BREAKING
Top Ad
විදේශ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නැගෙනහිර කොංගෝවේ දැවැන්ත විරෝධතා

T

The Leader Desk

July 29, 2026 • 7:18 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව නැගෙනහිර කොංගෝවේ දැවැන්ත විරෝධතා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝමා සහ බුකාවු නගරයන්හි දහස් සංඛ්‍යාත ජනතාවක් පාරට බසිති
  •   පසුගිය වසරේදී උතුරු සහ දකුණු කිවු (Kivu) ප්‍රදේශයන්හි සිදුවූ සීඝ්‍ර ඉදිරිගමනත් සමඟ ගෝමා සහ බුකාවු යන ප්‍රධාන නගර දැනට පාලනය වන්නේ AFC/M23 කැරලිකාර කණ්ඩායම්වල පාලනය යටතේය.
  • මෙම විරෝධතා ව්‍යාපාරයේදී ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමට අමතරව, පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා කොංගෝ රජය සහ M23 කැරලිකරුවන් අතර සෘජු සාකච්ඡා ආරම්භ කරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටියහ.
  • එසේම, එජාස විසින් AFC/M23 නායක කෝනෙල් නංගා (Corneille Nangaa) ඇතුළු පිරිසට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙසද ඔවුහු බලකර සිටියහ.
අකුරු ප්‍රමාණය (Font Size):


M23 කැරලිකරුවන් සහ රජය අතර සෘජු සාකච්ඡා සඳහා ද ඉල්ලීම්


ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ ජනාධිපති ෆීලික්ස් ෂිසෙකෙඩි හට (Felix Tshisekedi) තෙවන ධුර කාලයක් සඳහා තරඟ කිරීමට මග පාදන බවට චෝදනා එල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලියට එරෙහිව රටේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ගෝමා (Goma) සහ බුකාවු (Bukavu) යන නගරයන්හි දහස් සංඛ්‍යාත ජනතාවකගේ සහභාගීත්වයෙන් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කර තිබේ.

සිවිල් සංවිධාන විසින් සංවිධානය කරන ලද මෙම විරෝධතාවලට එක්වූ පිරිස් "ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ නොදෙනු" සහ "ජනමත විචාරණයට හා තෙවන ධුර කාලයකට එරෙහි වනු" යනුවෙන් සටහන් වූ බැනර් ප්‍රගුණ කරමින් විරෝධතාවල නිරත වූ බව වාර්තා වේ.

 

congo 2

පසුගිය වසරේදී උතුරු සහ දකුණු කිවු (Kivu) ප්‍රදේශයන්හි සිදුවූ සීඝ්‍ර ඉදිරිගමනත් සමඟ ගෝමා සහ බුකාවු යන ප්‍රධාන නගර දැනට පාලනය වන්නේ AFC/M23 කැරලිකාර කණ්ඩායම්වල පාලනය යටතේය. මෙම විරෝධතා ව්‍යාපාරයේදී ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීමට අමතරව, පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් කිරීම සඳහා කොංගෝ රජය සහ M23 කැරලිකරුවන් අතර සෘජු සාකච්ඡා ආරම්භ කරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටියහ. එසේම, එජාස විසින් AFC/M23 නායක කෝනෙල් නංගා (Corneille Nangaa) ඇතුළු පිරිසට පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙසද ඔවුහු බලකර සිටියහ.

congo 3

 

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතකට පසුගිය ජූනි මාසයේදී කොංගෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ අතර, එමගින් අදාළ සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට ඉඩ සැලසේ. විවේචකයන් පෙන්වා දෙන්නේ මෙය ජනාධිපති ෂිසෙකෙඩි හට නැවත වරක් ධුරය සඳහා තරඟ කිරීමට පාර කැපීමක් බවයි. මෙම තත්ත්වය හමුවේ පසුගිය ජූනි 12 වනදා අගනුවර වන කින්ෂාසා හිදී ද විපක්ෂය විසින් විරෝධතා සංවිධානය කළ අතර, ආරක්ෂක අංශ විසින් එම විරෝධතා විසුරුවා හරින ලදී.

මේ අතර කොංගෝ රජයේ ප්‍රකාශක පැට්‍රික් මුයායා (Patrick Muyaya) සඳහන් කරන්නේ අදාළ විරෝධතා සඳහා ජනතාව බලහත්කාරයෙන් යොදවා ගැනීමට කැරලිකරුවන් කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත් මෙම චෝදනාව සම්බන්ධයෙන් AFC/M23 කණ්ඩායම මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

congo 4
එබෝලා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රදේශය තුළ රැස්වීම් සහ සම්මේලන තහනම් කර තිබියදී පවා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙම විරෝධතා පැවැත්වීම විශේෂත්වයකි. කැරලිකාර නායකයන් පසුගිය මාසයේදී ප්‍රකාශ කර තිබුණේ තමන් යටතේ පවතින ප්‍රදේශ එබෝලා අවදානමෙන් තොර බවයි.

මුලාශ්‍රය :

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...