BREAKING
පතී සහෝදරයාගේ නොනිමි අරගලය: සැඟවුණු ඉතිහාසයක මානුෂීය මතකය●වරාය නගරයට මැදපෙරදිගින් දැවැන්ත ආයෝජන රැල්ලක්●වෙළඳ හිඟය පුළුල් වෙයි: ඉන්ධන වියදමෙන් විදේශ විනිමයට දැඩි පීඩනයක්●පනාමුරේ කතාව (13 කොටස) : මඩුවන්වෙලට අයත් වලව් | ඉන්දු පෙරේරා●උපාලි මාගෙදරගමගේ වියෝව: මහා වැවක නික්මයාම ගැන පුතුගේ මතකාවර්ජනය●විදෙස් ශ්‍රමික ආරක්ෂාවට නව ජාතික සැලැස්මක්●රනිල්ගේ ආරක්ෂකයාට අධිකරණයේදී පහරදීමක්: විපක්ෂයේ උණුසුම් කතාබහක්●ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ●
Top Ad
පුවත්

2028 රට නැවත බංකොලොත් ! - චම්පිකගෙන් අනාවැකියක්

T

The Leader Desk

February 19, 2024 • 4:54 AM

2028 රට නැවත බංකොලොත් ! - චම්පිකගෙන් අනාවැකියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අධික විදුලි බිල සහ අධික තෙල් මිල හේතුවෙන් 2028 වන විට ණය ගෙවීමේ නොහැකියාවක් ශ්‍රී ලංකා රජයට ඇති වී 2028 දී නැවත වරක් රට බංකොලොත්භාවයට පත් වනු ඇති බවට එක්සත් ජනරජ පෙරමුණේ නායකයා අනාවැකි පළ කර තිබේ.
  • එවැනි තත්ත්වයක් පවතින වටපිටාවක වුවද රාජ්‍ය ආදායම රුපියල් බිලියන දෙදහසකින් වැඩි වී ඇත්තේ ජනතාවගෙන් අය කළ බදු නිසා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
  •   පසුගිය වසර හතරේදී රජය සෑම පුරවැසියෙකුගෙන්ම රුපියල් ලක්ෂයක් බැගින් එක් කර ඇති බව ඉන් සනාථ වන බව පාඨලී චම්පික රණවක කියා සිටියේය.
  • එබැවින් විදුලි බල මණ්ඩලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකිරීමේ වගකීම මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරෙන බව එම කොමිසමේ නිලධාරින් හමුවු මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ආර්ථිකය සංකෝචනය වීම නිසා හතර දෙනකුගෙන් යුත් පවුලකට රුපියල් ලක්ෂ අටක් අහිමි වී ඇති පරිසරයක, ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බව පවසන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, එවැනි තත්ත්වයකදී විදුලිය සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ ජනතාව කෙරෙහි අවධානය යොමු කරමින් බව මහජන උපයෝගීතා කොමිසමේ නිලධාරීන් හට ප්‍රකාශ කර ඇත.

 

විදුලි බිල වැඩි වීම තුළ ශ්‍රී ලංකාවේ කර්මාන්ත බිඳ වැටෙමින් පවතින බව පවසන මන්ත්‍රීවරයා, අඩු විදුලි බිලක් සහිත තරගකාරී රටවල් වෙත ආයෝජකයෝ පිවිසිම කර්මාන්ත ක්ෂේත්‍රය බිඳවැටීමට ප්‍රධාන සාධකයක් බව පෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් පවතින වටපිටාවක වුවද රාජ්‍ය ආදායම රුපියල් බිලියන දෙදහසකින් වැඩි වී ඇත්තේ ජනතාවගෙන් අය කළ බදු නිසා බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

 

පසුගිය වසර හතරේදී රජය සෑම පුරවැසියෙකුගෙන්ම රුපියල් ලක්ෂයක් බැගින් එක් කර ඇති බව ඉන් සනාථ වන බව පාඨලී චම්පික රණවක කියා සිටියේය.

එබැවින් විදුලි බල මණ්ඩලය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකිරීමේ වගකීම මහජන උපයෝගීතා කොමිසම වෙත පැවරෙන බව එම කොමිසමේ නිලධාරින් හමුවු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මහජන උපයෝගිතා කොමිසම ජනතාවට සහන සැලසෙන පරිදි තීරණ නොගෙන සිය ගකීම ඉටු කිරීමට අසමත් වුවහොත් ජනතාවගේ කෝපය යොමු වනු ඇති බවට ද එක්සත් ජනරජ පෙරමුණේ නායකයා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අනතුරු අඟවා තිබේ.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...