BREAKING
Top Ad
විදේශ

ඉරාන ඛාර්ග් දිවයින සුන්නධූලි කරන බවට ජනපති ට්‍රම්ප්ගෙන් කෘත්‍රිම බුද්ධි වීඩියෝවක්

T

The Leader

August 31, 2026 • 4:58 AM

ඉරාන ඛාර්ග් දිවයින සුන්නධූලි කරන බවට ජනපති ට්‍රම්ප්ගෙන් කෘත්‍රිම බුද්ධි වීඩියෝවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරාන තෙල් අපනයනයෙන් 90%ක් හැසුරුණු බලශක්ති කේන්ද්‍රයට එල්ල වූ තර්ජනයත් සමඟ කලාපීය යුද උණුසුම හා ආර්ථික සම්බාධක තවත් දැඩි වෙයි.
  • ඉරානයේ බලශක්ති කේන්ද්‍රස්ථානය වන ඛාර්ග් දිවයින සුන්නධූලි කරන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (30) තර්ජනය කළේය.
  • කෙසේ වෙතත්, මේතාක් ඉරාන බලශක්ති කේන්ද්‍රය ඉලක්ක කොට නව එක්සත් ජනපද ප්‍රහාර එල්ල වූ බවට වාර්තා නොවේ.
  • ධවල මන්දිරය හෝ  එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ද මෙතෙක් ඒ පිලිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


ඛාර්ග් දිවයින ඉලක්ක කර AI වීඩියෝවක් නිකුත් වෙද්දී, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය සහ බැංකු පද්ධතිය ඉලක්ක කළ දැඩි එක්සත් ජනපද සම්බාධක කරළියට.



ඉරානයේ බලශක්ති කේන්ද්‍රස්ථානය වන ඛාර්ග් දිවයින සුන්නධූලි කරන බවට එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (30) තර්ජනය කළේය. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද ඒක වාචික වීඩියෝවකින් ඔහු එම තර්ජනය සිදු කළේය. බිහිසුණු  පිපිරීම් දර්ශන කෘත්‍රිමව නිර්මාණය කරන ලද  එම වීඩියෝවේ දැක්වේ.

කෙසේ වෙතත්, මේතාක් ඉරාන බලශක්ති කේන්ද්‍රය ඉලක්ක කොට නව එක්සත් ජනපද ප්‍රහාර එල්ල වූ බවට වාර්තා නොවේ. ධවල මන්දිරය හෝ  එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ද මෙතෙක් ඒ පිලිබඳ නිල ප්‍රකාශයක් නිකුත් කර නැත.

පෙබරවාරි 28 ඊශ්‍රායලය හා එක්සත් ජනපදය එක්ව ඇරඹි යුද්ධයට පෙර, ඉරාන තෙල් නිෂ්පාදනයෙන් 90%ක් පමණ අපනයනය කෙරුනේ ඛාර්ග් දිවයිනේ සිට ය. යම් හෙයකින් එක්සත් ජනපද හමුදා එම දිවයින විනාශ කළහොත්, ඉරාන බලශක්ති වෙළඳාම සහ එරට ආර්ථිකය අති මහත් පීඩනකාරී අර්බුදයකට ගොදුරු වන්නේය.

ලරාක් දූපතට ප්‍රහාර සහ ඉරානයේ ප්‍රතිචාර

larak
මේ  අතර, එරට ලරාක් දිවයිනේ රොකට් ලෝන්චර ඉලක්ක කර එල්ල කරන ලද නවතම එක්සත් ජනපද ප්‍රහාරයකට ඉරාන හමුදා ප්‍රති ප්‍රහාර දැක්වූහ. ඛාර්ග් දිවයිනේ සිට කි.මී 660ක් දුරින් ලරාක් පිහිටා ඇත. ඒ අනුව, ඉරාන විප්ලවීය හමුදා විසින් ජෝර්දානයේ ස්ථාපිත එක්සත් ජනපද හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

බැංකු පද්ධතිය ඉලක්ක කර නව සම්බාධක මාලාවක්

ඉකුත් සති කිහිපයේ ඉරානය වෙත එක්සත් ජනපද සන්නද්ධ ප්‍රහාර නතරව තිබුණ ද, ජනපති ට්‍රම්ප් දිගින් දිගටම, ටෙහෙරානය පෙළමින් දැඩි ආර්ථික සම්බාධක පැනවීය. සති පතා ටෙහ්රානය වෙත නව  ද්විතියික සම්බාධක මාලාවක් ආරම්භ කරන බව, ඊයේ එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් රොයිටර්ස් පුවත් සේවය හමුවේ පැවසීය. මූල්‍ය බැංකු පද්ධතිය එහි මූලික ඉලක්කය වේ.

"බැංකු පද්ධතිය හා එක්ව අප මේ සම්බාධක පියවර ආරම්භ කරනවා. ඒ අනුව, බැංකු පද්ධතිය සතුව ඉරාන මූල්‍ය නොපැවතිය  යුතුයි. එමෙන්ම, කිසිදු බැංකුවක් එම රෙජිමයට ආධාර ද නොදිය  යුතුයි," ඔහු කියා සිටියේය.

ඒ අනුව, ඉරානය සමග මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් චෝදනා මත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ප්‍රධාන පෙළ ඊජිප්තු බැංකු ශාඛාවක් වන මිස්ර් බැංකුව වෙත සිකුරාදා (28) දඩ මුදල් පැනවිණි. ඩොලර් මූල්‍ය පහසුකම් සම්පාදනය කෙරෙන මූල්‍යායතනයක් මුළුමනින් විසන්ධි කිරීම මීළඟ පියවර බව බෙසෙන්ට් කීය.

"ඉදිරි සෑම සතියකම, මේ වගේ තව ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්," මූල්‍ය ප්‍රධානීන් 20 දෙනකු හමුවීමට ප්‍රථම ඔහු එසේ පැවසීය.

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම සහ නාවුක ගමනාගමනය


ඉකුත් සති අන්තයේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය තරණය කළ ප්‍රවාහන නෞකා සංඛ්‍යාව පහ තෙක් පහළ වැටිණි. රහසිගතව එය තරණය කිරීමට සිදුවීමෙන්, ඇතැම් නෞකා සිය ස්වයංක්‍රීය හැඳිනීම් පද්ධතිය අක්‍රීය කර තිබීම හේතුවෙන්, එම සංඛ්‍යාව ඊට වැඩි  විය හැකි බව ද රොයිටර්ස් සඳහන් කරයි. එම සමුද්‍ර සන්ධියේ ජාත්‍යන්තර ජල කලාපයේ ඉරානය විසින් අටවා තිබූ සියලු පුපුරන ද්‍රව්‍ය එක්සත් ජනපද හමුදා විසින් විනාශ කර හෝ ඉවත් කර ඇති බව, ජනපති ට්‍රම්ප් පසු ගිය සතියේ පැවසීය. යම් හෙයකින් ඉරානය එහි නව පුපුරන ද්‍රව්‍ය ස්ථාපිත කිරීමට උත්සාහ කළහොත් ඊට දායක වන සියලු නෞකා විනාශ කෙරෙන බවට ද ඉරානය වෙත අනතුරු අඟවා තිබේ.

මේ අතර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය කිසිදු බාධාවකින් තොරව විවෘතව  පවතින බවට ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශය 'නිසැක මුසාවක්' බව, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකා නාවුක හමුදාව පැවසීය. ඉරාන  අවසර නොපතන සියලු නෞකාවන්ට එම සමුද්‍ර ප්‍රවේශය තහනම් කලාපයක් බව එම හමුදාව කීය.

ඔපෙක් සංවිධානයේ තෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා ඉරානය වේ.

(සටහන: Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
8/31/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය

Trump says Iran's Kharg is being 'blown to smithereens', but gives no details

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...