The Leader News
BREAKING
Top Ad
විදේශ

නවි පිල්ලෙට පිල්ලියක්!

Nethmini

Nethmini

October 10, 2026 • 3:34 PM

නවි පිල්ලෙට පිල්ලියක්!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එසේම එම සම්බාධක ප්‍රකාශයට පත් වූයේ නවනීදන් පිල්ලේට නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවය.
  • එහෙත් ICC ආයතනයටම එරෙහිව සම්බාධක පැනවීමේ සැලැස්ම ඒ වන විටත් සකස් කර තිබූ බවට හේග් නුවර රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළ බව EFE පුවත් සේවය වාර්තා කරයි.
  • කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු පරිපාලනය විසින් ගනු ලැබූ මෙම පියවරත් සමග ඇමරිකානු සමාගම් විසින් අන්තර්ජාතික අපරාධ අධිකරණය වෙත පිරිනමන මූල්‍ය ගනුදෙනු සහ සේවාවන් සීමා වන අතර ඒ හේතුවෙන් අධිකරණයේ බැංකු රක්ෂණ සහ තාක්ෂණික කටයුතු අඩාල වීමට ඉඩ ඇත.
  • UN සහ ICC ගැටුම : එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රෑබියෝ මෙම සම්බාධක ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔක්තෝබර් 9 වැනිදාය.
අකුරු ප්‍රමාණය (Font Size):

එසේම එම සම්බාධක ප්‍රකාශයට පත් වූයේ නවනීදන් පිල්ලේට නොබෙල් සාම ත්‍යාගය හිමි වූ බව නිවේදනය කිරීමෙන් පැය කිහිපයකට පසුවය. එහෙත් ICC ආයතනයටම එරෙහිව සම්බාධක පැනවීමේ සැලැස්ම ඒ වන විටත් සකස් කර තිබූ බවට හේග් නුවර රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කළ බව EFE පුවත් සේවය වාර්තා කරයි.

කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමරිකානු පරිපාලනය විසින් ගනු ලැබූ මෙම පියවරත් සමග ඇමරිකානු සමාගම් විසින් අන්තර්ජාතික අපරාධ අධිකරණය වෙත පිරිනමන මූල්‍ය ගනුදෙනු සහ සේවාවන්  සීමා වන අතර  ඒ හේතුවෙන් අධිකරණයේ බැංකු රක්ෂණ සහ තාක්ෂණික කටයුතු අඩාල වීමට ඉඩ ඇත.

UN සහ ICC ගැටුම :

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රෑබියෝ මෙම සම්බාධක ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔක්තෝබර් 9 වැනිදාය. සමස්ත අධිකරණයටම එරෙහිව මෙලෙස සම්බාධක පනවා ඇත.

නවි පිල්ලගේ මුවාවෙන් මෙම සම්බාධක ගෙන ආවද ඇමෙරිකාවට මෙන්ම ඊශ්‍රායලයට එරෙහි අන්තර්ජාතික අපරාධ අධිකරණය ගෙන එන චෝදනා මෙයට ප්‍රධාන හේතුව බව විචාරකයන්ගේ අදහසය.

එක්සත් ජනපද හමුදා නිලධාරීන් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඊශ්‍රායල නිලධාරීන්ට එරෙහිව නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු මෙයට ප්‍රධාන හේතුව වේ.


ඇමෙරිකානු ප්‍රතිචාරවලට ප්‍රතිඋත්තර සපයන අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නියෝජ්‍ය අභියෝගාත්මක නීතිඥ නසාන් ෂම්මි ප්‍රකාශ කරනුයේ,

නසාන් ෂම්මි

"මෙම සම්බාධක අධිකරණයේ විමර්ශන සහ නඩු පැවරීමේ කටයුතු නතර කිරීමට හේතු නොවන බවය."


කෙසේ වෙතත් "ඇමෙරිකානු පුරවැසියන්ට එරෙහිව නඩු පැවරීමට අන්තර්ජාතික අපරාධ අධිකරණයට ඉඩ නොදෙන බව" මාකෝ රූබියෝද පවසයි.

දේශපාලන හා නීතිමය වැදගත්කම

නොවීජියානු නොබිල් කමිටුව විසින් පිල්ලේගේ සාමය සහ අන්තර්ජාතික නීතිය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහය ඇගයීමට ලක්කර යුධ අපරාධ සහ ජන සංහාරයන් සිදුකළ පුද්ගලයන් වගකීමට බැඳ තැබීම සඳහා ඇය දැක්වූ දායකත්වය වෙනුවෙන් මෙම සාම ත්‍යාගය පිරි නැමුවාය.

මෙය පුද්ගලයකුට ත්‍යාගයක් හිමිවීම පිළිබඳ පුවතක් පමණක් නොවේ. එය ජාත්‍යන්තර අධිකරණයක ස්වාධීනත්වය, බලවත් රාජ්‍යයක ස්වෛරීත්වය පිළිබඳ අදහස සහ බරපතළ ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් වගවීම යන කරුණු අතර පවතින ගැටුමක් ද නිරූපණය කරයි.

ඇමරිකානු පරිපාලනයේ තර්කය: 

ඇමරිකානු පුරවැසියන් සහ එහි හිතවාදී රාජ්‍යවල නායකයන් සම්බන්ධයෙන් ICC ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විරෝධය.

ICC හි තර්කය: 
අධිකරණයේ ස්වාධීනත්වයට බාධා කිරීම ජාත්‍යන්තර නීතියේ ආධිපත්‍යයට සහ අපරාධවලට ගොදුරු වූවන්ට යුක්තිය ලබාගැනීමේ අවස්ථාවට තර්ජනයක් වීම.

ජාත්‍යන්තර ප්‍රතිවිපාකය: 
අධිකරණයට අවශ්‍ය බැංකු සේවා, තාක්ෂණය සහ වෙනත් සේවා සීමා වීමෙන් එහි මෙහෙයුම්වලට බාධා ඇති විය හැකි වීම.

ඇමරිකාව මෙසේ හදිසි සම්බාධක පැනවීම තුළින් නවි පිල්ලේ ඇමරිකාවට හිසරදයක්ච පැවති බවත් ඊට වඩා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) ඇමරිකාවට තදබල හිසරදයක් වූ බව මෙයින් පැහැදිලිය.

ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගලාභියා 'නින්දිත' ලෙස හඳුන්වයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා "නින්දිත" නොබෙල් සාම ත්‍යාගලාභියා නෝර්වේ මත "මැකෙන පැල්ලමක්" ඉතිරි කරමින් විවේචනය කළ අතර, එම සම්මානය ඔහුට හිමිවිය යුතු බව තර්ක කළේය.

දකුණු අප්‍රිකානු විනිසුරු සහ මානව හිමිකම් ශූර නවී පිල්ලේ යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට එරෙහිව කළ සේවය අගයමින් සිකුරාදා ගෞරවනීය ත්‍යාගය දිනා ගත්තේය.

නමුත් ට්‍රම්ප් නෝර්වීජියානු නොබෙල් කමිටුවේ තේරීම "නින්දිත හා ලැජ්ජා සහගත තීරණයක්" ලෙස ලේබල් කරමින් නිව්යෝර්ක්හි සිරකූස් හි ඔහුගේ ආධාරකරුවන්ගේ රැලියකට පවසමින් පිල්ලේ ගැන "කවදාවත් අසා නැත".

"මම මේ විශේෂිත පුද්ගලයා ගැන කවදාවත් අසා නැහැ, නමුත් කෙසේ වෙතත් සුබ පැතුම්," ඔහු පැවසීය.

"ඔබේ ජනාධිපතිවරයා ලෙස මා නියෝජනය කරන ඇමරිකා එක්සත් ජනපදයට නොබෙල් සාම ත්‍යාගය ලැබිය යුතුව තිබුණි, නමුත් නොලැබුණි."

පිල්ලේ සම්මානලාභියා ලෙස තෝරා ගැනීම "නෝර්වේ රටට නොමැකෙන පැල්ලමක්" ඉතිරි කළ බව ඔහු පැවසීය.
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#Navi Pillay#Nobel
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...