The Leader News
BREAKING
කාන්තා හදවත රැකගන්න අලුත් වෛද්‍ය මාවතක්●ක්‍රිෂ් නඩුවෙන් ඇප ලැබුණත් නාමල් තවමත් කූඩුවේ●යුක්‍රේන සටන් විරාමය බිඳවැටෙයි: සාම බලාපොරොත්තු අභියෝගයක●සර්බියානු ශිෂ්‍ය විප්ලවය: දේශපාලනඥයන් නැති අලුත් දේශපාලනය●බදු ගෙවන්නන් සූදානම් වුවත් RAMIS පද්ධතිය තවමත් අඩපණයි●ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි●සජිත්ගෙන් තිරසර වනඅලි සංරක්ෂණ වැඩපිළිවෙළකට මුල පිරේද?●අර්නබ් සුළි කුණාටුවෙන් ඔඩිෂා ගොවිබිම් අක්කර තුන්දහසක් යටවෙයි●ෆ්ලොරිඩා ගුවන් අනතුර: ලියර්ජෙට් යානය කඩා වැටුණේ ගුවනේදී කැඩී යාමෙන්ද?●වතු ඉඩම් බදු දීමෙන් මලයහ ජනතාවට උන්හිටි තැන් අහිමිවීමේ බියක්●
Top Ad
විදේශ

යුක්‍රේන සටන් විරාමය බිඳවැටෙයි: සාම බලාපොරොත්තු අභියෝගයක

Awara

Awara

November 3, 2026 • 2:18 PM

යුක්‍රේන සටන් විරාමය බිඳවැටෙයි: සාම බලාපොරොත්තු අභියෝගයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රහාරය එල්ල වී ඇත්තේ ප්‍රදේශවාසීන්ට මානුෂීය සහනාධාර බෙදාහරිමින් තිබූ පාසල් ගොඩනැගිල්ලකටය.
  • සහන සේවකයින් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ද මියගිය පිරිස අතර වන බව වැඩබලන ප්‍රාදේශීය ආණ්ඩුකාර මයිකයිලෝ සෙමිකින් (Mykhailo Semikin) ප්‍රකාශ කළේය.
  • මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දෛනික වීඩියෝ පණිවිඩය මඟින් අදහස් දැක්වූ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ, පළමු බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනතාව ආරක්ෂිත නවාතැන්පොළ කරා යොමුවෙද්දී දෙවන ගුවන් ප්‍රහාරයත් එම නවාතැන්පොළ ඉලක්ක කර එල්ල කර ඇති බවයි.
  • වසර පහක් පුරා ඇදී යන යුද ගැටුම් ඉතිහාසයේ වාර්තා වූ දීර්ඝතම සටන් නැවැත්වීම ලෙස සැලකෙන මෙම ක්‍රියාවලිය සිදුවූයේ ඇමරිකානු ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ගේ (Melania Trump) විශේෂ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මතය.
අකුරු ප්‍රමාණය (Font Size):

ආධාර බෙදූ පාසල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරය

දකුණුදිග යුක්‍රේනයේ ක්‍රියාත්මක වූ කෙටි සටන් විරාමය අවසන් වී පැය කිහිපයක් ගතවෙත්ම, සපොරීෂියා (Zaporizhzhia) කලාපයේ ගම්මානයකට එල්ල වූ ගුවන් බෝම්බ ප්‍රහාර මාලාවකින් අවම වශයෙන් සිවිල් වැසියන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ප්‍රාදේශීය බලධාරීහු තහවුරු කරති.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ ප්‍රදේශවාසීන්ට මානුෂීය සහනාධාර බෙදාහරිමින් තිබූ පාසල් ගොඩනැගිල්ලකටය. සහන සේවකයින් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු ද මියගිය පිරිස අතර වන බව වැඩබලන ප්‍රාදේශීය ආණ්ඩුකාර මයිකයිලෝ සෙමිකින් (Mykhailo Semikin) ප්‍රකාශ කළේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිය දෛනික වීඩියෝ පණිවිඩය මඟින් අදහස් දැක්වූ යුක්‍රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ, පළමු බෝම්බ ප්‍රහාරයෙන් පසු ජනතාව ආරක්ෂිත නවාතැන්පොළ කරා යොමුවෙද්දී දෙවන ගුවන් ප්‍රහාරයත් එම නවාතැන්පොළ ඉලක්ක කර එල්ල කර ඇති බවයි. ගලවාගැනීමේ කණ්ඩායම් සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබේ.


මෙලානියා ට්‍රම්ප් මැදිහත් වූ ඔලෙෂ්කි සටන් විරාමය

මෙම විනාශකාරී ප්‍රහාරය වාර්තා වන්නේ රුසියානු පාලනය යටතේ පවතින ඔලෙෂ්කි (Oleshky) නගරයෙන් සිවිල් වැසියන් මුදාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වූ දින කිහිපයක සටන් විරාමය අවසන් වීමත් සමඟය.

වසර පහක් පුරා ඇදී යන යුද ගැටුම් ඉතිහාසයේ වාර්තා වූ දීර්ඝතම සටන් නැවැත්වීම ලෙස සැලකෙන මෙම ක්‍රියාවලිය සිදුවූයේ ඇමරිකානු ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප්ගේ (Melania Trump) විශේෂ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම මතය. දෙරටේ මානව හිමිකම් කොමසාරිස්වරුන් එක්ව මෙහෙයවූ මෙම මෙහෙයුමෙන් සිවිල් වැසියන් යුක්‍රේන පාලන ප්‍රදේශ මෙන්ම රුසියාව ඈඳාගත් ක්‍රිමියාව වෙත ද ඉවත් කර ගැනිණි.

සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට යුක්‍රේනය කළ ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කර තිබේ. එම විරාමය අතරතුර රුසියාව සිය යුද පෙරමුණු බලමුලු ගැන්වූ බවට යුක්‍රේන හමුදාව චෝදනා කරන අතර, ක්‍රෙම්ලින් ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් (Dmitry Peskov) පෙන්වා දෙන්නේ එය මෙවැනි තත්ත්වයකදී සිදුවන "සාමාන්‍ය යුදමය ක්‍රියාපටිපාටියක්" පමණක් බවයි.


අනතුරු ඇඟවීමේ පද්ධතිවලට සයිබර් ප්‍රහාර


ගොඩබිම් ප්‍රහාරවලට සමගාමීව දෙරටේම හදිසි අනතුරු ඇඟවීමේ ඩිජිටල් පද්ධති ඉලක්ක කරගනිමින් සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් ද දියත් වී තිබේ.
මිලියන සංඛ්‍යාත යුක්‍රේන ජනතාවගේ ජංගම දුරකථන වෙත විකිරණ අනතුරක් පිළිබඳ ව්‍යාජ පණිවිඩ නිකුත් කර ඇති අතර, ගුවන් අනතුරු ඇඟවීමේ ජාලය කඩාකප්පල් කිරීම එහි අරමුණ වූ බව ආරක්ෂක නිරීක්ෂකයෝ පවසති.

සමාන්තරව රුසියානු හදිසි සේවා අමාත්‍යාංශයේ අනතුරු ඇඟවීමේ යෙදුමට ද සයිබර් බාධා එල්ල වී ඇති බව මොස්කව් පාලනය තහවුරු කළේය.

අබුඩාබි සාකච්ඡා හමුවේ රාජ්‍යතාන්ත්‍රික ගැටලු

අලුතින් මතුවූ යුදමය උණුසුම මධ්‍යයේ වුවද, දෙරට අතර සාම සාකච්ඡා නොවැම්බර් 10 සහ 11 යන දිනවල අබුඩාබි නුවරදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව එක්සත් ජනපද විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) තහවුරු කරයි.

යුද්ධය නිමා කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය දැඩි උත්සාහයක නිරත වුවද, ඇමරිකානු නව ක්‍රියාපිළිවෙත රුසියානු පාර්ශ්වයට වඩාත් වාසිදායක ලෙස නැඹුරු වෙතැයි යුක්‍රේනය සහ එහි යුරෝපීය මිත්‍ර පාර්ශ්ව තුළ දැඩි සැකයක් මතුව තිබේ. සහනාධාර මධ්‍යස්ථානයට එල්ල වූ මෙම ප්‍රහාරයත් සමඟ, අබුඩාබි සාකච්ඡා මේසයට යාමට පෙර සාම වැඩපිළිවෙළක් කෙරෙහි තිබූ අවම එකඟතාව පවා බිඳවැටී ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



මූලාශ්‍ර සබැඳිය :
France 24 සවිස්තරාත්මක වාර්තාව

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

#theleader.lk#theleadernews
The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...