BREAKING
Top Ad
විදේශ

ඕමාන බොක්කේ නාවික ප්‍රහාර හමුවේ ඇමෙරිකා-ඉරාන යුද උණුසුම උච්චතම තැනකට: ගෝලීය තෙල් මිලත් ඉහළට!

T

The Leader Desk

August 12, 2026 • 10:20 AM

ඕමාන බොක්කේ නාවික ප්‍රහාර හමුවේ ඇමෙරිකා-ඉරාන යුද උණුසුම උච්චතම තැනකට: ගෝලීය තෙල් මිලත් ඉහළට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ සතුරු භූමි ආක්‍රමණයට ඉරාන විප්ලවීය බලකායේ සූදානමක්
  • ඒ  අනුව, බ්‍රෙන්ට් බොර තෙල් ඉදිරිය 1.4% කින් ඉහළ ගියේය.
  • අවසන, එම බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88.91ක් ලෙස සටහන් විය.
  • එක්සත් ජනපද බොර තෙල් මිල ද 1.3%කින් ඉහළ ගිය අතර එම බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.20ක් ලෙස සටහන් විය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉරානයේ අතිරේක කොන්දේසි හමුවේ සාම සාකච්ඡා අර්බුදයකට යද්දී ජනාධිපති ට්‍රම්ප්ගෙන් තදබල අනතුරු ඇඟවීමක්



යේමනයේ ඉරාන හිතවාදී හුති සන්නද්ධ කල්ලිය ඊයේ  ( 11) ඕමාන බොක්ක  ආශ්‍රිත කලාපයේ යාත්‍රා කළ නෞකා වෙත පහර දුන්හ.

ඒ හමුවේ ගෝලීය ඉන්දන මිල යළි ඉහළ ගිය අතර  කොටස් වෙළඳපොළ ද පසු බෑමට ලක් විය. ඒ  අනුව, බ්‍රෙන්ට් බොර තෙල් ඉදිරිය 1.4% කින් ඉහළ ගියේය. අවසන, එම බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 88.91ක් ලෙස සටහන් විය. එක්සත් ජනපද බොර තෙල් මිල ද 1.3%කින් ඉහළ ගිය අතර එම බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.20ක් ලෙස සටහන් විය.

ඊජිප්තු ධජය යටතේ යාත්‍රා කළ, ටිහාමා නෞකාවට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගල ජීවිත හානි වාර්තා වී තිබේ.

 


මේ අතර, එක්සත් ජනපද පාර්ශ්වයෙන් ද ප්‍රහාර වාර්තා විය. එම නාවික හමුදාවට අයත්, MH-60 හෙලිකොප්ටර මගින් එල්ල කළ හෙල්ෆයර් මිසයිල ප්‍රහාරයකින් පැනමා ධජය යටතේ යාත්‍රා කරමින් පැවති භාණ්ඩ  නෞකාවක් අඩපණ කළ බව, එම හමුදා  පැවසූහ. ඉරාන වරාය තහනම නොඉක්මවන ලෙස දිගින් දිගටම සිදු කළ අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් එම ප්‍රහාර එල්ල කළ බව, එක්සත් ජනපද නාවික හමුදා  කීහ. එම නෞකාව පාකිස්ථාන මුහුදු සීමාවට ඔබ්බෙන් ඕමාන බොක්ක වෙත යාත්‍රා කෙරෙමින් පැවති අවස්ථාවෙක එම ප්‍රහාර එල්ල විය.

ඉකුත් දෙදින පුරා එක්සත් ජනපද - ඉරාන යුද උණුසුම තව දුරටත් වර්ධනය විය.

යුද්ධය අවසන් කිරීම පිණිස ඉදිරිපත් කළ ඉරාන කොන්දේසි පිළිගන්නා තෙක්,  හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බව ඉරාන ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසෙයි කීය. එම සමුද්‍ර සන්ධිය යළි විවෘර්ත කිරීමට නම්, අත්හිටුවන ලද ඉරාන වත්කම් නිදහස් කළ යුතු බව ද, ලෙබනනය සහ ගාසා ඇතුළු කලාපයේ සියලු එක්සත් ජනපද  ප්‍රහාර වහා අවසන් කළ යුතු බව ද, ඔහු විසින් ප්‍රකාශ කර තිබේ.

ඉකුත් පනස් වසර තුළ යුද ගැටුමින්, ප්‍රහාර සහ අරගල හේතුවෙන් ඝාතනය වූ සියලු ජනතාවට ඉරානය වන්දි ගෙවිය යුතු බව, එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා (10), පැවසීය. ඉරානයේ නව ඉල්ලීම්  ඊට අභියෝගයකි. ටෙහ්රානය ආර්ථික වශයෙන් පීඩනයට ලක් කර ඉඳුරා පහර දීම ට්‍රම්ප්ගේ අපේක්ෂාව බව පෙනේ.

"මම මේක කතා කරලා ගොඩ දාගන්න ෆුල් ට්‍රයි එක දෙනවා, හැබැයි මුං ඇම්ඩන්ලා," ට්‍රම්ප් කීය.

 


ඊයේ ඔහියෝ සංචාරයක් අවසන මාධ්‍යවේදීන් ඇමතූ ජනපති ට්‍රම්ප්, "ඉරානය ඔය හොඳටම කරගෙන යන්නෙ, පේනවනෙ ! මතක තියාගන්න, හෝර්මුස් සමුද්‍ර සන්ධිය පාලනය කරන්නෙ වෙන කවුරුවත් නෙවෙයි අපියි," යි පැවසීය.

ඕමානය, ජෝර්දානය, කුවේට්, ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබියේද ස්ථාපිත එක්සත් ජනපද මර්මස්ථාන වෙත ඉරාන විප්ලවීය හමුදා පසුගිය කාලය පුරා දිගින් දිගටම ප්‍රහාර එල්ල කළහ.

මේ අතර,  අදහස් පළ  කළ එරට විප්ලවීය ආරක්ෂක බලකා ප්‍රධානීගේ උපදේශකවරයකු වන මොහම්මඩ් රෙසා නඛ්දි, ඉරාන හමුදා, සතුරු භූමිය ආක්‍රමණය කිරීමට  සූදානම් බව කියා සිටියේය.

"මේ සන්නද්ධ ක්‍රියාන්විත සතුරු භූමිය මත සිට ක්‍රියාත්මක කිරීමට අවශ්‍යයි. නිසි මොහොතේ ඊට අණ ලැබෙන තෙක් අප බලා සිටිනවා. මේ මෙහෙයුමේ අවසන සාක්ෂාත් කළ යුතු උපාය මාර්ගික අරමුණ  ද එයයි," ඔහු පැවසීය.


(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ  උදයකාන්ත පීරිස්)
8/12/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

New attacks on shipping as Iran war talks hit fresh impasse

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...