැගී සිටීම හමුවේ සාමුහික වගකීම මතක් කළ ක්‍රිකට් පුරාවෘත්තය
  • මේ තරුණ අරගලයේ ගැම්ම තවත් වැඩිවුනේ සොනාම් වංචුක් නමැති සමාජ ක්‍රියාකාරිකයා ඔහුගේ මාරාන්තික උපවාසයේ 19 වැනි දිනයේදී දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව.
  • තරුණ පරපුරට බලපෑමක් ඇති කරන වටිනාකම් හා සංස්කෘතියක් නිර්මාණය කිරීම පිණිස සමාජයට තිබෙන සාමුහික වගකීම ටෙන්ඩුල්කාර් සමාජ මාධ්‍ය ඔස්සේ අවධාරණය කර තිබෙනවා.
  • ප්‍රයත්නයට වඩා ප්‍රතිඵලවලට ප්‍රමුඛතාව දෙන සමාජයක් කුසලතා ඇතියවුන්ට වඩා කෙටි මාර්ග සොයාවි.” “අද, ශිෂ්‍යයන්ට තමන් වෙහෙස මහන්සියෙන් කළ වැඩවලට ප්‍රතිඵලයක් නැති බවට කලකිරීමක් දැනිලා තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

අරගලය හමුවේ නිහඬව සිටි විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මාට සමාජ මාධ්‍යයෙන් දැඩි විවේචන

කැරපොතු ජනතා පක්ෂයේ මෙහෙයවීමෙන් ඉන්දියාව පුරා ව්‍යාප්තව තිබෙන විරෝධතාවලින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පීඩාවක් සිදු නොවීම සහතික කිරීම පිණිස එකට එක්වන ලෙසට හිටපු ඉන්දියා ක්‍රිකට් ලෙජන්ඩ් සචින් ටෙන්ඩුල්කාර් ඉන්දියාවේ ජන සමාජයෙන් ඉල්ලා තිබෙනවා. ඉන්දියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක යුව්රාජ් සිං ට පසුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ දෙවැනි වැදගත් ඉන්දීය ක්‍රීඩකයා වන්නේ ටෙන්ඩුල්කාර්.

ටෙන්ඩුල්කාර්ගේ මේ ප්‍රකාශය සිදුවන්නේ ඉන්දියාවේ විවිධ වෛද්‍ය ආයතනවල පාඨමාලාවන් සඳහා ප්‍රවේශ වීමට සුදුසුකම් ලබා දෙන එකම ජාතික විභාගය වන NEET-UG 2026 හි ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම රට පුරා ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට බලපෑමක් ඇතිකර තිබියදී ඉන්දියා අධ්‍යාපන ඇමති ධර්මේන්ද්‍රගේ ඉල්ලා අස්වීම ඉල්ලමින් තරුණයින් ගෙන යන විරෝධතා මධ්‍යයේ.

මේ තරුණ අරගලයේ ගැම්ම තවත් වැඩිවුනේ සොනාම් වංචුක් නමැති සමාජ ක්‍රියාකාරිකයා ඔහුගේ මාරාන්තික උපවාසයේ 19 වැනි දිනයේදී දිල්ලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව. ඉන්දියාවේ විරුද්ධ පක්ෂ ද ඔවුන්ගේ සහයෝගය විරෝධතාකරුවන්ට ලබා දී තිබෙනවා.

තරුණ පරපුරට බලපෑමක් ඇති කරන වටිනාකම් හා සංස්කෘතියක් නිර්මාණය කිරීම පිණිස සමාජයට තිබෙන සාමුහික වගකීම ටෙන්ඩුල්කාර් සමාජ මාධ්‍ය ඔස්සේ අවධාරණය කර තිබෙනවා.

“මගේ පියා මහාචාර්යවරයෙක්. ඔහු‌ බොහෝ තරුණ ශිෂ්‍යයන්ගේ ගුරුවරයා හා මඟ පෙන්වන්නා වී සිටියා. ඔහු මුලදීම කා වද්දපු පාඩමක් වුනේ, ‘අසමත්වීම අනුමත කරන්න පුළුවනි, නමුත් වංචාව බැහැ. කවදාවත් කෙටි මාර්ගවලට යන්න එපා’ කියලයි.”

“සමාජයේ වැඩිහිටියන් වශයෙන්, සංස්කෘතිය හැඩගැස්සීමේ වගකීම අපට තියෙනවා. ප්‍රයත්නයට වඩා ප්‍රතිඵලවලට ප්‍රමුඛතාව දෙන සමාජයක් කුසලතා ඇතියවුන්ට වඩා කෙටි මාර්ග සොයාවි.”

“අද, ශිෂ්‍යයන්ට තමන් වෙහෙස මහන්සියෙන් කළ වැඩවලට ප්‍රතිඵලයක් නැති බවට කලකිරීමක් දැනිලා තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවනි. ඔවුන්ට ආයෙත් මේ විදියට නොහැඟෙන ලෙසට සහතික වීම පිණිස අපි සියලු දෙනාම එකට වැඩ කළ යුතුයි” ටෙන්ඩුල්කාර් පවසනවා.

වෙහෙසකාරීව කරන වැඩ කටයුතු සඳහා ඵලදායී ප්‍රතිඵල ලබා දීම හා අධ්‍යාපන ක්‍රමවේදයේ හදවතේ කුසලතාව රැඳී සිටිනු ඇති බවට සහතික කිරීමේ වැදගත්කම ටෙන්ඩුල්කාර් තවදුරටත් අවධාරණය කරනවා.

“තරුණ ඉන්දියාව සිහින හා ශක්තියෙන් පිරී තිබෙනවා. අපේ සාර්ථකත්වයට ඉන්ධන සපයන්නේ ඔවුන්. සමාජයක් වශයෙන් මව්පියන්, ගුරුවරුන්, මිතුරන්, ඥාතීන්, පාසල් හා පරිපාලකයන් ඇතුළු අපි සියලු දෙනාටම අපේ තරුණයින් ධෛර්යමත්ව හා ශක්තිමත්ව රැඳී සිටින බවට සහතික කර ගැනීම පිණිස දැවැන්ත වගකීමක් හා කළ යුතු විවිධ කාර්යයන් තිබෙනවා.”

“උත්සාහවන්තව කරන වැඩවලට හොඳ ප්‍රතිඵල ලබා දෙන, අවංක බව දිරිමත් කරන හා කුසලතාව ජය ගන්නා සංස්කෘතියක් අප විසින් නිර්මාණය කළ යුතුයි. අපේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කරන හා ඔවුන්ගේ ප්‍රාර්ථනාවන් සුරක්ෂිත කරන විසඳුම් සොයා ගැනීමට අප සියලු දෙනාටම හැකි බවට මට සැකයක් නැහැ” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් පුරාවෘත්තය වැඩි දුරටත් කියා සිටිනවා.

මේ අතර, NEET-UG 2026 ප්‍රශ්න පත්‍ර රහසේ පිටව ඇතැයි කියන සිද්ධියේ මතභේදය මත අධ්‍යාපන ඇමතිවරයාට තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් අද (24) ඉන්දියාව පුරා සාමකාමී විරෝධතා පවත්වන ලෙසට ‘කැරපොතු ජනතා පක්ෂය’ (CJP) ඊයේ ජනතාවට දන්වා තිබුණා.
                       

CJP විරෝධතාවට සහාය නොදැක්වීම ගැන විරාට් කෝලි හා අනුෂ්කාට දොස්

මේ අතර, නවදිල්ලියේ ජන්තර් මන්තර් ඉසව්වේදී CJPයේ මෙහෙයවීමෙන් ශිෂ්‍ය විරෝධතා දිගටම පැවැත්වෙද්දී, ශිෂ්‍යයන්ට සඳුදා එල්ල වූ ඉන්දීය පොලිසියේ දිග බැටන් පොලු ප්‍රහාරය පිළිබඳව තවමත් අවධානය යොමුව තිබෙනවා.

විරෝධතාවන් පැවැත්වෙන අතරතුර ඉන්දියා සුපිරි ක්‍රීඩක විරාට් කෝලි සහ අනුෂ්කා ෂර්මා නිළිය විරින්දවන් නුවරදී බදාදා ආගමික නායක ප්‍රේමනන්ද් ජී මහාරාජ් බැහැ දකින ඡායාරූප සමාජ මාධ්‍යයේ දිස්වීම බොහෝ විවේචනයන්ට මග පාදා තිබෙනවා. මීට හේතු වී තිබෙන්නේ දැන් පැවැත්වෙන විරෝධතාවන් හමුවේ ඇති ඔවුන්ගේ නිහඬතාවයි.

විරෝධතාවේ යෙදී සිටින ශිෂ්‍යන්ට සහාය දක්වමින් ප්‍රසිද්ධියේ කිසිවක් ප්‍රකාශ නොකිරීම පිළිබඳව විරාට් හා අනුෂ්කා සමාජ මාධ්‍යයේ විවේචනයට ලක්ව සිටිනවා. දිල්ලියේ උපන් විරාට් මේ ප්‍රශ්නය පිළිබඳව කතා කරනු ඇතැයි බලාපොරොත්තු වූ බව සමහර ක්‍රිකට් ලෝලීන් පවසනවා.

warnan Gunasekara(සටහන : වර්නන් ගුණසේකර)
'ද ලීඩර්' ක්‍රීඩා වාර්තාකරු
gunasekera33@gmail.com

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...