AI ආයෝජන පිරිවැය හමුවේ මයික්රොසොෆ්ට් මූල්ය තුලනයක
ලොව දැවැන්තම මෘදුකාංග නිෂ්පාදකයා වන මයික්රොසොෆ්ට් සමාගම සිය සේවකයින් 60,000කට ආසන්න පිරිසකට ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වීමේ (Voluntary Exit Offer) වන්දි දීමනාවක් ඉදිරිපත් කර ඇත.
ඇමෙරිකාව, කැනඩාව, බ්රිතාන්යය සහ ඉන්දියාව යන රටවල සේවයේ නියුතු, උප සභාපති (Vice President) මට්ටම දක්වා වන නිලධාරීන්ට මෙම අවස්ථාව හිමිවන බව අභ්යන්තර ආරංචිමාර්ග තහවුරු කරයි.
OpenAI සහ Anthropic සමාගම් වෙත ක්ලවුඩ් යටිතල පහසුකම් සපයන මයික්රොසොෆ්ට්, AI දත්ත මධ්යස්ථාන ගොඩනැගීම සඳහා සැප්තැම්බර් කාර්තුව තුළ පමණක් වැයකර ඇති ප්රාග්ධනය ඩොලර් බිලියන 50 ඉක්මවයි. පසුගිය වසරේ සමාන කාර්තුවේදී මෙම වියදම සටහන් වූයේ ඩොලර් බිලියන 34.9ක් වශයෙනි.
සේවක බලඇණිය ප්රතිව්යුහගත කිරීමේ අභ්යන්තර සැලසුම

සමාගමේ ප්රධාන මානව සම්පත් නිලධාරිනී ඒමි කෝල්මන් (Amy Coleman) සේවක මණ්ඩලය වෙත දැනුම්දී ඇත්තේ, නව ව්යාපාරික අවශ්යතාවලට ගැළපෙන පරිදි සේවක සහාය කළමනාකරණය කරගැනීමට මෙම වැඩසටහන හඳුන්වා දෙන බවයි.
අලෙවිකරණ, විකුණුම් සහ ඇතැම් මෘදුකාංග ඉංජිනේරු කණ්ඩායම් හැර අනෙකුත් සියලු ප්රධාන දෙපාර්තමේන්තුවලට මෙම යෝජනාවලිය අදාළ කෙරේ.
අදාළ වන්දි දීමනාව භාරගන්නේද යන්න සේවකයින් ලබන දෙසැම්බර් මුල් සතිය තුළ තීරණය කළ යුතු අතර, එකඟ වන පාර්ශ්ව දෙසැම්බර් 31 වැනිදා නිල වශයෙන් සේවයෙන් සමුගැනීමට නියමිතය.
මීට පෙර අප්රේල් මාසයේදී ජ්යෙෂ්ඨ අධ්යක්ෂ මට්ටමට පමණක් ක්රියාත්මක කළ විශ්රාම පැකේජය මෙන් නොව, මෙය සාමාන්ය වන්දි දීමනාවක් සහිත ඉවත්වීමක් බව ආයතනික ප්රකාශකයෝ අවධාරණය කරති. පසුගිය ජූලි මාසයේදීද සේවකයින් 4,800ක් ඉවත් කිරීමට සමාගම පියවර ගෙන තිබිණි.
මුදල් ප්රවාහය සහ ආර්ථික විද්යාඥයින්ගේ කියවීම

දෙවන කාර්තුව තුළ Alphabet සහ Amazon වැනි ප්රතිවාදී ආයතන සෘණ නිදහස් මුදල් ප්රවාහයක් (Negative free cash flow) වාර්තා කරද්දී, මයික්රොසොෆ්ට් ඩොලර් බිලියන 19.64ක අතිරික්තයක් පෙන්වූවද එය වාර්ෂික පදනමින් සියයට 23ක පහත වැටීමකි. ලබන බදාදා සමාගමේ තෙවන කාර්තු මූල්ය වාර්තාව නිකුත් වීමට පෙර මෙම තීරණය කරළියට පැමිණ ඇත.
සියැටල් විශ්වවිද්යාලයේ ආර්ථික විද්යා මහාචාර්ය ආචාර්ය ජෝසෆ් පිලිප්ස් පෙන්වා දෙන්නේ, යෝජනාවලියට ලක්වූවන්ගෙන් සියයට 25ක් ඉවත්ව ගියද සමස්ත සේවක සංඛ්යාව 2021 මට්ටමට වඩා ඉහළින් පවතින බවයි.
සමාගම එක් පසෙකින් සාම්ප්රදායික ශ්රම බලකාය පාලනය කරමින්, අනෙක් පසින් AI විශේෂඥයින් බඳවා ගන්නා බවත්, මෙය මූල්ය කඩාවැටීමක් නොව ආයතනික ප්රතිසංවිධානයක් බවත් විශ්ලේෂකයෝ සඳහන් කරති.
මීට පෙර ක්රියාත්මක කළ සීමිත විශ්රාම වැඩසටහනට සියයට 30ක ඉහළ ප්රතිචාරයක් ලැබුණද, මෙම නව යෝජනාවලිය හරහා ඉවත්ව යනු ඇත්තේ සේවකයින්ගෙන් සියයට 5ක් හෝ 6ක් වැනි සුළු ප්රතිශතයක් පමණක් බව අභ්යන්තර ආරංචිමාර්ගවල ගණන් බැලීමයි.
විශ්වාසනීය මූලාශ්ර සබැඳි:



