BREAKING
Top Ad
විදේශ

කැනඩා - ඇමෙරිකා වෙළඳ අර්බුදය උත්සන්න වෙයි: ඔන්ටාරියෝ විල ‘ඇමෙරිකා විල’ ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

T

The Leader

August 26, 2026 • 12:47 AM

කැනඩා - ඇමෙරිකා වෙළඳ අර්බුදය උත්සන්න වෙයි: ඔන්ටාරියෝ විල ‘ඇමෙරිකා විල’ ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෙළඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ ඇමෙරිකාවෙන් කැනේඩියානු භාණ්ඩ සඳහා 50%ක තීරුබදු
  • එහි නවතම පියවරක් ලෙස, දෙරටේ දේශසීමාවේ පිහිටි ඓතිහාසික ඔන්ටාරියෝ විල (Lake Ontario) ‘ඇමෙරිකා විල’ (Lake America) ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ දැඩි අවධානය යොමුව ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.
  • තමන්ගේ Truth Social සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරියේදී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තය සමඟ වෙළඳ ගනුදෙනු සිදුකිරීමට බලාපොරොත්තු නොවන බැවින් මෙම පියවර කෙරෙහි සලකා බලන බවයි.
  • එමෙන්ම ඔන්ටාරියෝ යන නම කපා ‘Lake America’ ලෙස සටහන් කළ සිතියමක් ද ඔහු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔන්ටාරියෝ ප්‍රාන්ත අගමැතිගෙන් සහ කැනඩා අගමැති කාර්යාලයෙන් දැඩි ප්‍රතිචාර


ඇමෙරිකා එක්සත් ජනපදය සහ කැනඩාව අතර පවතින ද්විපාර්ශ්වික වෙළඳ සාකච්ඡා බිඳවැටීමත් සමඟ දෙරට අතර දේශපාලන හා ආර්ථික නොසන්සුන්තාව දැඩි වී තිබේ. එහි නවතම පියවරක් ලෙස, දෙරටේ දේශසීමාවේ පිහිටි ඓතිහාසික ඔන්ටාරියෝ විල (Lake Ontario) ‘ඇමෙරිකා විල’ (Lake America) ලෙස නම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ දැඩි අවධානය යොමුව ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

තමන්ගේ Truth Social සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහනක් තබමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරියේදී කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තය සමඟ වෙළඳ ගනුදෙනු සිදුකිරීමට බලාපොරොත්තු නොවන බැවින් මෙම පියවර කෙරෙහි සලකා බලන බවයි. එමෙන්ම ඔන්ටාරියෝ යන නම කපා ‘Lake America’ ලෙස සටහන් කළ සිතියමක් ද ඔහු සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.

lake ontario

වෙළඳ යුද්ධය සහ තීරුබදු ගැටුම


දෙරට අතර පසුගිය සතියේ පැවති සාකච්ඡා එකඟතාවයකින් තොරව අවසන් වීමෙන් පසු ඇමෙරිකාව විසින් මෝටර් රථ, මධ්‍යසාර සහ කිරි නිෂ්පාදන ඇතුළු ඩොලර් බිලියන 20ක් පමණ වටිනා කැනේඩියානු භාණ්ඩ රැසක් සඳහා 50%ක තීරුබදු පනවනු ලැබීය.

ඇමෙරිකානු පාර්ශ්වය අවසන් මොහොතේ ඉදිරිපත් කළ කොන්දේසි අසාධාරණ බව කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි ප්‍රකාශ කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු භාණ්ඩ සඳහා ද සමාන බදු පැනවීමට කැනඩාව සූදානම් වන බව වාර්තා වේ. මේ අතර ඔන්ටාරියෝ ප්‍රාන්ත අගමැති ඩග් ෆෝඩ් සඳහන් කර ඇත්තේ ඇමෙරිකාවට ලබාදෙන විදුලිබල අපනයනය සහ අත්‍යවශ්‍ය ඛනිජ සැපයුම සීමා කිරීම ඇතුළු සියලු විකල්ප සලකා බලමින් ආර්ථික යුද්ධයකට මුහුණදීමට තම රට සූදානම් බවයි.

භූගෝලීය නාමකරණය සහ ප්‍රතිචාර

ontario

උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන විල් පහෙන් (Great Lakes) එකක් වන ඔන්ටාරියෝ විල, ශාන්ත ලෝරන්ස් මුහුදු මාර්ගය ඔස්සේ අත්ලාන්තික් සාගරයට සම්බන්ධ වන ප්‍රධාන නාවික මාර්ගයකි. දේශසීමා ප්‍රදේශවල භූගෝලීය නාමකරණය වෙනස් කිරීමට උත්සාහ කිරීම කැනේඩියානු ජනතාවගේ අනන්‍යතාවයට සිදුකරන බලපෑමක් බවත්, එය වෙළඳ යුද වාතාවරණය තවදුරටත් සංකීර්ණ කරනු ඇති බවත් සංස්කෘතික භූගෝල විද්‍යාඥ ඩෙරෙක් ඇල්ඩර්මන් පෙන්වා දෙයි.

ජනාධිපති ට්‍රම්ප් මීට පෙරද ‘Gulf of Mexico’ නාමය ‘Gulf of America’ ලෙස සහ ඩෙනාලි කන්ද (Denali) ‘Mount McKinley’ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබූ අතර, මෙම නවතම යෝජනාව දේශපාලන සහ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇත.

වැඩිදුර තොරතුරු සඳහා:

Newsweek - Trump Says US Considering Renaming Lake Ontario as Lake America

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...