BREAKING
Top Ad
විදේශ

මෙක්සිකෝව පාතාල බෝම්බ භීෂණයෙන් ගිනි ගනී: ප්‍රහාර රැල්ලක් හමුවේ රජය නිහඬයි

T

The Leader

September 1, 2026 • 12:52 AM

මෙක්සිකෝව පාතාල බෝම්බ භීෂණයෙන් ගිනි ගනී: ප්‍රහාර රැල්ලක් හමුවේ රජය නිහඬයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සකටෙකාස්හි කාර් බෝම්බ පිපිරීමෙන් 11කට තුවාල; ඩ්‍රෝන හා බිම්බෝම්බ යොදාගනිමින් පාතාලය මෙහෙයුම් නව්‍යකරණය කරයි.
  • පසු ගිය තෙවසර තුළ මෙහි සීග්‍ර උත්සන්න වීමක් දක්නට ලැබෙන බව යි එරට බලධාරීන් පවසන්නේ.
  • පොලිස් මූලස්ථානය අසල මාරක කාර් බෝම්බය එම අපරාධ රැල්ලේ නවතම සිදුවීම ඉරිදා (30) වාර්තා විය.
  • ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු 11 දෙනකුට තුවාල සිදු විය.
අකුරු ප්‍රමාණය (Font Size):


අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පලිගැනීමක් ලෙස එල්ල වූ ප්‍රහාරයත් සමඟ මෙක්සිකෝවේ සංවිධානාත්මක අපරාධ උග්‍ර අතට.


මෙක්සිකෝව පුරා පාතාල බෝම්බ පිපිරීම් රැල්ලක් වර්ධනය වී තිබේ. අපරාධ කණ්ඩායම් අතර භීෂණකාරී  ක්‍රියා ඉහළ යාම ඊට හේතුවයි. පසු ගිය තෙවසර තුළ මෙහි සීග්‍ර උත්සන්න වීමක් දක්නට ලැබෙන බව යි එරට බලධාරීන් පවසන්නේ.

පොලිස් මූලස්ථානය අසල මාරක කාර් බෝම්බය

එම අපරාධ රැල්ලේ නවතම සිදුවීම ඉරිදා (30) වාර්තා විය. ඒ, මධ්‍යම  ප්‍රාන්තය වන සකටෙකාස් (Zacatecas) හි සිදු වූ සැක කටයුතු කාර් බෝම්බ පිපිරීමක්. ඉන් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු 11 දෙනකුට තුවාල සිදු විය. අසල පිහිටි ගොඩනැගිලි 40කට අධික සංඛ්‍යාවකට ද මෙම පිපිරීමෙන් දැඩි අලාභහානි සිදු විය.

මෙසේ පිපිරීමට ලක්වුණේ  මධ්‍යම සකටෙකාස් ප්‍රාන්තයේ ඔහොකලයන්තේ (Ojocaliente) පොලිස් මූලස්ථානය අසල නවතා තිබූ අතහැර දමන ලද කාර් රථයක්.  

mexi 1
පිපිරීමත් සමග හටගත් ඉහළට ඇදෙන ගිනි තීරු අතරින් කුඩා ළමුන් ඇතුළු අවට සිටි පුද්ගලයින් දිවි බේරා ගැනීමට පලා යන අයුරු ඒ පිලිබඳ පළ කළ සමාජ මාධ්‍ය වීඩියෝ දර්ශන වල දක්නට ලැබුණි.

ඉකුත් සෙනසුරාදා (29), අපරාධ කල්ලියක සාමාජිකයකු පොලිස් අත්අඩංගුවට ගැනීමට පලිගැනීමක් වශයෙන් එම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණයව තිබේ.

ඩ්‍රෝන සහ බිම්බෝම්බ සමඟ පාතාලය නව මාවතක

එම නවතම සිද්ධියට පෙර ද  අනුශාංගික ප්‍රහාර කිහිපයක්ම වාර්තා වේ. පුපුරන ද්‍රව්‍ය අඩංගු ක්ෂුද්‍ර - ඩ්‍රෝන ප්‍රහාර ද ඒ අතර වේ. බිම්බෝම්බ පවා ඒ අතර පැවති  බවත් වාර්තා වේ. මෙක්සිකෝ අපරාධ කල්ලි සිය මෙහෙයුම් නව්‍යකරණයට ලක් කර ඇති බව මෙම නව ප්‍රහාරවලින් මොනවට පැහැදිලි වන බව, එම ප්‍රාන්ත ආණ්ඩුකාර ඩේවිඩ් මොන්රියෙල් ඊයේ (31) පැවති  මාධ්‍ය සාකච්ඡාවකදී දන්වා සිටියේ ය. පසු ගිය වසර කිහිපය තිස්සේම එම ප්‍රාන්තයේ එවැනි අපරාධවල වර්ධනයක් දක්නට ලැබෙන බව එහි ආරක්ෂක ප්‍රධානී ආර්ටුරෝ මෙඩීනා ද පවසයි.

2024 වසරේ එහි වාර්තා වුණේ  එවැනි එක් සිදුවීමක් පමණයි. එහෙත් 2025 වසර අවසන් වන විට එවැනි සිද්ධි හයක් වාර්තා විය.  මෙම වසරේ මෙතෙක් වාර්තාවන සමාන භීෂණ සිද්ධි සංඛ්‍යාව 10ක්.

වසරින් වසර ඉහළ යන භීෂණය සහ බලධාරීන්ගේ නිහඬතාව

 

mexi 2
"සංවිධානාත්මක අපරාධ රැල්ල වර්ධනයක පවතිනවා. මෙම සන්දර්භය වටහා කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනතාව තේරුම් නොගන්නේ මන්දැයි මට තේරෙන්නෙ නෑ," මොන්රියෙල් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ ය.

මේ වන විට භීෂණයෙන් වෙලී ඇති මීචෝවාකාන් (Michoacan) ඇතුළු අනෙකුත් මෙක්සිකානු ප්‍රාන්තයන්හි අපරාධ කල්ලි විසින් ආරක්ෂක යටිතල පහසුකම්, එම ප්‍රජා කලාප මෙන්ම නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම පිණිස පුපුරන ද්‍රව්‍ය යොදා ගැනීම සුලබ කරුණක්.   එම සිදුවීම් හේතුවෙන් හමුදා නිලධාරීන් ද  ජීවිතක්ෂයට පත් ව සිටියි.  එහෙත්, රජය මේ පිලිබඳ තව දුරටත් මුනිවත රැකීම ගැටළුවක්. මොන්රියෙල්    විසින් සිදු  කරන, යට සඳහන් අවසන් ප්‍රකාශය බරපතල සහ ගැඹුරින් කියවා ගත යුත්තේ ඒ  නිසයි.  

(සටහන: Reuters  ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
9/1/2026
(harshaprs@yahoo.com)

මුලාශ්‍රය :

Reuters |Bomb attacks by Mexican gangs on the rise, officials say

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...