"දැන් අපේ වාරය" – ඉරානයට චීන මිසයිල ලැබෙන බවට සැක කරමින් ජනපති ට්‍රම්ප්ගෙන් තද අනතුරු ඇඟවීමක්
එක්සත් ජනපද හමුදා ඊයේ (29) ඉරාන ඉලක්ක වෙත යළි ප්‍රහාර ඇරඹීය. මැද පෙරදිග එක්සත් ජනපද හමුදාවන්ට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව, ඉරානයට ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමග එම නව ප්‍රහාර ක්‍රියාත්මක විය.
මධ්‍යධරණී මුහුදේ ඊජිප්තු වරායක වූ එක්සත් ජනපදයට අයත් පාවෙන ඉන්දන ගබඩා නෞකාවක් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකට ලක් විය. ඊට පෙර, එක්සත් ජනපද සහ සෞදී හමුදා එක්ව, ඉරාකයේ සිට ක්‍රියාත්මක ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් වෙත ප්‍රහාර එල්ල කළහ. ඊට ප්‍රතිචාර වශයෙන් ජෝර්දානයේ, එක්සත් ජනපද හමුදා වෙත මිසයිල ප්‍රහාර දියත් කළ බව ද ඉරානය කීය.
මේ අතර ඛෙෂ්ම් දිවයිනේ නේවාසික කලාපයක් වෙත එක්සත් ජනපද ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු එහි මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ඉරාන මාධ්‍ය උපුටා දක්වන රොයිටර්ස් පුවත් වාර්තා කළේය. ඉරාන රාජ්‍ය රූපවාහිනියේ (IRIB) එහි නවතම දර්ශන විකාශය කෙරේ.
ඛෙෂ්ම් දිවයිනට එල්ල කළ එක්සත් ජනපද ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් බව, ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

කටාරය සහ තවත් රාජ්‍යයන්ට අයත් ඉන්දන, ගෑස් සහ වෙනත් වෙළඳ නෞකා කිහිපයක් ඊයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නිරුප්‍රදිතව තරණය කිරීමට සමත් විය. එම නෞකා හයක් සමුද්‍ර සන්ධියෙන් ඇතුළු වූ බව සහ නෞකා හයක් ඉන් පිට වූ බව වාර්තා වේ.
ඊයේ බ්‍රෙන්ට් බොරතෙල් 8%කින් ඉහළ ගියේය.
කෙසේ වුව, පසුව බ්‍රෙන්ට් බොරතෙල් ඉදිරිය ඇමෙරිකානු ඩොලර් 1.48 කින් නොඑසේව, 1.63%කින් ඉහළ යාමෙන් අනතුරුව, ග්‍රිනිච් වේලාවෙන් 0707 පැයට එම බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.22ක් ලෙස සටහන් විය. මේ අතර වෙස්ට් ටෙක්සාස් අතරමැදි ඉදිරිය ශත 43 කින්, නොඑසේව, 0.51%කින් ඉහළ ගිය අතර එම බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 84.89ක් ලෙස සටහන් විය.
ගැටුම් අතරේ වුව, ඉන්දන නෞකා සැලකිය යුතු සංඛ්‍යාවක් දෛනිකව අඛණ්ඩව මැද පෙරදිග කලාපය පසු කර යාත්‍රා කරමින් පවතී.
"දැන් ඉතිං අපේ වාරෙ. ලොවෙත් නැතිවෙන්න ගහන්නෙ," ජනපති ට්‍රම්ප් රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.

අනතුරුව රොයිටර්ස් විශේෂ වාර්තාව ( Reuters exclusive report) වෙත අදහස් ප්‍රකාශ කළ ඔහු, ඉරානයට චීනයේ නිෂ්පාදිත මිසයිල පද්ධති ලැබෙන බවට තතු සැලව ඇතැයි ද කීය.
එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා විසින් 'උසි උසි ගන්වා,' හෝර්මුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ යාත්‍රා කිරීමට හල ඉන්දන නෞකා දෙකකින් එකක දැඩි ගින්නක් හට ගැනීමෙන් අනතුරුව, එම නෞකා දෙකම ආපසු පලා ගිය බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අද (30) පැවසීය. එම එක් නෞකාවක හටගත් ගින්නට හේතුව ඔවුන් විසින් මෙතෙක් අනාවරණය කර නැත. සමුද්‍ර සන්ධියේ ඇතැම් මවත් හි ඉරානය විසින් මුහුදු බෝම්බ අතුරා ඇති අතර, ඉරාන අවසරය රහිතව හෝර්මුස් තරණය කරන නෞකා වෙත ප්‍රහාර එල්ල කෙරේ.
(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
7/30/2026
(harshaprs@yahoo.com)
මුලාශ්‍රය :
Iran war live: US strikes Iran again as war widens with attack on Egypt port




