චැඩ් (Chad) සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය හරහා දාර්ෆූර් වෙත ඇදී ගිය රහසිගත ජාත්‍යන්තර ආයුධ ජාලය
එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටු වාර්තාව සහ බෝයිං යානාවල කාර්යභාරය

සුඩානයේ දාර්ෆූර් (Darfur) කලාපයේ ජනසංහාරක ක්‍රියාවල නිරත වන 'වේගවත් සහායක බලකාය' (Rapid Support Forces - RSF) නමැති පරාමිලිටරි සංවිධානය වෙත අවි ආයුධ, ඩ්‍රෝන යානා සහ විදේශීය කුලී හේවායන් ප්‍රවාහනය කිරීම සඳහා ඇමෙරිකානු හමුදා කොන්ත්‍රාත්කරුවෙකුට අයත් ව්‍යාපාරික ජාලයකට සම්බන්ධ ‘බෝයිං 727’ (Boeing 727) වර්ගයේ ගුවන් යානා යොදාගෙන ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කර තිබේ. එළඹෙන සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂඥ පැනලයේ රහසිගත කෙටුම්පත් වාර්තාවක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය (Reuters) මෙම තොරතුරු තහවුරු කර ඇත.
මෙම ගුවන් යානා ජාලය හිටපු ඇමෙරිකානු විශේෂ බලකා සෙබළෙකු වන ස්ටීවන් ෂෝලිස් (Steven Shaulis) ට අයත් සමාගම් සමග සම්බන්ධ වී ඇති අතර, යානා රේඩාර් පද්ධතිවලට හමු නොවී රාත්‍රී කාලයේදී චැඩ් රාජ්‍යයේ චැඩ් රාජ්‍යය (Chad -මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රටක් (Central African Republic එකට උතුරින් සහ සුඩානයට බටහිරින් පිහිටි මායිම් රටක්) එන්ජමේනා (N'Djamena) ගුවන්තොටුපළේ සිට සුඩානයේ දාර්ෆූර් හි පිහිටි RSF ප්‍රධාන හමුදා මධ්‍යස්ථානය වන න්යාලා (Nyala) වෙත පියාසර කර ඇති බව කියැවේ.
රහසිගත ගුවන් මාර්ග සහ විදේශීය කුලී හේවායන්ගේ මැදිහත්වීම

එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව, 2024 නොවැම්බර් මාසයේ සිට 2026 ජූලි දක්වා කාලය තුළ අදාළ බෝයිං යානා සහ 'ඉලියුෂින්-76' (Ilyushin II-76) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන යානා රැසක් රාත්‍රී කාලයේදී න්යාලා ගුවන්තොටුපළ (Nyala Airport - UYL/HSNY) වෙත ගොඩබස්වා ඇත. මෙම යානා පියාසර කිරීමේදී සාමාන්‍ය ගුවන් සංඥා අක්‍රිය කරමින් පද්ධතිවලට හසු නොවී ගමන් කිරීමට (Deliberate steps to avoid detection) පියවර ගෙන ඇති බව වාර්තාව පෙන්වා දෙයි.
මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි 'Global Security Services Group' (GSSG) නැමැති සමාගමක් හරහා කොලොම්බියානු ජාතික කුලී හේවායන් 1,500ක් සහ 2,000ක් අතර සංඛ්‍යාවක් 'Desert Wolves' ලෙස පෙනී සිටිමින් RSF හමුදාව වෙනුවෙන් සටන් වැදීමට සුඩානයට ගෙනැවිත් තිබේ. 2025 ඔක්තෝබර් මාසයේදී අල්-ෆාෂිර් (al-Fashir) නගරය යටත් කරගැනීමේදී සිදුවූ දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් ඝාතනය කිරීම්, කාන්තා දූෂණ සහ ළමුන් පැහැරගැනීම් පිටුපස මෙකී කුලී හමුදා සහාය ලැබී ඇති බවට නිරීක්ෂණය වී ඇත.
අදාළ පාර්ශ්වයන්ගේ ප්‍රතිචාර සහ ජාත්‍යන්තර ප්‍රතිවිපාක

මෙම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් ඇමෙරිකානු කොන්ත්‍රාත්කරු ස්ටීවන් ෂෝලිස් සහ RSF සංවිධානය වැළකී සිටින අතර, අදාළ යානා මිලදී ගත් දකුණු අප්‍රිකානු සමාගම පවසා ඇත්තේ තමන් RSF සංවිධානය සමග කිසිදු සබඳතාවක් නොමැති බවයි. චැඩ් රාජ්‍යයේ සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරන්නේ අදාළ බෝයිං යානාවලට තමන්ගේ ගුවන්පථ භාවිත කිරීමට කිසිදු අනුමැතියක් ලබා දී නොතිබූ බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය තමන් වෙත එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ අදාළ සමාගම මගින් කිසිදු කුලී හමුදා මෙහෙයුමක් සිදු නොකළ බවයි. 2004 වසරේ සිට දාර්ෆූර් කලාපයට පනවා ඇති ජාත්‍යන්තර ආයුධ තහනම (Arms Embargo) බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිදුකරන මෙම ජාත්‍යන්තර ජාවාරම හේතුවෙන් සුඩානය තුළ ලොව දරුණුතම මානුෂීය අර්බුදය නිර්මාණය වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
මුලාශ්‍රය :




