BREAKING
වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●
Top Ad
ක්‍රීඩා

කැන්සස් නගරයේ සමූහ වෙඩිතැබීමෙන් පසුව 2026 ලෝක කුසලානයේ ආරක්ෂාව දැඩි අවධානයට

T

The Leader Desk

February 21, 2024 • 4:17 PM

කැන්සස් නගරයේ සමූහ වෙඩිතැබීමෙන් පසුව 2026 ලෝක කුසලානයේ ආරක්ෂාව දැඩි අවධානයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අමෙරිකාවේ මිසරි (Missouri) ප්‍රාන්තයේ කැන්සස් (Kansas) නගරයේ සිදුවූ සමූහ වෙඩිතැබීමේ සිද්ධියෙන් පසුව
  • එක් පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයින් 22කට තුවාල සිදු කළ මේ වෙඩිතැබීම පසුගිය බදාදා සිදුවූයේ Kansas City Chiefs කණ්ඩායම අමෙරිකානු පාපන්දු සුපර් බෝල් ශූරතාව නැවත දිනා ගැනීම නිමිත්තෙන් පැවති පෙළපාළිය (Super Bowl Parade) හා රැලිය අතරතුර.
  • තුවාල ලැබූවන් අතර අවම වශයෙන් ළමයින් 8 දෙනෙක් සිටියා.
  • 2024 වසරේ තවමත් මාස දෙකක් ගෙවී ගොස් නැතත් මෙය මේ වසර තුළ අමෙරිකාවේ සිදුවූ 48 වැනි සමූහ වෙඩිතැබීම යි.
අකුරු ප්‍රමාණය (Font Size):

2026දී එරට පැවැත්වීමට නියමිත ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට සිදුවී තිබෙනවා.

එක් පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් පුද්ගලයින් 22කට තුවාල සිදු කළ මේ වෙඩිතැබීම පසුගිය බදාදා සිදුවූයේ Kansas City Chiefs කණ්ඩායම අමෙරිකානු පාපන්දු සුපර් බෝල් ශූරතාව නැවත දිනා ගැනීම නිමිත්තෙන් පැවති පෙළපාළිය (Super Bowl Parade) හා රැලිය අතරතුර. තුවාල ලැබූවන් අතර අවම වශයෙන් ළමයින් 8 දෙනෙක් සිටියා.


මිලියනයක ජනතාවක් කැන්සස් නගරය මැදට එක්රොක්ව සිටි අතර වෙඩිතැබීම සිදුවන අවස්ථාව වන විටත් ක්‍රීඩකයන් ජයග්‍රාහී රැලියේ වේදිකාව මත සිටියා.

2024 වසරේ තවමත් මාස දෙකක් ගෙවී ගොස් නැතත් මෙය මේ වසර තුළ අමෙරිකාවේ සිදුවූ 48 වැනි සමූහ වෙඩිතැබීම යි. මේ සිදුවීම හැරුනු විට, මිසරි ප්‍රාන්තයේ 2013 වසරේ සිට මේ දක්වා අවම වශයෙන් සමූහ වෙඩිතැබීම් 154ක් සිදුව තිබෙනවා.

‘උපන් දා සිට අමෙරිකාවේ ජීවත් වන ජනතාවට වෙඩිඋණ්ඩවලින් බේරෙන්න බැරි නම්, සංචාරකයෙකුට පුළුවන් වේවිද?’ යන ප්‍රශ්නාර්ථය මතුව තිබෙන්නේ 2026 ලෝක කුසලාන තරගාවලියේ ආරක්ෂාව අන්වීක්ෂයකින් පරීක්ෂා කළ යුතු තත්ත්වයකට ගෙන එමින්.

415dfkjg
“පෙළපාළි, රැලි, පාසල්, චිත්‍රපට....මේ කිසිම දෙයක ආරක්ෂාවක් නැති බව පෙනී යනවා” යනුවෙන් කැන්සස් නගරයේ පුරපති Quinton Lucas ප්‍රකාශ කළේ සිද්ධියේ සම්පූර්ණ හානිය තක්සේරු කිරීම අවසන් නොවී තිබියදී.

2026 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ අමෙරිකාව, මෙක්සිකෝව හා කැනඩාව යන රටවල. මෙතරම් විශාල ප්‍රමාණයේ ඉසව්වකදී ‘තුවක්කු අපරාධ ක්‍රියාවන්’ සාධකයක් බවට පත්නොවීම සහතික කිරීම පිණිස ජගත් පාපන්දු සම්මේලනය (FIFA) හා සත්කාරක නගර විසින් ගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද?

කැන්සස් නගරයේ ඇතිවූ බියකරු සිදුවීම නතර කිරීමට 800ක පොලිස් හා ආරක්ෂක නිලධාරීන් අපොහොසත් වුනා. ජනතාවට වඩා තුවක්කු තිබෙන රටක සිදුවන මේ අහඹු වෙඩිතැබීම්වලින් සංචාරකයන් සිටින්නේ වික්ෂිප්තව.

xdfgertui
දකුණු අප්‍රිකාවේ හා බ්‍රසීලයේ පැවති ලෝක කුසලාන තරගාවලියන් පැවැත්වීමට පෙරත් ඒ ඒ සත්කාරක රටවල් වටා තිබුනු ආරක්ෂාවේ බිය නැතිවී ගියාක් මෙන්ම 2026 තරගාවලියද කිසිම අතුරු ආන්තරවාක් නැතිව පැවැත්වේවි කියා සාධාරණව අපේක්ෂා කරන්න පුළුවනි.

එහෙත් අඳුරු සිදුවීම් හටගැනීමට තිබෙන ඉඩකඩ නොසලකා හැරීම ද මෝඩ ක්‍රියාවක්. කැන්සස් නගරයේ ඇතිවූ සිදුවීම ආරක්ෂාව පිළිබඳ ඒ අවධානය  මතුකර දී තිබෙන්‌නේ මෙවැනි අනතුරු නැවත සිදුවීමට ඉඩ තිබෙන බවට බළධාරීන්ට මතක් කර දෙමින්.

මෙක්සිකෝවේ සමහර පළාත්වල සිදුවන අපරාධ අනුපාතය එසේ තිබියදී, ලෝක කුසලාන පාපන්දු තරග පැවැත්වෙන අමෙරිකානු නගර 11න් සෑම නගරයක ම 2023 වසරේදී අවම වශයෙන් සමූහ වෙඩිතැබීම් දෙකක් වාර්තා වී තිබෙනවා.  

ලෝක කුසලාන පාපන්දු තරග 6ක් සඳහා පුද්ගලයන් 500,000ක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන ෆිලඩෙල්ෆියා නගරයේ පසුගිය වසරේදී වෙඩිතැබීම් 20ක් සිදුවී තිබෙනවා. අවසන් පූර්ව තරගයක් ද ඇතුළුව තරග 9ක් පැවැත්වීමට නියමිත ඩලස් නගරයේ වෙඩිතැබීම් 11ක් සිදුවුනා. තරග 6ක් පැවැත්වෙන කැන්සස් නගරයේ සිදුවූ වෙඩිතැබීම් ගණන 5ක්. 2024 වසර ගෙවීම ආරම්භ වී සති හතක් පමණක් ගතව තිබියදී මේ වනවිටත් මේ නගර 11න් හතක ම සමූහ වෙඩිතැබීම් සිදුවී තිබීම විශේෂ අවධානය යොමු විය යුතු කරුණක්.

මොරොක්කෝවේ ඉල්ලීමට ඉහළින් අමෙරිකාවට මේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය 2018 වසරේ පිරිනැමීමේදී FIFA විසින් ගනු ලැබුවේ මෙවැනි ලොකු අවදානමක්.

මේ වසරේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙන්නේත් අමෙරිකාවේ.

 

 

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කැන්සස් නගරයේ සමූහ වෙඩිතැබීමෙන් පසුව 2026 ලෝක කුසලානයේ ආරක්ෂාව දැඩි අවධානයට | The Leader