BREAKING
Top Ad
විදේශ

චීනයට අනන්‍ය නවීකරණයේ ඉදිරිය කොයිබටද?

T

The Leader Desk

August 5, 2026 • 12:22 PM

චීනයට අනන්‍ය නවීකරණයේ ඉදිරිය කොයිබටද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්තමානයේ ලෝකය ඩිජි‍ටල් විප්ලවයකට මුහුණ දෙමින් සිටින අතර එහි පාර්ශ්වකරුවන් ලෙස එම නව ප්‍රවණතා සමග ගමන් කිරීමට සියලු රටවලට සිදු ව ඇත. මෙම නවීකරණය ක්‍රියාවලිය සිය ජාතිකත්වයට හානි නොවන අයුරින් ක්‍රියාත්මක කිරීම ද අභියෝගාත්මක ය.
  • මෙහිදී විද්‍යා හා තාක්ෂණ නවීකරණය අතිශය වැදගත් අංගයක් ලෙස සලකා චීනය විශේෂ වැඩපිළවෙළක් ඉදිරිපත් කර තිබේ.
  • මේ අනුව එරට '15වන පස් අවුරුදු' කාලය(2026-2030), චීනය විද්‍යාත්මක හා තාක්ෂණික අතින් ප්‍රබල රටක් ලෙසට ගොඩනැංවීමට ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස ද හඳුන්වා දී ඇත.
  • එහිදී චීනයට අනන්‍ය නවීකරණය තුළ විද්‍යාත්මක නවීකරණය ඉතා කැපී පෙනෙන්නක් බව අවධාරණය කළ ෂී ජින්පිං, ගුණාත්මක ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගනිමින් ප්‍රධාන ගැටලුවලට පිළියම් ලබා දිය යුතු බවට උපදෙස් ලබා දී ති‍බේ.
අකුරු ප්‍රමාණය (Font Size):


චීනය මෙහිදී සාර්ථක මෙහෙයුමක නිරතව සිටී. ඒ චීනයට අනන්‍ය නවීකරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමෙනි. මෙහිදී විද්‍යා හා තාක්ෂණ නවීකරණය අතිශය වැදගත් අංගයක් ලෙස සලකා චීනය විශේෂ වැඩපිළවෙළක් ඉදිරිපත් කර තිබේ. මේ අනුව එරට '15වන පස් අවුරුදු' කාලය(2026-2030), චීනය විද්‍යාත්මක හා තාක්ෂණික අතින් ප්‍රබල රටක් ලෙසට ගොඩනැංවීමට ඉතා වැදගත් කාල පරිච්ඡේදයක් ලෙස ද හඳුන්වා දී ඇත. චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ ඉහළ මට්ටමේ විද්‍යා හා තාක්ෂණ අංශ වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක් ද ලබා දී තිබේ.

 

WhatsApp Image 2026 08 05 at 13.39.48 1
පසුගිය පෙබරවාරි මාසයේ බෙයිජිං නගරයේ ආර්ථික හා තාක්ෂණ සංවර්ධන ප්‍රදේශය වන Yizhuang ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමේදී කෘත්‍රිම බුද්ධි තාක්ෂණ, රොබෝ තාක්ෂණ යනාදී නව්‍යකරණ ප්‍රගතීන් නිරික්ෂණය කළ චීන ජනාධිපතිවරයා එහි සිටි පර්යේෂක පිරිසක් සමග සුහද පිළිසඳරකට ද එක්විය. එහිදී චීනයට අනන්‍ය නවීකරණය තුළ විද්‍යාත්මක නවීකරණය ඉතා කැපී පෙනෙන්නක් බව අවධාරණය කළ ෂී ජින්පිං, ගුණාත්මක ක්ෂේත්‍ර ඒකාබද්ධ කරගනිමින් ප්‍රධාන ගැටලුවලට පිළියම් ලබා දිය යුතු බවට උපදෙස් ලබා දී ති‍බේ.

එමෙන්ම අනතුරුව ෂී ජින්පිං ගේ ප්‍රධානත්වයෙන්, මූලික පර්යේෂණ ශක්තිමත් කිරීම පිළිබඳ රැස්වීමක් ශංහයිහිදී පැවැත්විණ. මෙම වසරේ, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා පැවැත්වූ ප්‍රථම වැදගත් රැස්වීම ද එයයි.

‍එමෙන් ම, චීන ජනාධිපතිවරයා ඉකුත් ජුලි මස 08වන දා බෙයිජිංහි පැවති චීන විද්‍යා හා තාක්ෂණය පිළිබඳ ඇගයීමේ සම්මේලනය, චීන විද්‍යා ඇකඩමියේ හා චීන ඉංජිනේරු ඇකඩමියේ විද්වතුන්ගේ සම්මේලනය සහ චීන විද්‍යා හා තාක්ෂණ සංගමයේ 11 වන ජාතික නියෝජිත සම්මේලනයට ‍එක්වෙමින් වැදගත් දේශනයක් සිදු කළේය. විද්‍යා හා තාක්ෂණ අතින් ප්‍රබල රටක් ලෙස තම රට ගොඩනැංවීමේ අරමුණින් රට හා ජනතාව වෙනුවෙන් ඇපකැප ‍වන්නැයි හෙතෙම එහිදී අදාළ ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් බලගැන්වීය.

 

WhatsApp Image 2026 08 05 at 13.39.49
මේ අතර, පසුගිය ජුලි මස 17වැනි දා ශංහයිහිදී 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම පැවැත්විණ. එහි සමාරම්භක උත්සවයේදී ප්‍රධාන දේශනය සිදු කළ චීන ජනාධිපතිවරයා ගෝලීය කෘත්‍රිම බුද්ධි සංවර්ධනය හා පාලනය පිළිබඳ චීනයේ දැක්ම ඉදිරිපත් කළේය. වගකීම් සහගත රටක් ලෙසට චීනයේ වගකීම් හා යුතුකම් එමගින් මනාව පිළිබිඹු කෙරේ.

ඒ අනුව මෙම වසර චීනය නවීන සංවර්ධනය සඳහා වැඩි අවධානයක් යොමු කළ වර්ෂයක් මෙන්ම එහි ක්‍රියාකාරීත්වය වෙනුවෙන් ප්‍රායෝගික මැදිහත්වීම් සිදු කළ වර්ෂයක් ලෙස දැකිය හැකිය. ඒ වෙනුවෙන් වැඩි ආයෝජන ප්‍රමාණයක් වෙන් කර ඇති අතර එය චීනයට අනන්‍ය මාදිලියක් ඔස්සේ ක්‍රියාත්මක කරමින් ලොව පුරා සිය තාක්ෂන දැනුම බෙදා හැරිම එරට අභිප්‍රාය වනු ඇත.

දිනූෂි ධීරසිංහ
චීන මාධ්‍ය සමූහය

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...