BREAKING
Top Ad
විදේශ

ජෙෆ්රි එප්ස්ටීන් එක්ක හුවමාරු වූ ඊමේල් ගැන හිටපු බැංකු ප්‍රධානියා කතා කරයි

T

The Leader

August 29, 2026 • 12:02 AM

ජෙෆ්රි එප්ස්ටීන් එක්ක හුවමාරු වූ ඊමේල් ගැන හිටපු බැංකු ප්‍රධානියා කතා කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • *ඇමරිකානු කොංග්‍රසය හමුවේ හෙළි වූ ජෙස් ස්ටේලිගේ රහසිගත ප්‍රශ්න කිරීම් සහ ඩිස්නි කුමරියන්ගේ සංකේත භාවිතය.
  • ඩිස්නි කුමරියන්ගේ චරිත හරහා ලිංගික ක්‍රියාකාරකම් සංකේතවත් කළ බවට නැඟෙන චෝදනා ඔහු දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.
  • ස්නෝ වයිට් ට (Snow White) හෙලෝ කියන්න” යනුවෙන් පවසා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් එප්ස්ටීන් කුමන චරිතයක් අත්වැදගන්නේදැයි විමසා ඇත.
  • ඊට පිළිතුරු ලෙස ස්ස්ටේලි “බියුටි ඇන්ඩ් ද බීස්ට්” (Beauty and the Beast) ලෙස සඳහන් කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


*බැංකු ක්ෂේත්‍රයෙන් ඉවතට විසි වූ හිටපු බාක්ලේස් ප්‍රධානියාගේ මතභේදාත්මක අතීත සබඳතා.

හිටපු බාක්ලේස් (Barclays) බැංකු ප්‍රධානී ජෙස් ස්ටේලි (Jes Staley), අභාවප්‍රාප්ත ලිංගික අපරාධකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටීන් (Jeffrey Epstein - 1953–2019) සමඟ හුවමාරු කරගත් මතභේදාත්මක ඊමේල් පණිවිඩ සම්බන්ධයෙන් ඇමරිකානු නීති සම්පාදකයින් හමුවේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ. ඩිස්නි කුමරියන්ගේ චරිත හරහා ලිංගික ක්‍රියාකාරකම් සංකේතවත් කළ බවට නැඟෙන චෝදනා ඔහු දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

‘ස්නෝ වයිට්’ චෝදනාව සහ කොංග්‍රස් පරීක්ෂණ

TELEMMGLPICT000402708507 17322875303360 trans NvBQzQNjv4BqqVzuuqpFlyLIwiB6NTmJwfSVWeZ vEN7c6bHu2jJnT8

පසුගිය මාසයේ ඇමරිකානු කොංග්‍රසය විසින් පවත්වන ලද සංවෘත දොරටු පිටුපස වන සාක්ෂි විමසීමකදී අනාවරණය වූ තොරතුරු අනුව, 2010 වසරේ ජූලි මස 9 සහ 10 යන දිනවල ජෙස් ස්ටේලි සහ ජෙෆ්රි එප්ස්ටීන්න් අතර ඩිස්නි කුමරියන් සම්බන්ධයෙන් සංවාදයක් සිදුවී තිබේ. එප්ස්ටීන් වෙත ඊමේල් පණිවිඩයක් යවමින් ස්ටේලි, “ඒක විනෝදජනකයි. ස්නෝ වයිට් ට (Snow White) හෙලෝ කියන්න” යනුවෙන් පවසා ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් එප්ස්ටීන් කුමන චරිතයක් අත්වැදගන්නේදැයි විමසා ඇත. ඊට පිළිතුරු ලෙස ස්ස්ටේලි “බියුටි ඇන්ඩ් ද බීස්ට්” (Beauty and the Beast) ලෙස සඳහන් කර තිබේ.


කෙසේ වෙතත්, කොංග්‍රස් මන්ත්‍රීවරුන් හමුවේ සාක්ෂි දෙමින් ස්ටේලි කියා සිටියේ ස්නෝ වයිට් ඇඳුමින් සැරසුණු තරුණ කාන්තාවක් සමඟ තමන් කිසිදු අවස්ථාවක ලිංගික සම්බන්ධතාවක් පවත්වා නොමැති බවයි. එවැනි ඇඳුමකින් සැරසුණු තැනැත්තියක් එප්ස්ටීගේ නිවාස සංකීර්ණයේදී අහම්බෙන් දැක තිබිය හැකි වුවද, ඊමේල් පණිවිඩයේ සඳහන් වන ආකාරයේ කිසිදු ක්‍රියාවකට තමන් සම්බන්ධ නැති බව ඔහු අවධාරණය කළේය.

සබැඳි ඉතිහාසය සහ වෘත්තීය ජීවිතයට එල්ල වූ බලපෑම්

 

ftcms 793f9274 8652 4b58 808c 3e8603c31575

ජේ.පී. මෝර්ගන් (JPMorgan Chase) ආයතනයේ පෞද්ගලික බැංකු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ සමයේ, එනම් 2000 වසරේදී ස්ස්ටේලි සහ එප්ස්ටීන් අතර මෙම හිතවත්කම ආරම්භ වී තිබේ. පසුව 2015 වසරේදී එක්සත් රාජධානියේ දැවැන්තම බැංකුවක් වන බාක්ලේස් හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වැඩ භාරගත් ස්ටේලි හට, එප්ස්ටීන් සමඟ පැවති සමීප සබඳතා හේතුවෙන් 2021 වසරේදී එම තනතුරෙන් ඉවත් වීමට සිදුවිය.


මෙම සබඳතා සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය නියාමන ආයතන විසින් සිදුකළ විමර්ශනවලදී සත්‍ය වසන් කිරීමට උත්සාහ කිරීම නිසා ඔහුට බ්‍රිතාන්‍ය මූල්‍ය අංශයේ රැකියා කිරීම ජීවිත කාලයටම තහනම් කෙරිණි. එම තහනම අභියෝගයට ලක් කරමින් ඔහු පසුගිය වසරේදී අධිකරණමය සටනක නිරත වුවද, එයින් ද ජයග්‍රහණය කිරීමට ඔහුට නොහැකි විය. ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්ව ඇති මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියටත් පරීක්ෂාවට ලක් වෙමින් පවතී.


වැඩිදුර කියවීම සඳහා මූලාශ්‍රය:

The Guardian - Ex-Barclays boss denies having sex with woman dressed as Snow White after Epstein emails
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...